දෙව්දත් ඇතුළු පිරිස මාංස බෝජ්නය තහනම් කරමින් පංචවස්තුන් කැප ලෙස පනවන මෙන් ඉල්ලුම් කල ආකාරය හා එය ප්‍රතික්ෂේප වූ ආකාරය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අපිස් බවෙහි, සන්තුට්ඨියෙහි, සල්ලේඛයෙහි, ධුතගුණයෙහි, ප්‍රසාද එළවන බවෙහි, නිවනෙහි, වීර්යාරම්භයෙහි ගුණ කියන සුළු ය. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට, සන්තුෂ්ටියට, සල්ලේඛයට, ධුතගුණයට, ප්‍රසාදයට, නිවනට, වීර්යාරම්භයට වැටෙත්’’ කවර පඤ්චවස්තුවෙක් ද යත්?
- භික්‌ඛූ යාවජීවං ආරඤ්ඤකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට පැමිණ පහස ලබන්නේ නම් වරදකි.
- භික්‌ඛූ යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදිසෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) භාරගෙන පහස ලබන්නේ නමේ වරදකි.
- භික්‌ඛූ යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු පංසුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය භාරගෙන පහස ලබන්නේ නම් වරදකි.
- භික්‌ඛූ යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළැඹේ පහස ලබන්නේ නම් වරදකි.
- භික්‌ඛූ යාවජීවං මච්ඡමංසං නඛාදෙය්‍යුං, යො මච්ඡමංසං ඛාදෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු මත්ස්‍යමාංශ (දියමස් හා ගොඩමස්) නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ කෑමෙන් පහස ලබන්නේ නම් වරදකි.
“ඇවැත්නි, ඒකාන්තයෙන් මහණ ගොයුම්හු මේ පඤ්ච වස්තූන් නො අනුදන්නා හ. ඉක්බිති අපි මේ වස්තූන් කරණ කොට ගෙන ජනයා දන්වාලමු. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොට ගෙන මහණ ගොයුම් හට සඞ්ඝභේද කරන්නට, චක්‍රභේද කරන්නට හැකි ය. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්‍යයෝ රෑක්ෂ ප්‍රසන්නයෝ වෙත් ද, එහෙයිනි.’’
ඉක්බිති දෙව්දත් සහ පිරිස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, අභිවාදනාදිය පුද කොට, එකත්පසෙක හිඳ සිය වරය ඉල්වී ය. එහි ලා භාග්‍යවත්හු : ‘‘අලං, දෙවදත්‌ත, යො ඉච්‌ඡති ආරඤ්‌ඤිකො හොතු, යො ඉච්‌ඡති ගාමන්‌තෙ විහරතු; යො ඉච්‌ඡති පිණ්‌ඩපාතිකො හොතු, යො ඉච්‌ඡති නිමන්‌තනං සාදියතු; යො ඉච්‌ඡති පංසුකූලිකො හොතු, යො ඉච්‌ඡති ගහපතිචීවරං සාදියතු. අට්‌ඨමාසෙ ඛො මයා, දෙවදත්‌ත, රැක්‌ඛමූලසෙනාසනං අනුඤ්‌ඤාතං, තිකොටිපරිසුද්‌ධං මච්‌ඡමංසං අදිට්‌ඨං අසුතං අපරිසඞ්‌කිතන්ති.’’“කම් නැත දේවදත්ත ය, යමෙක් රිසි නම් හේ ආරණ්‍යක වේවා. යමෙක් රිසි නම් හේ ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසි නම් පිණ්ඩපාතික වේවා. රිසි යමෙක් වේ නම් හේ නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පංසුකූලික වේවා. රිසි යමෙක් ගැහැවි සිවුරු ද ඉවසාවා. දේවදත්ත, මා විසින් අට මසෙක්හි ම රුක් මුල් සෙනස්න අනුදන්නා ලදි. එසේ ම, තමා පිණිස මරන ලදැ’යි නො දුටු, නො ඇසූ, සැක නො කරන ලද යන මේ (තුන් කරුණෙන්) ත්‍රිකෝටිපාරිශුද්ධ වූ මත්ස්‍යමාංශය ද අනුදන්නා ලදි’’.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පඤ්චවරය නො අනුදන්නා ලදැ’යි සතුටු සිත් ඇති දෙව්දත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට, පැදකුණු කොට එතැනින් නික්ම ගියේ ය. නික්මැ, රජගහනුවරට වැදැ, ජනයාට මෙසේ කී හ. “ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ මෙසේ පඤ්චවස්තූන් ඇයැදීමු. එහෙත්, උන්වහන්සේ මේවා නො අනුදනිති. එතෙකුදු වුවත් අපි එය සමාදන් ව වෙසෙමු’’යි කියා යි. එහි යම් මිනිස් කෙනෙක් වේ ද, ශ්‍රද්ධා නැත්තාහු, තෙරුවන කෙරෙහි නො පහන් ඇත්තාහු, එසේ ම බුද්ධි නැත්තාහු, අඥාන වූවාහු උහු මෙසේ කීහු. “මහණ ගොයුම්හුත් බහුල වූ පැවැතුම් ඇත්තෝ ය. බහුල කොට පහසු ව ම සිතන්නා හ’’යි කියා යි. තව ද සැදැහැති, ප්‍රසන්න, බුද්ධිමත්, පණ්ඩිත යම් මිනිස් කෙනෙක් වේ ද ඔවුහු දෙව්දතුන්ට අවමන් කෙරෙත්; නුගුණ කියත්. “මේ දේවදත්තයෝ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්‍රභේදයට උත්සාහ කරත්’’යි කියා යි. උවසුවන්ගේ ඒ ඝෝෂාව ඇසූ අපිස් මහණහු භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එ’කරුණින් දෙව්දත් ගෙන්වා කරුණු විමසා මෙසේ වදාළ හ.
