Wednesday, February 17, 2016

නිර්මාංස වීම නිසා රෝගීව දුක්විඳින, ලිංගිකව බෙලහීන වීමෙන් දරුවන් නොහදන, හදන දරුවන් ද රෝගීන් කරවන හා අකාලයේ මියයන, විහින් වැනසෙන ශ්‍රී ලංකාවේ අසරණ බෞද්ධයෝ


“නිතර හැදෙන උන සෙම්ප්‍රතික්ශ්‍යාව හා අලස කමේ සිට දරුණු ලේ පිළිකාව දක්වා වූ රෝග රාශියකින් ශ්‍රී ලාංකේය බෞද්ධයා පීඩා විඳී. ඒ වැරදි ආහාර ගැනීමේ ක්‍රම වේදය නිසයි. නිර්මල බුදු දහම වැරදියට වටහා ගැනීම නිසයි. හින්දු කරණය වූ “බුද්ධ ආගම” ඇදහීම නිසයි. මස් මාංස නිවැරදි වර්ග වලින් හා නිවැරදි ප්‍රමාන වලින් අනුභව නොකිරීම නිසයි. මෙම ලිපිය ලියවෙන්නේ ත්‍රිපිටකය ඇසුරිනි. විද්‍යාත්මකව මාංස පරිභෝජනය කල යුතු ආකාරයත් එයින් සියලුම ලෙඩරෝග වලින් ගැලවීමේ මාර්ඝයත් මෙහි සරලව විස්තර කෙරේ. මෙම ලිපිය කියවන බෞද්ධයා තම ආහාර ප්‍රතිපත්තිය නිවැරදි ධර්මාවභෝදයෙන් යුතුව සකස්කර ගෙන නිරෝගී වනවා නියතයි” 
නිර්මාංස වීම වෘතයකි. බුදුරජානන් වහන්සේගෙන් දෙව්දත් වරෙක ඉල්ලා සිටියේ භික්ෂුන් වහන්සේ නිර්මාංස විය යුතු බවට නීතියකි. එය එකහෙලා බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලදී.බෞද්ධයාගේ මූලික අභිප්‍රාය පළමු නිර්වාණය ලැබීම හෙවත් සෝතාපන්න වීමයි. වෘත සමාදන්වීම සෝතාපන්න වීම කෙසේ වෙතත් සෝතාපන්න මාර්ගයට එළඹීමට පවා බදාවකි. එය සීලබ්බත පරාමාසයට අයත්වේ. ත්‍රිපිටකයේ කිසිඳු තැනක මාංස භක්ෂණය තහනම් කොට නැත. ඊට හේතුව නිරෝගී කම පිලිබඳවත් මස් මාංස ආහාර කොට නොගැනීමෙන් ඇතිවන ඵල විපාක පිළිබඳවත් උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් දැන සිටි නියාවෙනි. සංඝයා වහන්සේ වැළඳිය යුතු නවපනීත භෝජන අතරට දියමස් හා ගොඩ මස් ඇතුලත් කරණ ලද්දේ මිනිස් කය නිරෝගීව පවත්වා ගනීමට මස් මාංස අත්‍යාවශ්‍ය නිසාවෙනි. මාංස භක්ෂණය නුසුදුසු නම් සතුන් දස දෙනෙකුගේ මාංස පමණක් මස් පිණිස ආහාරයට නොගන්නා ලෙස නීතියක් බුදුරජානන් වහන්සේ විසින් පනවන්නේ නැත.  
මාංසභක්ෂණයත් ප්‍රාණඝාතයත් වත්මන් බෞද්ධයා පටලවාගෙන සිටී. ප්‍රාණඝාත කර්ම පථයේ අංග පහට මාංස භක්ෂණය අයත් නොවේ. 
  1. වෙළඳ පොලේ විකිණීමට ඇති මස්, 
  2. සතෙකු විසින් මරාදමා ඉතිරිකොට ඇති මස් හා 
  3. ස්වාභාවිකව මරණයට පත්වූ සතෙකුගේ මස් 

"පවත්ත මාංස" ලෙස දක්වා ඒවා ආහාරයට ගැනීම වරදක් නොවන බව බුදු රජානන් වහන්සේ පැහැදිලිව සීහ සේනාපති සුත්‍රයේ විස්තර කොට ඇත. ඔබගේ චේතනාවකින් තොරව එම සතුන් ඝාතනය වී ඇති නිසා ඒවා ආහාරයෙන් කිසිඳු පාපයක් සිදු නොවේ. ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලක ඇත්තේ සතර මහා භූත පමණි. නිවැරදි ත්‍රිකෝටි පාරිශුද්ධි මාන්සය් කුමක්දැයි කියවන්න.

