Saturday, February 13, 2016

බුදු රජාණන් වහන්සේ තහනම් කල මස් වර්ග දහය

භික්ෂුණ් අනුභව නොකළ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. 
මෙම මස් වර්ග දහය භික්ෂුණ්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම මස් වර්ග දහය මෙසේය.
1)      මිනී මස් (මනුස්ස මාංශ)
2)      ඇත් මස් (හත්ථි මාංශ)
3)      අශ්ව මස් (අස්ස මාංශ)
4)      සිංහ මස් (සිංහ මාංශ)
5)      කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ)
6)      දිවි මස් (දීපි මාංශ)
7)      බලු මස් (සුනඛ මාංශ)
8)      සර්ප මස් (අහි මාංශ)
9)      වලස් මස් (අච්ඡ මාංශ)
10)    වෘක මස් (තරච්ඡ මාංශ)

මිනී මස් ද මෙහි ඇතුලත් වීමෙන් පෙන්නුම් කරන්නේ මිනී මස් පවා භික්ෂුනට පිල්ගන්වීමට තරම් වූ ගෝත්‍රික පිරිසක් එකල සිටින්නට ඇති බවයි.
බුදු දහම මාංස භෝජනය මුළුමුනින්ම ප්‍රතික්ෂේප කරයි නම් මස් වර්ග දහයක් වෙනුවට සියලුම් මස් වර්ග තහනම් කිරීමට තිබුණි. එසේ නොකළේ මාංස භෝජනය මිනිස් සිරුරට පෝෂණය ගෙනෙන ප්‍රධානතම මාර්ගය වූ නිසයි. 



No comments:

Post a Comment