“අලං, දෙවදත්‌ත. මා තෙ රුච්‌චි සඞ්‌ඝභෙදො. ගරුකො ඛො, දෙවදත්‌ත, සඞ්‌ඝභෙදො. යො ඛො, දෙවදත්‌ත, සමග්‌ගං සඞ්‌ඝං භින්‌දති, කප්‌පට්‌ඨිකං කිබ්‌බිසං පසවති, කප්‌පං නිරයම්‌හි පච්‌චති. යො ච ඛො, දෙවදත්‌ත, භින්‌නං සඞ්‌ඝං සමග්‌ගං කරොති, බ්‍රහ්‌මං පුඤ්‌ඤං පසවති, කප්‌පං සග්‌ගම්‌හි මොදති. අලං, දෙවදත්‌ත. මා තෙ රුච්‌චි සඞ්‌ඝභෙදො. ගරුකො ඛො, දෙවදත්‌ත, සඞ්‌ඝභෙදො’’
“දේවදත්තයෙනි, මෙසේ කිරීම නුසුදුසු ය. තොපට සඞ්ඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, සඞ්ඝභේදය බරපතල පාපකර්මයෙකි. දේවදත්තයෙනි, යමෙක් සඞ්ඝයා බිඳුවාලයි නම් හෙතෙම කල්පස්ථායී පාපයක් රැස් කරයි. කල්පයක් නිරයෙහි පැසෙයි. දේවදත්තයෙනි, යමෙක් වනාහි භින්න වූ සඞ්ඝයා සමගි කරවන්නේ ද, හේ මහත් වූ පින් රුස් කෙරෙයි. කල්පයක් ස්වර්ගයෙහි සතුටු වෙයි. දේවදත්තයෙනි, එහෙයින් මෙය නුසුදුසු ය. තොපට සඞ්ඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, මේ සඞ්ඝභේදය වනාහි ඒකාන්තයෙන් බරපතල පාපයෙකි.’’
එකල අනඳ තෙරණුවෝ රජගහනුවර පිඬුසිඟා වඩිති. දෙව්දත් තෙර, පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දුටුයේ ය. දැක, එළැඹ මෙසේ කීයේ ය. “අජ්‌ජතග්‌ගෙදානාහං, ආවුසො ආනන්‌ද, අඤ්‌ඤත්‍රෙව භගවතා, අඤ්‌ඤත්‍රෙව භික්‌ඛුසඞ්‌ඝා, උපොසථං කරිස්‌සාමි සඞ්‌ඝකම්‌මං කරිස්‌සාමී’’ : “ඇවැත් ආනන්දයෙනි, අදින් පසු මම භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්ෂු සඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ කරන්නෙමි; සඞ්ඝකර්ම කරන්නෙමි’’යි කියා යි. පසු ව අනඳ තෙරැන් ඒ බව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, එ’පවත් දන්වා “භන්‌තෙ, දෙවදත්‌තො සඞ්‌ඝං භින්‌දිස්‌සතී’’ : “වහන්ස, දෙව්දත් තෙරණුවෝ අද සඞ්ඝයා භේද කරන්නාහ’’යි සැල කළා හ. එ’පවත් අසා භාග්‍යවත්හු “සුකරං සාධුනා සාධුං, සාධුං පාපෙන දුක්‌කරං; පාපං පාපෙන සුකරං, පාපමරියෙහි දුක්‌කරන්ති’’ : “හොඳ දේ වනාහි සත්පුරුෂයාට පහසුවෙන් කළ හැක්කකි. අසත්පුරුෂයාට හොඳ දේ කරනු ලෙහෙසි නො වේ. පවිටුන්ට පාපය ලෙහෙසින් කළ හැක්ක. ආර්යයන් හට පාපය කළ නො හැක්කේ ය’යි වදාළ හ.
No comments:
Post a Comment