මිනිස් ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික පෝෂ්‍ය පදාර්ථ තුන නම් පිෂ්ඨ, මේධ හා ප්‍රෝටීනයි. සත්ව ප්‍රෝටීන නොමැති වූ විට මිනිස් ශරීරය රෝගී වීමෙන් පමණක් අවසන් නොවේ. වෛද්‍යවරුන්ට පවා හඳුනා ගත නොහැකි ව්‍යාධීන් ඇති කරයි. ව්‍යාධිය (Syndrome) නම් හඳුනාගත නොහැකි සංකීර්ණ රෝගයි. එක රෝගයකට බෙහෙත් දෙන විට තව රෝගයක් වැඩිවේ. එම රෝගයට බෙහෙත් දෙනවිට තව රෝග කිහිපයක් ඇතිවේ. අවසානයේ වේලකට බෙහෙත් පෙති 10ක් 12හක් නොගන්නා බෞද්ධයෙක් නොමැති තත්වයට පත්ව තිබේ. මීට හේතුව සත්ව ප්‍රෝටීන ඌනතාවය බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් වත්මන් බෞද්ධයාට නැතිවන තරමට දේව විශ්වාස මගින් අදේවවාදී නිර්මල බුදු දහම "හින්දු කරණය" කර ඇත. අද බෞද්ධයින් පන්සල් යන්නේ කෙටි වෙලාවකට හෝ රාග ද්වේශ මෝහයෙන් ඈත්ව සිටීමට නොව පන්සල තුල ඇති කෝවිලට ගොස් දෙවියන් යැදීමටය.

මාංසය ත්‍රිකෝටි පාරිශුද්ධ නම් එය අහාරකොට ගැනීම වරදක් නොවන බව බුදු රජාණන් වහන්සේ පැහැදිලිවම දක්වා ඇත. මෙහිදී අද්ධිටං යනු දෘෂ්ටිය නිවැරදි කර ගැනීමයි. සතෙකු මියගිය පසු එහි ප්‍රානයක් නැත. විඥානය නිරුද්ධ වී ඇත. එවිට මස් තුල ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි යන මූල ධාතු හතර පමණි. අල ගෙඩියක ඇත්තේත් එම මූලධාතු හතරම පමණි. එබැවින් මස් නොකන්නේ නම් අලද කෑ නොයුතුය. 
අද ගැටලුව වී ඇත්තේ නිර්මල බුදුදහම "හින්දුකරණය" වීම තුල මස් මාළු අනුභවය පිලිබඳ ව බෞද්ධයින් වැරදි දෘෂ්ඨියකින් කටයුතු කරමින් මස් හා මාළු කෑම අත්හැර දැමීමයි. බෞද්ධයින් විනානාශ කරන මාෆියාවකට නොදැනීම හසුවී තිබීමයි. නිර්මාංසවීම නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රෝටීන් හා හිමොග්ලොබින් හීනවීම නිසා බෞද්ධයින් රෝගීන් බවට පත් වීමයි. අඩු ශක්තියකින් හා ජවයකින් යුත් ජාතියක් බවට පත් වීමයි.  බුද්ධිය වර්ධනය නොවීමත් මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් නිසා මෝඩයින් රැලක් බවට පත්වීමයි. දරුවන් දුර්වලවීමත්, වර්ගයා බෝ කිරීම අඩාල වීමත් සිදුවී තිබේ. ලිංගික බෙලහීනතාවය නිසා වයස අවුරුදු තිස් පහ පසුවීමෙන් පසුව දරුවන් නොලබන අතර විවාහ ජීවිතද අවුල්කර ගනී.
සත්ව ප්‍රෝටීන ශරීරයට නොමැති වූ විට සංකීර්ණ රෝග සිය ගණනකට මුල පෑදේ. ඒ පිළිබඳව නිවැරදිව දැන ගතහොත් මේ මොහොතේ සිටම දෙවියන් ගැන විශ්වාස කරන ලද "හින්දුකරණය වූ බුද්ධ ආගමෙන්" ඉවත්ව වනු ඇත. නිර්මල බුදු දහමට පිවිසෙනු ඇත. ඕනෑම "පවත්ත මාංසයක්" ආහාරකොට ගන්නවාට සැකයක් නැත.
ජෛව ප්‍රෝටීන නවය - Nine Essential Protein 
ශරීරය තුල ස්වාභාවිකව ප්‍රෝටීන නිපදවිය නොහැකි පිටතින්ම ගත යුතු ප්‍රෝටීන් වර්ග නවයකි . ඒවා අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් (Essential Protein) ලෙස හැදින්වේ. ඒවා හිඟ වූ විට වැළඳෙන රෝග ගැන සැලකිල්ලක් නොදක්වන්නේ මිත්‍යා දෘෂ්ඨික නුගත් බෞද්ධයන් පමණි. ට්‍රිප්ටෝෆෑන් (Tryptophan), ත්‍රියෝනීන්(Thrionine), ඓසොලේයුසින් (Iso Leucine), ලේයුසින් (Leusine), ලය්සින්(Lycine), මෙතියෝනීන් (Methionene), ෆිනයිල්අලනීන්(Phenayil Alanine), හිස්ටිඩීන්(Histidine), වැලීන් (Valine) යනු මෙම ප්‍රෝටීන නවයයි. 

