Tuesday, August 30, 2016

ශාක ආහාර පමණක් දිගු කාලීනව ගැනීම මාරාන්තිකයි. ආයුෂ අඩු කරයි. ප්‍රතිකාර කළහැකි රෝග නොව ප්‍රතිකාර නැති ව්‍යාධි ඇති කරයි. විද්‍යාත්මක හා අද්‍යාත්මික විවරණය


මෙම ලිපියෙහි බුදුදහමේ එන ආහාරය පිලිබඳ සියලු සංකල්ප එක්කැටි කොට ඇත. නිවැරදි ආහාර රටාව නිරෝගීබව හා දීර්ඝ ආයුෂ ගෙනෙන බව නොරහසකි. ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ ඉතාම පහසුවෙන් ලබාගෙන වැඩි ආයුෂ විඳිමින් නිරෝගී දිවිපැවැත්ම සකස්කර ගත යුතු ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. මෙහි එන සෑම කරුණකටම අදාළ වැඩිදුර කියවීම් (Referances) එක්කොට මෙම ලිපියේ විස්වාසනීත්වය ගොඩ නගා ඇත. නිරෝගීව දීර්ඝ ආයුෂ අපේක්ෂා කරන ඕනෑම අයෙක් මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවීමෙන් මිල කල නොහැකි වාසියක් ලබා ගන්නවා නිසැකය.  
  • බුදුන් වහන්සේ කිසිඳු තැනක මස් මාංස අනුභවයෙන් වැලකීමට සිල්පදයක් පනවා නැත...
  • මස් මාංස අනුභවය ප්‍රාණ ඝාතයක් හෝ අනුබල දෙන පවක්බව සඳහන් කර නොමැත ...
  • ත්‍රිපිටකයේ කිසිඳු තැනක මස්මාළු නොකන ලෙස කිසිඳු දේශනයක් නැත...
             

  • නිර්මාංස වෘතය පලමු නිර්වාණය වන සොතාපන්නයට බාදාවක් මිස කිසිඳු ආධාරකයක් නොවේ...
  • නිර්මාංසය හොඳ යයි කිසිඳු සොයා ගැනීමක් නවීන විද්‍යාවේ මේ වන තෙක් වාර්තා වී නැත..
  • නිර්මාංසය බටහිර පෞද්ගලික  NGO සංවිධානවල පෞද්ගලික අරමුණු වෙනුවෙන් වූ මිත්‍යාවක් පමණි..   
                                                                       
නිර්මාංසය දිගුකාලීන නිශ්ශබ්ද මාරයෙකි..
ඔබේ වටිනා ජීවිතය සමග පර්යේෂණ කිරීමට ගොස් 
වටිනා ජීවිතය.. 
නැවත ලැබිය නොහැකි ජීවිතය..  
අවධානමට ලක් නොකරන්න...

Do not Experiment and Risk with 
Your Valuable Life 
which Never Ever be Obtained Again
Vegetarianism is a Long Term Silent Killer
Read and get Confirmed    
Reference: 1Reference 2   

   
  • නවීන විද්‍යාවෙන් අසත්‍ය කලහැකි කිසිවක් බුදු දහම තුල නැත..
  • බුදු දහමේ ඉගැන්වීම් අසලටවත් නවීන විද්‍යාවට කිසිදිනෙක ලඟා විය නොහැක...
  • ත්‍රිපිටකයේ කිසිඳු තැනක එළවලු පමණක් ආහාරයට ගත යුතු බවට වචනයක් හෝ සඳහන්ව නැත..
  • සත්ව ආහාර දන්දීම් පිළිබඳවත්, නිර්මාංසය ප්‍රතික්ෂේප කිරීමත්, මාංස ආහාර පිලිබඳ බෞද්ධ මතයත් ත්‍රිපිටකය පුරාවට සඳහන්ව ඇත...
  • ඒ ශරීරයට අවශ්‍ය පෝෂණය එළවලු වලින් පමණක් ලබා ගැනීම කල නොහැකි බව බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටු නිසා විය හැකිය..
  • විවිධ ආගමික සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුකර ගැනීම සඳහා එළවලු පමණක් ආහාර කොට ගැනීම ප්‍රචාරය කලද කිසිඳු විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් නිර්මාංසය මෙතෙක් අනුමත කර නොමැත... ඒ බුදුදහමට අභියෝග කිරීමට නවීන විද්‍යාවට නොහැකි නිසාය..
  • මස්මාංස අනුභවය පිලිබඳ ත්‍රිපිටකය සිසාරා - ත්‍රිපිටක අධ්‍යනය පහසු කරවීම පිණිස


