Friday, April 22, 2016

පරිස්සම් වන්න...සත්ව අවිහිංසනය නමින් මුදල් තන්හාවෙන් බෞදධයා දුර්වල කරන NGO නඩයක් බුකිය වනසයි...

මේ වනවිට ශ්‍රී ලාංකේය  බෞද්ධයා සෑම අයුරකින්ම විනාශ මුඛය කරා ගෙනයමින් තිබේ. මෙහි මූලික පියවරක් වන්නේ NGO හරහා බෞද්ධයා විවිධ ආකාරයෙන් දුර්වල කිරීමයි. 

බුදුරජානන් වහන්සේටත් වඩා බෞද්ධයන් NGO නඩයක්වූ සත්ව අවිහිංසනය ඉදිරියට දමමින් ශ්‍රී ලාංකේය බෞද්ධයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක නිරත වී සිටී. මේ ලිපිය ලියවෙන්නේ මේ භයානක් උවදුරෙන් බෞද්ධයා බේරා ගැනීම සඳහායි. 

මස් මාළු පරිභෝජනයෙන් බෞද්ධයා මුළුමුනින් ඈත් කොට ශරීරයට යකඩ ලැබෙන මූලිකම ක්‍රමය නැති කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුනයි. ශරීරයට නිවැරදි යකඩ ප්‍රමාණය නොමැති වීම සියලුම රෝග ඇතිවීමට හේතුවයි. යකඩ නොමැති වූ විට රුධිරයේ හිමොග්ලොබින් නැතිවේ. ශරීරයේ සියලුම සෛල වෙත ඔක්සිජන් ගෙනයන්නේ හිමොග්ලොබින් වේ. හිමොග්ලොබින් අඩුවීමෙන් ලිංගික බෙලහීනතාවය අවුරුදු 35න් පසු ඇතිවීම නොවැලැක්විය හැකිය. මස්මාං මාළු පරිභෝජනය වැලක්වීමෙන් අවුරුදු 35න් පසු සිංහල බෞද්ධයාට දරුවන් හැදීමට නොහැකි වනවා පමණක් නොව යම්කිසි අයුරකින් දරුවන් සෑදුවද ඔවුන් දුර්වලයන් වේ. දරුවන්ට ළමයින් නොලැබේ . බෞද්ධ ජන අනුපාතය අඩු කිරීම මෙම NGO නඩයේ මූලික අරමුනයි. 


තවද යකඩ බාහිරව අඩංගු  අනුපූරක (Supplement) බෙහෙත් ආනයනය කරන වෛද්‍යවරු නඩයක් ද බෞද්ධයා දුර්වල කිරීමට NGO මුදල් ලබන වෛද්‍යවරු නාඩයට අමතරව මේ පිටුපසින් සිටීම කනගාටුවට කාරණයකි. 
බුදුරජානන් වහන්සේගේ නිවැරදි ඉගැන්වීම ප්‍රඥාවෙන් අවබෝද කර නොගත් භික්ෂුන් වහ්සේ පිරිසක් ද නොමග යවමින් මොවුන් මෙම ජාවාරම දිගටම කරගෙන යනු ලබයි. 



මෙම NGO නඩය මාංස පරිභෝජනයෙන් පිළිකා හැදෙන බව කියමින් පට්ටපල් කෙබර රසකර ඇදබාමින් සිටී. ඒ සඳහා චීනයේ බෞද්ධයා දුර්වල කිරීම සඳහා ඇමෙරිකානුවන් විසින් කරන ලද බොරු පර්යේෂණ වාර්තාවක් (The China Study) යොදා ගනිමින් සිටී. (මාංස පරිභෝජනයේ අත්‍යාවශ්‍යතාවය පිළිබඳව ඇමෙරිකානුවන් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු රජය මගින්ක රන ලද පර්යේෂණ පසුව උපුටා දක්වේ). දිගු කාලීනව චීනය දුර්වල කිරීමේ මහාචාර්ය කොලින් කැම්බෙල්ගේ භූමිකාව මීළඟ ලිපි වලින් දිගහරිමු.  

සත්ව අවිහිංසාව පිලිබඳ බුදුරජානන් වහන්සේ තරම් කරුණු දැක්වූ ශාස්තෘවරයෙකු මිහිපිට නැත. නමුත් උන්වහන්සේ සත්ව අවිහිංසාව මාංස පරිභෝජනයෙන් මනාව වෙනකොට දැක්වීය. ප්‍රාණඝාතය අකුසලය වීමට කරුණු 5 සම්පූර්ණ වියයුත් බව බුදුරජානන් වහන්සේ නිවැරදිව වදාළහ.


"පාණෝ හවේ පාන සංඥි
වධක චිත්ත මුපක්කමෝ 
තේන ජීවිත නාසෝච
අංගා පංච වදස්සිමේ" 



  1. පණ ඇති සතෙකු වීම
  2. පණ ඇති සතෙකු  බව දැනීම
  3. වද දී මරන සිත
  4. මරන්නට උපායක් සැකසීම
  5. එසේ මරණයට පත් කිරීම 
මාංස භක්ෂණය නුසුදුසු නම් මෙම පියවර හයක් ලෙස දක්වා "න මත්ස්‍ය මාංස පරිභුන්ජන්ති" යනුවෙන් තවත් 6 වෙනි කරුණක් එක් කිරීමට බුදුන්වහසේට හැකියාව තිබුණි. එසේ නොකළේ ලොව පහළවන ඕනෑම සත්වයෙකුගේ මරණය කර්මානුරූපීව සිදුවන බව උන්වහන්සේ පැහැදිලිව දක්නා නිසාවෙනි. 