මෙම ප්‍රෝටීන නවයම නියමාකාරයෙන් එක ආහාරයකින් ලබා ගත හැක්කේ සත්ව ආහාර වලින් පමණි. එයිනුත් ප්‍රධාන ගව මස් හා පීකුදුය. ශාක  වල  ඇත්තේ මින් එකක් හෝ දෙකක් පමණි. සමහර ප්‍රෝටීන ඇති එළවලු සොයාගැනීම පවා අපහසුය. නිසි විද්‍යාත්මක පර්යේෂණ කර මෙම ප්‍රෝටීන නවයම ලැබෙන ලෙස සකස් කරන ලද නිර්මාන්ස වට්ටෝරු ලංකාවේ නම් කිසිවෙක් මෙතෙක් ඉදිරිපත් කර නැත.  අපි හිතමු එම අත්‍යාවශ්‍ය ප්‍රෝටීන නවයම නිසි ලෙස දෛනික ආහාර වට්ටෝරුවක් සකස් කර ගත්තා  කියල. නමුත් මේ කිසිඳු ශාක ප්‍රෝටීනයක හීම් අයන් (Heme Iron)  නොමැතිය.  එබැවින් ශාක ආහාර පමණක් ගන්නෙකුට රක්ත හීනතාවය ඇතිවීම නවතාලිය නොහැකිය. ලංකාවේ දරුවන්ගෙන් 90%ක්ද ගැබිණි මව්වරුන්ගෙන් 30%  රක්ත හීන තාවයෙන් පෙළෙන්නේ මේ නිසාය. 

මස් මාළු ප්‍රතික්ෂේප කරන මිත්‍යාදෘෂ්ඨික වෛද්‍ය වරුන් කියන්නේ යකඩ පෙති ගන්නා ලෙසයි. ෆෝලික් ඇසිඩ් බාහිරෙන් ගන්නා ලෙසයි. පිටින් දිගින් දිගට යකඩ පෙති හා ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ශරීරය තුල ආහාරයෙන් යකඩ උරාගැනීමේ ස්වාභාවික ක්‍රියාවලිය හා විටමින් B9 විටමින් ස්වාභාවිකව නිපදවීමේ ක්‍රියාවලිය නවතී. එවිට යකඩ උරාගැනීම සඳහා හා B9 නිපදවීම සඳහා ශ්‍රාවය වන අනෙකුත් හෝමෝන එන්සයිම ශරීරය තුල නොමැතිවේ. එම හෝමෝන හා එන්සයිම වලින් කෙරෙන අතුරු කාර්යන් සියල්ල නතරවේ. එවිට ඇතිවන්නේ රෝග නොව වෛද්‍යවරුන්ටත් සොයා ගත නොහැකි ව්‍යාධීන් වේ. එවාට බෙහෙත් නැත. එකකට බෙහෙත් දුන් විට තවෙකක් ලෙඩක් ඇතිවේ. අවසානයේ අකාලයේ මරණයට පත්වේ.  