අද ගැටලුව වී ඇත්තේ නිර්මල බුදුදහම ක්‍රම ක්‍රමයෙන් "හින්දුකරණය හා නිඝන්ට කරණය" වීම තුල මස් මාළු අනුභවය පිලිබඳ ව බෞද්ධයින් වැරදි දෘෂ්ඨියකින් කටයුතු කරමින් මස් හා මාළු අනුභවය අත්හැර දැමීමයි. බෞද්ධයින් විනානාශ කරන NGO මාෆියාවකට නොදැනීම හසුවී තිබීමයි. 

නිර්මාංසවීම නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් හා හිමොග්ලොබින් හීනවීම නිසා බෞද්ධයින් රෝගීන් බවට පත් වී තිබේ. අඩු ශක්තියකින් හා ජවයකින් යුත් ජාතියක් බවට පත් වී තිබේ.  බුද්ධිය වර්ධනය නොවීමත් මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් නිසා මෝඩයින් රැලක් බවට පත්වී තිබේ. දරුවන් දුර්වලවීමත්, වර්ගයා බෝ කිරීම අඩාල වීමත් මේ වන විට සිදුවී තිබේ. ලිංගික බෙලහීනතාවය නිසා වයස අවුරුදු තිස් පහ පසුවීමෙන් පසුව දරුවන් නොලබන අතර විවාහ ජීවිතද අවුල්කර ගන්නා තත්වයකට පත්වී තිබේ. සියලු අත්දැකීම් පරිපූර්නන වන වයස වන අවුරුදු  50ක් වන විට සියල්ල අතහැර දමා බමුණන් වී දිව්‍ය ලෝකයේ අසුනක් වෙන්කර ගැනීමේ දැඩි ප්‍රයත්නයකට යොමු වී තිබේ. 
පෙර බෞද්ධ යුධ සෙන්පතියෝ වයස හැටේ හැට පහේ බෞද්ධ තරුණයන් විය. අද වයස 50න් පසු නිර්මාංස වීමෙන් ශරීර දුර්වලතා රාශියකි. බෙහෙත් මල්ලක් දෛනිකව ගනිමින් සිටී. මරණයට සූදානම් වී සිටී. මෙම තත්වයෙන් බෞද්ධයා වහාම ඉවත් විය යුතුය. ත්‍රිපිටක ධර්මය අනුගමනය කොට ත්‍රිකෝටි පාරිශුද්ධ පවත්ත මාංසය අනුභව කිරීම ආරම්භ කල යුතුය. වයස අවුරුදු 50හේ තරුණයන් සියලු අත්දැකීම් සහිතව තමාගේ දෙවන ජීවිතය ආරම්භ කරමින් ජාතිය ආගම හා මතු පරපුර වෙනුවෙන් වැඩට බැසිය යුතුය. එසේ කරන ගමන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ඝයේ යමින් දිව්‍ය ලෝකයේ අසුනක් වෙන්කරගැනීමේ උත්සාහය පසෙක තබා නිවන් මගේ පළමු නිවන වන සොතාපන්න මාර්ඝයට එළඹිය යුතුය.   