මිනිසුන් මාංස පරිභෝජනය කරන නිසා සතුන් මැරෙනවායයි මතයක් සනාත කිරීමට මෙම NGO නඩය උත්සාහා කරයි. මෙය ඕනෑම කුඩා දරුවෙකුට වුවද වැටහෙන පුහු තර්කයකි. ඊට හේතුව ලොව ඉපදෙන ඕනෑම සතෙකු මරණයට පත්වේ. පෙර භවයක කරන ලද කර්මයට අනුව මරණයට හෝ හිංසනයට පත්වේ. සතෙකු කෙරෙහි කර්මය පලදීම කිසිවෙකුටත් නතරකල නොහැකිය. ඔබට කල හැක්කේ ප්‍රාණඝාතයට හෝ සත්ව හිංසනයට චේතනාවකින් හෝ සම්බන්ද නොවී සිටීමයි.    

වෙන අයෙකු මරණ ලද සතෙකුගේ මස් කැබැල්ලක් තුල සතෙකු දකින්නෙක් බෞද්ධයෙක් නොවේ. ඔහු පරමත්ත සත්‍යයෙන් බැහැරවුවෙකි.  මිත්‍යා දෘෂ්ටිකයෙකි. පරමත්ත සත්‍ය අනුව ප්‍රාණය නිරුද්ධ වූ විට එම මස් තුල ඇත්තේ 'ආපෝ' 'තේජෝ' 'වායෝ' 'පඨවි'(ඝන,ද්‍රව,වායු හා උෂ්ණත්වය) යන මූලධාතු පමණක් බව ඕනෑම අල්ප දහම් දැනුමක් ඇති බෞද්ධයෙකු උවද දනී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිලිබඳ විස්තර කිරීමේදී "අද්ධිට්ටන්" ලෙස දෘෂ්ටිය නිවැරදි කර ගත යුතු යැයි දේශනා කලේ මෙම ධර්ම කරුණයි. 

ප්‍රාණඝාතය කලේ තමා නොවේ නම් හා ඊට තමාගේ චේතනාව බල නොපවත්වුයේ නම් තමා සත්ව හිංසනයට සහභාගි වී නොමැත. 

නිර්මාන්සය වෘතයකි. වෘත සමාදන්වීම බුදුරජානන් වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කොට තිබේ.  

NGO නාඩයේ ඉන්නා ඊනියා වෛද්‍යවරයා මහාචාර්ය කොලින් කැම්ප්බෙල් ගේ Chaina Study නම් පර්යේෂණයක් උජාරුවට විස්තර කරයි. Chaina Study ග්‍රන්ථයේ එන කොලොස්ටරෝල් 0 ට වඩා වැඩිවන විට සෞඛ්‍යට අහිතරකර බව ( "eating foods that contain any cholesterol above 0 mg is unhealthy") ප්‍රකාශ කර ඇත. නමුත් ඇමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි වන www.health.gov හා www.fda.gov ආයතන පවසන්නේ දෛනික කොලොස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300කට අඩුවෙන් පවත්වාගතයුතු බවයි. විකි පීඩියාවේද මෙය පැහැදිලිව විස්තර කර ඇත. Chaina Study ග්‍රන්ථය චීන ජාතික බෞද්ධයන් විනාශ කිරීමට කරන ලද පට්ටපල් බොරු පර්යේෂණ ග්‍රන්ථයක් බව පැහැදිලි කිරීමට මෙම නිදර්ශනයම ප්‍රමාණවත්ය. ඇමෙරිකානුවන් මෙම China Study ව්‍යාජ පර්යේෂනය සඳහා මුදල් යොදවන්නේ ඔවුනට තර්ජනයක් වූ චීනය දිගු කාලීනව විනාශ කිරීමටය. 

පුරුෂයෙකුට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය මිලිග්‍රෑම් 8 කි. කාන්තාවකට මිලිග්‍රෑම් 16 කි. මෙම අවශ්‍ය යකඩ ප්‍රමාණය ගැනීමට මස් මාළු නොකන ශ්‍රී ලංකේය බෞද්ධයාට ක්‍රමයක් නැත. නිවිති කන්නේ නම් දිනකට නිවිති කිලෝවක් හරකෙකු මෙන් කෑ යුතුය. යකඩ නොමැති වූ විට හැදෙන ලේ පිළිකාව දක්වා වූ දහසක් රෝග අතුරින් අනීමියාව හෙවත් රක්ත හීනතාව නිසා හැදෙන Psoriatic Arthritis රෝගය ඇති භයානකය. මේ හිඟන NGO රැලට මේවට පිළිතුරු නැත. අද ලංකාවේ බහුල මෙම රෝගයේ භයානක කම පහත පින්තුර දැකීමෙන් පැහැදිලිවේ.





  


ශ්‍රී ලංකේය බෞද්ධයින් මේ උවදුර පැහැදිලිව වටහාගත යුතුය. බුදුරජානන් වහන්සේටත් වඩා බෞද්ධවූ අමන NGO රැලෙන් පරෙස්සම් විය යුතුය.