ජෛව ප්‍රෝටීන නවය නොමැති විට හැදෙන රෝග 
මෙම ප්‍රෝටීන්  නියම ප්‍රමාන වලින් නොලැබීම සියලු රෝග වලට මූලයයි. එම රෝග මූල පහත දැක්වේ.  
  1. ලේවල සීනි නියාමනය (Blood Sugar Regulation) 
  2. පේශි වර්ධනය හා පටක වර්ධනය ප්‍රතිනිර්මාණය දුර්වල වීම ( Growth and Repair of muscles and tissues)
  3. හිමොග්ලොබින් වර්ධනය නිසි අයුරින් සිදු නොවීම නිසා රක්තහීනතාවය ඇතිවීමෙන් කම්මැලිවීම හා උනන්දුව නැතිවීම, මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම සෙම්ප්‍රතික්ශාව හතිය හා උන වැනි රෝගවලට නිතර ගොදුරු වීම, අතපය හිරිවැටීම ඇතිවීම.
  4. හර්දය වස්තුවේ රුධිරනාල වල මේදය තැන්පත් වීම ඉක්මන් වීම (Development of Fat in Arteries)
  5. හෝමෝන නිෂ්පාදනය අඩාල වීම 
  6. තුවාල හොඳ වීම දුර්වල වීම
  7. ශරීරයේ ශක්තිය නිසිලෙස නියාමනය නොවීම හෙවත් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීම (Heaty body) නිසා දරුවන් නොලැබී, යාම කය ශක්තිය නොමැතිවීම. 
  8. ඇන්ටි ඔක්සිඩන්ට් ලෙස ක්‍රියාමක  (Act as an Antioxidant)  වීම සිදුනොවීම 
  9. පටක අලුත්වැඩියාව දුර්වලවීම
  10. ආහාර විෂ වීම වලක්වන හිස්ටැමීන් වර්ධනය සිදු නොවීම නිසා බොහෝ ආහාරවලට අසාත්මික (Allergy) වීම. 
  11. මාංශ පේශිවල පටක වර්ධනය හා අලුත්වැඩියාව දුර්වල වීම
  12. මානසික ආතතිය හා සාංකාව ඇතිවීම
  13. අධික කොලොස්ටරෝල් ඇති අයට හෘද ආබාදය ඇතිවීම වලක්වන නයසීන් (Niacin) වර්ධනය අදාළ වීම.
  14. හන්දිපත් රුදාව, වළලුකර ඉදිමීම හා දනිස් වල වේදනාව ප්‍රෝටීන හා හිමොග්ලොබින් ඌනතාවයේ තවත් ලක්ෂයන් වේ. 
ශාක ප්‍රෝටීන හා සත්ව ප්‍රෝටීන  අතර වෙනස 
සත්ව ප්‍රෝටීන අනවශ්‍ය බවත් ශාක ප්‍රෝටීන වලින් ජීවත්විය හැකි බව විද්‍යාව නොදන්නා මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයා විවිධ මත පල කරයි. නමුත් ශාක ප්‍රෝටීන් මගින් ශරීරයට හිමොග්ලොබින් සැදීමට අවශ්‍ය යකඩ (Fe) නොලැබේ. ලැබුනද ඒ ඉතා අල්ප වශයෙනි. නිවිති කන්නේ නම් නිවිති කිලෝවක් දෛනිකව කෑ යුතුය. බහුලව ලැබෙනුයේ මැග්නීසියම් වේ. මැග්නීසියම් හිමොග්ලොබින් සෑදීමට කිසිඳු දායකත්වයක් නොදක්වයි. හිමොග්ලොබින් නිෂ්පාදනය සඳහා දිනකට යකඩ මිලිග්‍රෑම් 8ක් පිරිමියෙකුටත් 18ක් කාන්තාවකටත් ශරීරයට අවශ්‍ය වේ. එම යකඩ ප්‍රමාණය ශරීරයට ලබාගැනීම සඳහා මස්, මාළු හා බිත්තර අනුභව කල යුතුම වෙයි. 
ශාක ප්‍රෝටීන වල Mg ඇති ආකාරය



සත්ව ප්‍රෝටීන වල Fe ඇති ආකාරය



බුදු දහමේ ආහාර සංකල්පය නිවැරදිව නොදත් බෞද්ධයා වෘත සමාදන් වීම  
නිර්මාංස වෘතය හැරුන කොට තවත් විවිධ වෘත නිර්මාණය කර ගැනීමට අශ්රුතවත් බෞද්ධයා දක්ෂ වී තිබේ. මාළු නොකෑවට උම්බලකඩ හා හාල්මැස්සන් ටිකක් කන බෞද්ධයෝ සිටී. මස් නොකෑවට මාළු පමණක් කන බෞද්ධයෝ සිටී. අනෙකුත් මස් නොකෑවට කුකුල් මස් පමණක් කන පිරිසක් ද සිටී. හරක් මස් නොකා එළු මස් කන පිරිසක් ද සිටී. මේ කිසිඳු වෘතයකට නිවැරදි පදනමක් නැත. අවිහිංසාව නිසා මාංස නොකන්නේ නම් උම්බලකඩ ටිකක් වත් නොකෑ යුතුය. එළවලු වගා කරන විට කෘමි නාශක ගසා ප්‍රාණ  ඝාතනය කරන බැවින් එළවළුද නොකෑ යුතුය. හරි හැටි පදනමක් කියා ගත නොහැකි වූ කල්හිදී ගවමස් අප්‍රිය බව කියති. 
ගවයා මරන්නේ වද දීමෙන් බැවින් කියන බෞද්ධයා එළුවා මරණ ආකාරය නොදනී. ගව මස් තරම් ගුණයක් නැති එළු මස් වැඩිපුර මුදලක් දී කයි. ගවයා මරණ විට උගේ ඇඟේ ලේ විෂ වන බව කියන බෞද්ධයා එලුවා හා කුකුලා මරණ විට ඌට දැනෙන  හැඟීම් ගැන නොතකයි. නමුත් මේ සියල්ලන්ටම ඉහලින් සියලු සත්වයා මිය යන බවත් එය ස්වාභාවිකව හෝ කර්මානුරුපීව සිදුවන බවත් බුදුන්වහන්සේ ධර්මය මගින් දේශනා කර ඇත. උන්වහන්සේ එවැනි ප්‍රාණ ඝාතයන්ට හවුල් නොවන ලෙස පැහැදිලිව දේශනා කර ඇත. 