මේ යුගය නිර්මාංස NGO කුමන්ත්‍රණයක් හරහා දීර්ඝ කාලීනව බෞද්ධයා දුර්වල කොට බෞද්ධ ප්‍රජාව විනාශ කිරීමට සැරසෙන යුගයකි. කෙසේ වුවද ඇත්ත වශයෙන්ම බෞද්ධයා ඉතාමත් වාසනාවන්ත ජාතියකි. ඊට හේතුව බෞද්ධයා නොමග යන අවස්වථා වලදී නිවැරදි මාර්ඝයට ගැනීම සඳහා ඕනෑම බෞද්ධයෙකුට තර්කයකින් තොරව පිළිගැනීමට සිදුවන ත්‍රිපිටක ධර්මයක් අප සතුව තිබේ. නවීන විද්‍යාවේ මෙන් එහි පරස්පර විරෝධී තැන් නැත. කිව යුතු දේ සදාකාලිකවම නිවැරදි ලෙස කෙලින් කියා තිබේ. නවීන විද්‍යාව මෙන් කාලෙන් කාලෙට වෙනස් වන්නේ ද නැත. අකාලිකය. ඊට කිසිවෙකුටත් අභියෝග කල හැකි නොවේ.  

බුදු දහමට අනුව බෞද්ධයා නිර්මාංසකයෙක් නොවේ. සතුන් මරාගෙන මස් කන්නෙකුද නොවේ. එනම් ඔහු මස් මාංස අනුභවය පිලිබඳ අන්තවාදියෙක් නොවේ.  ඔහු නිවැරදි පෝෂණය පිණිස මස්මාංස අනුභව කරයි. අනවශ්‍ය කෙනෙක් නොකා සිටී. තවෙකෙක් විසින් මරණ ලද සතෙකුගේ මස් අනුභවය නොකිරීම සීලයක් නොවන බව නිවැරදිව ත්‍රිපිටක ධර්මයේ දක්වා ඇත. එය ඔහු හොඳින් දනී. ත්‍රිපිටකයේ නිවැරදිව ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අර්ථ දක්වා තිබේ. ඒ අනුව තවෙකෙක් කරන ප්‍රාණඝාතයට අනුබල නොදිය යුතු ආකාරය නිවැරදිව දක්වා ඇත. ප්‍රාණඝාත අකුසලය සුක්ෂම ලෙස නිවැරදිව දක්වා ඇත. සතර මාහා ධාතු පමණක් ඇති නාම කොටස එනම් ජීවය ඉවත් වූ මස් කැබැල්ලේ සතෙකු නොදකී. සතා මැරීමට තමා චේතනාවෙන් හවුල් නොවෙන බව දනී. මේ සියල්ල මෙසේ දක්වා තිබියෙදී බුදු දහම හරිහැටි නොදත් ත්‍රිපිටක කරුණු කාරනා කියවීමට පවා උත්සාහයක් නොදක්වන මිත්යාදෘෂ්ඨික පිරිසක් නිර්මාංසය අනුමත කරමින් සිටී. ඔවුන් ඔවුට හිතෙන හිතළු දමමින් තර්ක විතර්ක කරයි. NGO කුමන්ත්‍රණයට හසුවී සිටී. අනෙකුත් පිරිසද ඊට පොලබවමින් සිටී. මෙය දැවැන්ත ව්‍යසනයකි. නිර්මල බෞද්ධයා මස් නොකන හොඳ බෞද්ධයා ලෙසත්, මස් කන නරක බෞද්ධයා ලෙසත් බෞද්ධ ප්‍රජාව දෙකට කමින් සිටී. ආගමික සන්හිදියාවට අභියෝග කරමින් සිටී. නමුත් මේ වනවිට නිර්මල බෞද්ධයින් බොහෝ දෙනෙක් ත්‍රිපිටක ආයුදය ගෙන යුධ පිටියට බැස තිබේ. 

