Monday, October 17, 2016

භික්ෂුන් වහන්සේගෙන් බෞද්ධයා අපේක්ෂා කරන්නේ ධර්මයද? නැතිනම් ඔවදන්ද?




සාමනේර නමක් කුඩා කල සිට පන්සලක ඇතිදැඩි වෙයි. අවශ්‍ය ආහාර ඇතුළු සියලු දේ පින්වතුන්ගෙන් පින් පිණිස ලැබෙයි. එවැනි භික්ෂුවක් හා සමාජයේ විවිද අභියෝග හැලහැප්පීම් මත හැදී වැඩෙන සම වයස් ගිහියෙකුගේත් අතර ඇති ජීවිත අත්දැකීම් පරතරය අති විශාලය. නමුත් භික්ෂුව එම සියලු ගිහි අත්දැකීම් අභිභවාගොස් ඔවුනට උපදෙස් දීමට තරම් හැකියාවක් ලබයි. ඒ කිසිවක් නිසා නොව භික්ෂුව  ත්‍රිපිටක ධර්මය ඉගෙනීම හා පුරුදු පුහුණු කිරීම තුල බාහිරයෙන් ලැබිය යුතු සියලු අත්දැකීම් බුදුදහම තුලින් ලබාගැනීම නිසාවෙනි. 

දහම් කතිකා වලදී භික්ෂුව උදාහරණ ලෙස ගත යුත්තේ බුදු රජාණන් වහන්සේ ගෙනහැර දැක්වූ උපමාය. එවිට කිසිවෙකුටත් තර්ක විතර්ක නැත. පෞද්ගලික අත්දැකීම් උදාහරණ ලෙස ගත විට අත්දැකීම් ලත් මහජනයාගේ හාස්‍යට ලක්වේ. එයින් පිරිහෙන්නේ සංඝ සමාජය පමණක් නොවේ. නිර්මල බුදු දහමයි. මුළු මහත් බෞද්ධ ප්‍රජාවයි. ඔවදන් අවශ්‍ය වන්නේ දරුවන්ටය. සමස්ත බෞද්ධ ප්‍රජාවට අවශ්‍ය වන්නේ ධර්මයයි. එසේ නොමැතිනම් වත්මන් යුගයේ සමාජ ගැටළු පිලිබඳ බෞද්ධ විවරනයි. යම් භික්ෂුවක් ත්‍රිපිටක ධර්මයෙන් තොරව තම සමාජ අත්දැකීම් දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණ  ගිහිජනයාට ප්‍රකාශ කිරීමට යාමෙන් සංඝ සමාජයම විහිලුවට ලක්වේ.

භික්ෂුවකගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ සම්ප්‍රප්පලාප නොවේ. සමස්ත සමාජයට පිළිගත හැකි ත්‍රිපිටකය බුද්ධ වචනය ඇතුළත්වූ ධර්ම කරුණුයි. බාහිරය සමග ඇලී නොගැටී තමා විසින් තමාව සොයා ගන්නා ආකාරය සෙවීමට අදාර කිරීමයි. බඹයක් තරම් වූ කය තුලින් ලෝකය දැකීමට මග සැලසීමයි. 

මෙම දේශනයේ විස්තර කෙරෙන දේවල් කිසිවක් ගිහියෙකුගේ සාමාන්‍ය දැනුම නොඉක්මවා ඇති බව ඔනෑම කුඩා ළමයෙකුට වුවද පැහැදිලිය. ඒ කියන සෑම කරුණකටම විතර්ක ඇත. ඒ ත්‍රිපිටකයේ එකඳු වචනයක් හෝ භාවිතා නොකරන බැවිනි. බුදු රජාණන්වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කල අනිවාර්ය නිර්මාංසය  මිත්‍යාදෘෂ්ඨික සංකල්පයකි. අන්තවාදයකි. වෘතයකි. එබැවින්  සීලබ්බත පරාමාසයට වැටීමකි. නිර්මාංස නිඝන්ට සංකල්පය බුදු දහමේ සංකල්ප ලෙස හුවා දැක්වීමකි. මෙම සම්පූර්ණ කතාවටම ප්‍රති උත්තර සැපයිය හැකි වුවද එසේ නොකරන්නේ පිවිතුරු බුදු දහම මෙතෙක් කල් රැක ගත් හා ඉදිරියටත් රැක ගන්නා සැබෑ සංඝරත්නය අතර ධර්මය තවමත් හරිහැටි අවභෝද කර නොගත් වැඩිහිටි සාමනේර වරුද  සිටින බැවිනි.  එක් සාමනේර නමකගේ දේශනය හාස්‍යට ලක් කිරීම උත්තරීතර සංඝ ප්‍රජාවටම හානියක් වන නිසාවෙනි.

බෞද්ධ ප්‍රජාව සමස්තයක් ලෙස ප්‍රාණඝාතය නොකරයි. ත්‍රිකෝටි පාරිශුද්ධ පවත්ත හෙවත් කඩේ විකිණීමට ඇති මස් මාළු අනුභව කරයි. 
මේ දෙකම බුද්ධ දේශනයට අනුකූලයි. බුදු දහම ඉදිරියට දමා ගත් නිඝන්ට ආගමිකයින් සතුන් මැරීමත් හා ජීවය නිරුද්ධ වූ මස් කැබැල්ලකුත් අතර වෙනස පටලවාගෙන සිටී. මේ දෙකේ වෙනස ත්‍රිපිටකය පුරාවට බුදුරජානන් වහන්සේ සීමා නිර්ණ මායිම් සහිතව පැහැදිලිකොට ඇත. සාමනේර වහන්සේලා මීට දායක වන්නේ ත්‍රිපිටක ධර්ම අවභෝදය මද නිසාද විය හැක. 

ප්‍රාණඝාත නොකරන බෞද්ධ ප්‍රජාවට මෙතරම් වියදම් කර සත්ව අවිහිංසා දේශනා පවත්වන්නේ නිකම් නම් නොවේ. තවත් බොහෝ යටි අරමුණු තිබිය හැකිය. 

මේ සබැඳි කියවන්න
මෙලෝ රහක් නැහැ දෙල් හොදි වගේ

ජනවාරි 8 වැනිදා  







ත්‍රිපිටක ධර්මය බැහැර කොට තමන් සතු සීමිත පරිබාහිර දැනුමෙන් ඔවදන් දී බුදුදහම සැහැල්ලුවට ලක් කරන බෞද්ධ නොවූ හින්දු-නිඝන්ට පැවිදි දේශකයන්  ප්‍රතික්ෂේප කරමු...   











   

No comments:

Post a Comment