ත්‍රිකෝටි පාරිශුද්ධිය කෙටියෙන් 
තවද අද්ධිට්ටං, අස්සුතං, අපරිසංකිතං යනුවෙන් ත්‍රිකෝටි පාරිශුද්ධිය දේශනා කලේ මේ ගැටලුව නිරාකරණය කරගැනීමටයි. මස් කෑම පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි නම් අද්ධිට්ටං ලෙසද, තමා වෙනුවෙන් එම සතා මරා ඇති බව නොඅසා ඇති නම් අස්සුතං හා පූර්ණ වශයෙන් ම රාගයෙන් ද්වේශයෙන්  මෝහයෙන් තොරව එනම් චේතනාව පිරිසිදුව එම මාංස ආහාර කොට ගනී නම් අපරිසංකිතං ලෙසද අනුදැන ප්‍රකාශ කොට ඇත.
පිළිකා හැදෙන්නේ රතු මස් වලින් නොවේ.. සකසන ලද මස් වලිනි 
අධික ලෙස ගුණදායී රතු මාංස (Red Meat) වන ගව මස් හා බලමාලු කුලයට අයත් මාංස වලින් පිළිකා හැදෙන බවත් තව තවත් රෝග ඇතිවන බවත් මිත්‍යා මත පතුරවමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සනාථ කරන බෞද්ධ ලෙස පෙනී සිටින අබෞද්ධයින් සමාජයේ කොතෙකුත් ඇත. මස් මාංස නොව ඕනෑම ආහාරයක් අනවශ්‍ය ප්‍රමාන වලින් ගැනීමෙන් ලෙඩ රෝග ඇතිවන බව නොරහසකකි. ආහාරයේ මතඤ්ඤතාව රැක ගත යුතු බව බුදු රජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි. සැකසුම් කරන ලද මාංස එනම් (Processed Red Meat) වැඩිපුර ආහාරය ගැනීමෙන් පිළිකා හැදෙන සම්භාවිතාවය 18% ක් බව ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (US Department of Health) පර්යේෂණ වලින් සොයාගෙන ඇත. නමුත් ස්වාභාවිකව රතු  මාංස පමණට ආහාරයට ගැනීමෙන් පිළිකා හැදෙන බවක් ලොව කොහෙත් සොයාගෙන නැත.
දිනකට අත්‍යාවශ්‍ය යකඩ හා ප්‍රෝටීන් සමපාත කර ගැනීමේ නිරෝගීව කය ශක්තිමත් වන මග 
දිනකට ශරීරයට අවශය වන ප්‍රෝටීන ප්‍රමාණය පිරිමියෙකුට නම් දල වශයෙන් ග්‍රෑම් 56 කි. කාන්තාවකට නම් ග්‍රෑම් 46කි. නිරෝගීව සවිමත්ව උද්යෝගීව සිටීමට දිනකට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන, කොලස්ටරෝල්, යකඩ හා කැලරි ලබාගත හැකි ආහාර පහත වගුවෙන් දක්වා ඇත. 