නිහාල් විජේරත්න නම් නිඝන්ට නායක තුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රීලංකාවේ ප්‍රධානම NGOව මේ වනවිට බොහෝදුරට අකර්මනිය කොට තිබේ. මුලදී නොදැනුවත්ව සමහර ගරුතර ස්වාමීන් වහන්සේලා ඊට දායකවුවද මේ වනවිට එම ස්වාමීන්වහසේලා එම සංවිධානය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටී. නමුත් තවමත් සමහර මිත්යාදෘෂ්ඨික අග්‍ර මහා පණ්ඩිත සාමනේර වහන්සේලා ත්‍රිපිටක ධර්මය කිසිවක් අද්‍යනය නොකර හිතළු කියමින් ඔවදන් දෙමින් ඊට දායකවෙමින් සිටී. අද බෞද්ධයාට අවශ්‍ය හිතළු හා ඔව්වදන් නොවේ. ත්‍රිපිටක ධර්මයයි. එබැවින් මෙවැනි සාමනේර වහන්සේලාද වැඩි දවසක් යාමට පෙර මෙම සංවිධානයට සහයෝගය දැක්වීම නතර කරනු ඇති බව අපේ විශ්වාසයයි. නැතහොත් ඔවුනට වන්නේ නිර්මාංස වරය ඉල්ලූ දෙව්දත් භික්ෂුවට සිදුවූ දේයි.     
සත්ව ප්‍රෝටීන ශරීරයට නොමැති වූ විට සංකීර්ණ රෝග සිය ගණනකට මුල පෑදේ. ඒ පිළිබඳව නිවැරදිව දැන ගතහොත් මේ මොහොතේ සිටම දෙවියන් ගැන විශ්වාස කරන ලද "හින්දුකරණය වූ ජෛන කරණය වූ බුද්ධ ආගමෙන්" ඉවත්ව වනු ඇත. නිර්මල බුදු දහමට පිවිසෙනු ඇත. ඕනෑම "පවත්ත මාංසයක්" ආහාරකොට ගන්නවාට සැකයක් නැත. මේ පිළිබඳව ඉදිරියේදී ගැඹුරින් විද්‍යාත්මකව ඉදිරියේදී විස්තර කෙරෙනු ඇත.

ප්‍රෝටීන සෑදී ඇත්තේ විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල අනු කිහිපයක් දාම ලෙස එකිනෙකට සම්බන්ද වීමෙනි. ශරීරය තුල ස්වාභාවිකව නිපදවිය නොහැකි පිටතින්ම ගත යුතු ඇමයිනෝ අම්ල වර්ග නවයකි. ඒවා Nine Essential Amino Acid ලෙස හැදින්වේ. එම ඇමයිනෝ අම්ල 9ය ලබාගත හැක්කේ ආහාරයට පිටතින් ගන්නා ප්‍රෝටීන සහිත ආහාර වලින්ම පමණි.  පිටතින් ගන්නා ප්‍රෝටීන වල ඇති දාම බිඳී ශරීරය තුලදී ඇමයිනෝ අම්ල බවට පත්වේ. මෙසේ බිඳී ගිය ඇමයිනෝ අම්ල අනු විවිධ සංඛ්‍යා වලින් නැවත එකිනෙකට සම්බන්ද වී ශරීරය තුල මිනිස් ප්‍රෝටීන හෙවත් Human Protein සිය ගණනක් නිපදවයි. ශාක ප්‍රෝටීන වල ඇති ප්‍රශ්නය නම් එක ශාකයක ඇති ප්‍රෝටීන වල ඇත්තේ මෙම අමිනෝ අම්ල වලින් එකක් හෝ දෙකක් පමණි. නමුත් සත්ව ප්‍රෝටීන වල මෙම අමිනෝ අම්ල 9යම ඇත. ප්‍රෝටීන හිඟ වූ විට වැළඳෙන රෝග ගැන සැලකිල්ලක් නොදක්වන්නේ මිත්‍යා දෘෂ්ඨික නුගත් බෞද්ධයන් පමණි. 

Essential ඇමයිනෝ අම්ල නවය  

  1. ට්‍රිප්ටෝෆෑන් (Tryptophan)
  2. ත්‍රියෝනීන්(Thrionine)
  3. ඓසොලේයුසින් (Iso Leucine), 
  4. ලේයුසින් (Leusine)
  5. ලය්සින්(Lycine), 
  6. මෙතියෝනීන් (Methionene), 
  7. ෆිනයිල්අලනීන්(Phenayil Alanine), 
  8. හිස්ටිඩීන්(Histidine), 
  9. වැලීන් (Valine) යනු මෙම ප්‍රෝටීන නවයයි. 

