Tuesday, February 16, 2016

සතුනට මෛත්‍රී කරනවායි සිතා ජීවය නැති මස් කැබැල්ලකට මෛත්‍රී කරන මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා


මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුපවේදනාසංඥාසංකාරවිඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝතේජෝවායෝපඨවිඅවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයිඑම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 
එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූසතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැතදෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූසුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවකි. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම සිත තුල මෛත්‍රිය වැඩිය යුත්තේද තම කය ඇසුරුකොට ගත් නැවත නැවත සසර ගමන සැදීමට දායකවන සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. සතර මහා ධාතු වලට නොවේ.  

මස් කැබැල්ලටකරවලඋම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල නොකරයි. අතේ වහන  මදුරුවා සතෙක් බව නොසිතා ඌ කිසිඳු අනුකම්පාවකින් තොරව මරා දමන බෞද්ධයා මස් කැබැල්ලකට මෛත්‍රී කරයි. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්කුබියෙක් හෝ මරණයට පත්කිරීමට නොහැකියි. එයයි කල යුතු. නැතිව ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලකට එනම් සතර මහා ධාතුවකට තම සිත තුල වැඩවිය යුතු මෛත්‍රිය පැතිරවීමට උත්සාහ දැරීම නොවේ. පැතිරවිය හැක්කේ කරුනාවයි, දයාවයි, ආදරයයි,  මුදිතාවයි.
------------------------------------------------------------------
මස් කැබැල්ලකට මෛත්‍රී කිරීමට තරම් අද ලාංකේය බෞද්ධයා බංකොලොත් වී හමාරය... ලොව ඉපදුන ඕනෑම සත්වයෙක් මරණයට පත්වේ. එය සිදුවන්නේ කර්මානුරූපීවයි. එක්කෝ ස්වාභාවිකව මරණයට පත්වේ. නැතිනම් පෙර කර්මයකට අනුව තෙවෙකෙක් විසින් මරනු ලබයි. කර්ම ඵල විශ්වාස කරන බෞද්ධයා එය දනී. පවත්ත මාන්සයේ සතෙකු නොදකී. කර්ම ඵල විශ්වාස නොකරන්නේ නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ඨියට වැටේ. කිසිඳු ආකාරයකින් නිවන් මගට නොපැමිණේ. බෞද්ධයා කිසිඳු විටෙක සතුන් නොමරයි. නමුත් සතෙකු මැරෙන්නේ කර්මානුරූපීව බව හොඳින් දනී."චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි - කර්මය නම් චේතනාවමයි" බුද්ධ වචනය නිරතරයෙන්ම සිත තුල රඳවා ගනී. තමාගේ චේතනාවකින් තොරව කවුරුන් හෝ විසින් මරණ ලද සතෙකුගේ පවත්ත මාංසය අනුභව කිරීමෙන් කිසිඳු පාපයක් නොවන බව දනී. ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලේ ඇත්තේ ආපෝ තේජෝ වායෝ, පඨවි එනම් ඝන, ද්‍රව, උෂ්ණ හා වායු ස්වාභාවයක් පමණක්ම බව දනී. අල ගෙඩියකත් ඇත්තේ එම මූල ධාතුම බව දනී.  තවද නිර්මල බෞද්ධයා පවින් මුළුමුනින්ම වැළකෙන අතර පිනෙහි අන්තගාමීව නොඇලේ. මේ දෙකම නිවනට බාදාවක් බව දනී. සිත යෝනිසෝමනසිකාරයේ පවත්වා ගනිමින් කුසල් වඩයි. එනම් සිතට එන සෑම සිතුවිල්ලක් දෙසම අවධානය යොමු කරමින්ම සිටී. අකුසල් සිත් බැහැර කරයි. කුසල් සිත් වඩයි. 
------------------------------------------------------------------
                


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


No comments:

Post a Comment