 ආහාර ග්රෑම් 100 කින් ලැබිය හැකි පෝෂණය පහත වගුවේ දැක්වේ. 
ශරීරයට ලැබිය යුතු නියමිත ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්
යකඩ හා ප්‍රෝටීන සමබර කිරීම නිවැරදි ආහාරයක මූලික ලක්ෂණය විය යුතුය. එමගින් රෝගීවීම මුළුමුනින්ම පාහේ වලක්වා ගත හැකිය. ඉහත වගු දෙක අවධානයෙන් අද්‍යනය කිරීමෙන් ඉතාම නිරෝගීව සිටීම සඳහා සුදුසුම ආහාර වර්ගය තර්කානුකූලව ඉහත වගු දෙස බලා නිගමනය කල හැකිවේ. ආහාරය සමබර කර ගත යුත්තේ ලේ වැඩෙන පරිදිය. එනම් ප්‍රධාන් වශයෙන් යකඩ දිනකට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිවම ලැබෙන ආකාරයටය. හරියට ලේ වඩන විට සිට්‍යලු රෝග නිවාරණය වේ. පෙති කිසිවක් අවශ්‍ය නොවේ.  
ලේ වඩන ආහාර වේලක් පිළියෙළ කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු
  1. කුකුල්මස් දෛනිකව ආහාරයට ගැනීමෙන් එතරම් පලක් නැත. එහි ඇති යකඩ ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයට වඩා අඩු බැවිනි. දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය සරිලන ලෙස කුකුළුමස් අනුභව කරනවානම් ග්රෑම් 800ක් දිනකට අනුභව  කලයුතුය. එවිට ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ඉක්මවා යයි. තවද කුකුලාගේ බෙල්ලට  හා තටු වලට එක්කරන හෝමෝන එම කොටස් වල රැඳී තිබීම නිසා දෛනිකව කුකුල්මස්  අනුභව කරන කාන්තාවන්ගේ  ඝර්භාශයේ  ගෙඩි ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇත. සතියකට  වරක් දෙවරක් කුකුල්මස්  කෑමෙන්  හානියක් නොවේ. දෛනිකව  කුකුල්මස් කෑමේ භයානක බව මෙම වීඩියෝවෙන් බලන්න.
     මෙම වීඩියෝව බලා කුකුල්මස් ප්‍රතික්ෂේප නොකරන්න. සතියකට වරක් දෙවරක් පමණක් කන්න. දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අනිවාර්යයෙන් අවශ්‍ය නිසා අනෙකුත් හෝමෝන නොගසන මස් මාළු වලට හුරුවන්න.  
     