මෙම ඇමයිනෝ අම්ල නියම ප්‍රමාන වලින් නොලැබීම සියලු රෝග වලට මූලයයි. එම රෝග මූල පහත දැක්වේ.  
  1. ලේවල සීනි නියාමනය හෙවත් Blood Sugar Regulation 
  2. පේශි වර්ධනය හා පටක වර්ධනය ප්‍රතිනිර්මාණය දුර්වල වීම හෙවත් Growth and Repair of muscles and tissues
  3. හිමොග්ලොබින් වර්ධනය නිසි අයුරින් සිදු නොවීම නිසා රක්තහීනතාවය ඇතිවීමෙන් කම්මැලිවීම හා උනන්දුව නැතිවීම, මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම සෙම්ප්‍රතික්ශාව හතිය හා උන වැනි රෝගවලට නිතර ගොදුරු වීම, අතපය හිරිවැටීම ඇතිවීම.
  4. හර්දය වස්තුවේ රුධිරනාල වල මේදය තැන්පත් වීම ඉක්මන් වීම හෙවත් Development of Fat in Arteries
  5. හෝමෝන නිෂ්පාදනය අඩාල වීම 
  6. තුවාල හොඳ වීම දුර්වල වීම 
  7. ශරීරයේ ශක්තිය නිසිලෙස නියාමනය නොවීම හෙවත් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීම හෙවත් Heaty body නිසා දරුවන් නොලැබී, යාම කය ශක්තිය නොමැතිවීම. 
  8. ඇන්ටි ඔක්සිඩන්ට් ලෙස ක්‍රියාමක වීම හෙවත් Act as an Antioxidant සිදුනොවීම 
  9. පටක අලුත්වැඩියාව දුර්වලවීම
  10. ආහාර විෂ වීම වලක්වන හිස්ටැමීන් වර්ධනය සිදු නොවීම නිසා බොහෝ ආහාරවලට අසාත්මික  හෙවත් Allergy වීම. 
  11. මාංශ පේශිවල පටක වර්ධනය හා අලුත්වැඩියාව දුර්වල වීම
  12. මානසික ආතතිය හා සාංකාව ඇතිවීම
  13. අධික කොලොස්ටරෝල් ඇති අයට හෘද ආබාදය ඇතිවීම වලක්වන නයසීන් හවත් Niacin වර්ධනය අදාළ වීම.
  14. හන්දිපත් රුදාව, වළලුකර ඉදිමීම හා දනිස් වල වේදනාව ප්‍රෝටීන හා හිමොග්ලොබින් ඌනතාවයේ තවත් ලක්ෂයන් වේ.
    Reference: The  Essential Amino Acids and Their Importance To Your Body 
ශාක ප්‍රෝටීන් පමණක් ගැනීමෙන් ශරීරයට සිදුවන් හානිය පිලිබඳ මූලධර්මයන් 
ශාක ප්‍රෝටීන පමණක් ආහාරයට ගැනීම මාරාන්තිකයි. දිගු කාලීනව ක්‍රියාත්මක වන මරුවෙක් ඒ තුල සිටී. මේ බව මෝඩ නිර්මාංස බෞද්ධයා  නොදනී. මාරාන්තික බව ඇතිකරන ප්‍රධාන ක්‍රියාවලීන් පහකි. 
  1. ශරීරයට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී රක්තහීනතාවය ඇතිවීම.
  2. ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම 
  3. ශාක ප්‍රෝටීන ශරීරයට අවශෝෂණය කරන ප්‍රමාණය අඩු බැවින් විශාල ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන අඩංගු ආහාර ගැනීමට සිදු වීමෙන් අධික ලෙස තරබාරු වීම.
  4. ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා උපදින දරුවන් අංගවිකල වීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම.  
  5. මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම  නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට දිගු කාලීනව හානි සිදුවීම  
1. ශාක ප්‍රෝටීන් පමණක් ගැනීමෙන්  ශරීරයට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී රක්තහීනතාවය ඇතිවන ආකාරය 
ශාක ප්‍රෝටීන වල Mg ඇති ආකාරය
සත්ව ප්‍රෝටීන අනවශ්‍ය බවත් ශාක ප්‍රෝටීන වලින් ජීවත්විය හැකි බව විද්‍යාව නොදන්නා මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයා විවිධ මත පල කරයි. නමුත් ශාක ප්‍රෝටීන් මගින් ශරීරයට හිමොග්ලොබින් සැදීමට අවශ්‍ය යකඩ (Fe) නොලැබේ. ලැබුනද ඒ ඉතා අල්ප වශයෙනි. නිවිති කන්නේ නම් නිවිති කිලෝවක් දෛනිකව හරකෙක් මෙන් කෑ යුතුය. එසේ කෑවද සෙම වැඩිවේ. ශාක ප්‍රෝටීන් පවතින්නේ ක්ලොරෝෆිල් අනු ලෙසයි. ක්ලොරෝෆිල් අනුවක මද්‍යගතවී තිබෙන්නේ මැග්නීසියම් පරමානුවකි. එබැවින් ශාක ප්‍රෝටීන අනුභවයෙන් බහුලව ලැබෙනුයේ මැග්නීසියම් වේ. මැග්නීසියම් ශරීරයට අවශ්‍ය වන්නේ ඉතාම සුළු ප්‍රමාණයකි. මැග්නීසියම් හිමොග්ලොබින් සෑදීමට කිසිඳු දායකත්වයක් නොදක්වයි. එබැවින් ශාක ප්‍රෝටීන් පමණක් ආහාරයට ගන්නා පුද්ගලයිනට රක්ත හීනතාවය ඇතිවේ. රක්තහීනතාවය සැඟවුණු මාරයෙකි. එකවර නොමරයි. නොමරා මරයි. ආයුෂ අඩු කරයි. අවසානයේ ශරීරය තුල ලේ නොහදන ලේ පිළිකාව දක්වා වුවද වර්ධනය වේ. ශාක ආහාර වල යකඩ තිබුනද ඒවා අවශෝෂණය කරන ප්‍රමාණය 2%-15% දක්වා වේ. ශාක ආහාරව වලින් යකඩ අවශෝෂණය ගන්න අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මතද බලපායි.
[Reference: Eating to Increase Iron Absorption]