  2. සාමාන්‍ය මාළු වලින් ප්‍රෝටීන ලබාගත හැකිය. දෛනික යකඩ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට සාමාන්‍ය මාළු ආහාරයට ගනීමෙන් නොහැකිය. ඒ එහි යකඩ නොමැති තරම් බැවිනි. යකඩ අවශ්‍යතාවය සැපිරෙන්නේ නොමැතිව ප්‍රෝටීන පමණක් ගැනීම එතරම් ඵලදායී නොවේ.  
  3. යකඩ නිසි ප්‍රමාණය ලබා ගැනීම කෙලවල්ලා කුලයට අයත් මාළු ආහාරයට ගන්නේ නම් මාළු ග්‍රෑම් 650ක් පිරිමියෙක් ද 1250ක් කාන්තාවක් ද ආහාරට ගත යුතුය. එය කැ නොහැකි ප්‍රමාණයක් වන අතර එසේ කෑවද දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රෝටීන වැඩි වනු ඇත. එය තවත් රෝග ගණනාවක ආරම්භයකි.
  4. ගව පීකුදු ග්‍රෑම් 150 ක් පමණ ගැනීමෙන් දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයත් යකඩ ප්‍රමාණයත් සෑහෙන තරම් දුරට නිවැරදි කර ගත හැකි අතර  එහි ඇති අධික විටමින් A නිසා  අතර සතියකට වරකට දෙවරක් හෝ තෙවරක් ගව පීකුදු ආහාරයට ගැනීම සුදුසුය. ගව පීකුදු වල ඇති විටමින් A ප්‍රමාණය දිනකට අවශ්‍ය ප්‍රමාණය මෙන් 9 ගුණයකි. ෆොලේට් හෙවත් විටමින් B9 ඉතාම පහසුවෙන් ලබාගත හැක්කේ ගව පීකුදු වලින් පමණි. ෆොලේට් අවශ්‍ය වන්නේ කුසතුල සිටින දරුවාගේ අංගෝපාංග නිසි ලෙස වර්ධනය වීමටයි. එබැවින් ගැබිණි මාතාවන් ගව පීකුදු වැඩිපුර  ආහාරයට  ගැනීමෙන් ශරීර කොටස් වල අඩුපාඩු නොමැති අංග සම්පූර්ණ දරුවන් උපදින අතර ඔවුන්ගේ බුද්ධිය ඉතාම වැඩිවේ.
  5. ශරීයට නිවැරදිම මාත්‍රාව ප්‍රෝටීන හා යකඩ ලබා ගත හැක්කේ ගව මස් වලින් පමණි. ගවමස් ග්රෑම් 100 ක් ආහාරයට ගැනීමෙන් යකඩ මිලි ග්‍රෑම් 2.6 ක් ලැබෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 29ක් ලැබේ. දිනකට අවශ්‍ය කොලස්ටරෝල් ප්‍රමාණනයද නොඉක්මවනු ඇත. කොලස්ටරෝල් ලැබෙනුයේ මිලි ග්‍රෑම් 90 ක් පමණි. ඉතිරි අවශ්‍ය ප්‍රමාණය බිත්තර සුදු මදයකින් හා මේධ වලින් ලබා ගැනීමෙන් ඉතාම නිවැරදි ආහාර වේලක් පිලියෙල කර ගත හැකිය.
  6. රක්ත හීනතාවය සියලුම රෝග වලට මූල හේතුවයි. ඒ සෛල වෙත ඔක්සිජන් ගෙන නොයාම නිසයි. රක්ත හීනතත්වයෙන් පෙලෙන අය සතියකට දෙවරක් හෝ තෙවරක් ගව පීකුදු සුප් පානය කිරීමේන් රෝග විශාල ගණනක් කිසිඳු බෙහෙතක් නොමැතිව සුවකර ගත හැකිය.
  7. පීකුදුවල ඇති සමස්ථ පෝෂ්‍ය ගුනනය නිසා නිරෝගී පුද්ගලයින් පීකුදු අනුභව කල යුතුය. නමුත් නිරෝගී පුද්ගලයෙකු පීකුදු ග්‍රෑම් 84 ක් අනුභව කල යුත්තේ දින 6කට වරකි. ඒ පීකුදු වල ඇති යකඩ ප්‍රමාණය දිනකට ප්‍රමානවත් වුවද එහි ඇති අධික විටමින් A ප්‍රමාණය දෛනිකව ශරීරයට වැඩිවන බැවිනි. නිරෝගී පුද්ගලයෙකු දිනකට විටමින් A ගතයුත්තේ මයික්‍රෝ ග්‍රෑම් 900කි. කාන්තාවකට නම් මයික්‍රෝ ග්‍රෑම් 700කි. පීකුදු ග්‍රෑම් 84ක (අවුන්ස 3 ක ) ඇති විටමින් A ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 6582 කි. යමෙක් රක්තහීනතාවයෙන් පෙලේ නම් රක්තහීනතාවය නිවැරදි වනතුරු දිනකට පීකුදු ග්රෑම් 84 බැගින් දින දෙකකට වරක් ගැනීම වරදක් නොවේ. වැඩිදුර කියවන්න>>
  8. ගැබිනි මාතාවන්හට අධික යකඩ ප්‍රමාණයක් දිනකට අවශ්‍ය බැවින් පීකුදු දින දෙකකට වරක් දීමෙන් කිසිඳු හානියක් සිදු නොවේ. ඒ දිනකට යකඩ මිලිග්‍රෑම් 27ක්  අවශ්‍ය වන බවිනිනි. මන්ද යත් එහි ඇති විටමින් A ප්‍රමාණය දින දෙකකට ගැබිණි මාතාවකට සෑහෙන් බැවිනි. 

    "කුකුල් මස් රිසිසේ ගිලදමන බෞද්ධයාට කුකුල් මස් කෑවාට පව් නැත.. නමුත් ශරීරයට අතිශයින් ගුණදායි ගවමස් කනවිට විශේෂ පවක් සිදුවේ.. මෙය පුදුම  සහගතය .. කෙසේ වෙතත් බුදු දහම නිර්මමාංස නිඝන්ට ආගමක් නොවේ...ත්‍රිකෝටි පාරිශුද්ධ මාංස අනුභවය බුදුන් වහන්සේ අනුමත කොට තිබේ "  
ඉහතින් ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය පෙල ගැස්වීමකි. මේ සරල කරුණු තේරුම් ගැනීමට නොහැකි වන පරිදි දේව ආගමක් ලෙස නිර්මල බුදු දහම පරිහරණය කරන තත්වයකට බෞද්ධයින් මිත්‍යා දෘෂ්ඨියට ඇද දමා ඇත.
තවද අස්රුතවත් මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයින් කොටසක් යම් කලාතුරකින් හමුවෙන නිරෝගී සුවිශේෂ නිර්මාංශ පුද්ගලයෙකු පිලිබඳ බාහිරයෙන් බලා එය උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සදාරනීකරනය කරයි. 
මෙවැනි කෙස්පැලෙන තර්ක දමන පුද්ගලයින් දත යුතු සත්‍යක් ඇත. පළමුව එවැනි පුද්ගලයින් රක්තහීන තාවයෙන් හා තවත් කොපමණ රෝග වලින් පෙලෙනවාදැයි මුලින්ම සොයා බැලීමයි. දෙවනුව එවැනි සුවිශේෂී පුද්ගලයින් කලාතුරකින් සිටිය හැකි බව බුදුරජානන් වහන්සේ අභිධර්මයේ පැහැදිලිව විස්තර කරයි. කන බොන කාබලිංක ආහාර හැර ශරීරයට අවශ්‍ය මුලධාතු හා පෝෂ්‍ය පදාර්ථ නිර්මාණය වන තවත් ක්‍රම 3ක් අභිධර්මයේ විස්තර වේ. එනම් සසර පුරාවට පෙර ආත්මයන් වලදී කරන ලද කුසල අකුසල කර්ම වලට, චිත්ත ශක්තියට හා තේජෝ බලයට මෙම රූප උපදවීමේ හැකියාව ඇත. මෙවැනි කෙස් පැලෙන අඥාන තර්ක දමන බෞද්ධයින් කල යුත්තේ සාමාන්‍ය සමාජයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් යුත් සාම්පලයක් පරීක්ෂා කොට රක්තහීනතාවය පිලිබඳ මද්‍ය අගය ගැනීමයි. මේ පිලිබඳ තේරුම් ගැනීමට කිස්වෙක් පරීක්ෂණයක් ලෙස කල යුතු නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ළමුන්ගෙන් 90%ක් රක්තහීනතාවයෙන් හෙවත් රුධිරයය නොමැතිබවෙන්  පෙලෙයි. එය කව්රුත් දන්නා ප්‍රසිද්ධ තොරතුරකි.
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ගේ මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවට දැඩි ප්‍රහාරයකි. උඩුගම් බලා යාමකි. මෙහි ඇති කරුනු සියල්ල ත්‍රිපිටකය අනුග්‍රහයෙනි. විද්යාත්මික නිවැරදි තොරතුරු ඇසුරිනි. ඕනෑම කෙනෙකුට අභියෝග කලහැකිය. 
මේ වන විට ඔබත් යම්කිසි රෝගයකට හෝ ඔනෑම දරුණු රෝගයකට ගොදුරු වී ඇත්නම්, ඈලි මැලි දුබල කමෙන් පෙලේ නම්, හන්ඳි පත් රුදාවෙන් පෙලේ නම්. කකුල් අතපය ඉදිමී රිදේ නම්, ලිංගික දුබලතාවයකින් පෙලේ නම්, දරුවන් නොලැබෙන ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි නම්, හිමොග්ලොබින් ඌනතාවයෙන් පෙලේ නම්, මානසික ආතතියෙන් හා සාංකාවෙන් පෙලේ නම්, භාවනා කරන විට පාඩම් කරන විට රැකියාව කරන විට හිත එකඟ නොවේ නම්,  ඔබ මහලු වී ඇතැයි සිතට දැනේ නම්, ඔබ මේ වන විට සමාදන් වී සිටින මිත්‍යා දෘෂ්ටික වෘතයෙන් එක් සතියකට හෝ දෙකකට මිදෙන්න. සතිය තුල දින දෙකක පීකුදු ද, ඉතිරි දින 5 තුල ගව මස් ද අනුභව කර ප්‍රායෝගිකව වෙනස හඳුනා ගන්න. සතියකට දෙකකට වෘතය බිඳ දැමීමෙන් වන හානියක් නැත. වෙනස දැනුනහොත් මේ ලැබුවා වූ මිනිසත් බව තුල නිරෝගීව තව තවත් ධර්මයේ යෙදීමට තීරණය ගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ආමගන්ධ සුත්‍රය අනුගමනය කර නියම නිර්මල බෞද්ධයෙකු වන්න. කිසිඳු වෙනසක් තමාට සිදු නොවන්නේ නම් ජීවත් වන තුරාවට ඔබ විශ්වාස කරන නිර්මාන්ස වෘතයේම රැඳෙන්න.  

මෙම ලිපිය නැවත නැවතත් කිහිපවරක් කියවන්න. ප්‍රයෝගිකව පීකුදු හා මාංස අහාරකොට ගෙන ප්‍රතිඵල ලබන්න. එයින් ඔබ දිගු කලක් පීඩා විඳි රෝගයක් සුව වනවා නියතයි. තවත් එවැනි රෝගීන් දහසක් සුව කිරීමට මෙම ලිපිය බෙදා හැරීමට කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.   

No comments:

Post a Comment