ශරීරයේ සියලු සෛල වෙත ආහාර රැගෙන යන්නේ හිමොග්ලොබින් මගිනි. හිමොග්ලොබින් අඩුවූ විට සෛල වලට නිසි පරිදි ආහාර නොලැබේ. එවිට එම සෛල විභේදනය අඩාළ වේ. සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම ආරම්භවේ. මෙම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල විශේෂයත්වය ඇත. ඒවා දුර්වල වීම ආරම්භ වූ විගසම කිසිඳු වෙනසක් අපහසුවක් නොදැනේ. යම්කිසි හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ එම ඉන්ද්‍රියන් වලට තම කාර්යය කර ගැනීමටම නොහැකිම තත්වයට පත් වූ විටය. එනම් ඉන්ද්‍රිය 90%ක් දුර්වල වූ විටය. ඒ අයුරින් දුර්වල වීම සඳහා අවුරුදු 10ත් 15ත් අතර කාලයක් ගතවීමට ඉඩ ඇත. එවිට වෙන්න තියෙන සියලු දේ සිදු වී හමාරය. වකුගඩු, අක්මා බද්ධ කිරීමට සිදුවන තෙක්ම නිර්මාංස මිත්‍යාදෘෂ්ඨිකයා මේ බව නොදනී. නමුත් තම අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වීගෙන යන බවට කුඩා ඉඟි පෙන්නුම් කරයි.

රක්තහීනතාවය නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වෙමින් යන ආකාරය පෙන්නුම් කරන ලක්ෂණ කිහිපයක් 

  • බඩේ ගෑස් ඇතිවීම
  • කකුලේ නියපොතු අවපැහැ ගැන්වීම 
  • ශරීරයේ හැඩය නැතිවීම. ස්ථුල වීම  
  • වයස 45 වන විට මුහුණේ සම එල්ලා වැටීම හා ශරීරය රැලි වැටීම 
  • විදුරුමස් දියවීමට ආරම්භ වී දත් ඉදිරියට නෙරා ඒමට පටන් ගැනීම 
  • කොණ්ඩය යාම නවත්වාගැනීමට අපහසු වීම 
  • කෙස්ගස් වල ශක්තිය අඩුවීම
  • ලිංගික ආශාව අඩු වීම හා ලින්ගේන්ද්‍රියේ ප්‍රාණවත් බව අඩුවීම 
  • එක වැඩක් එකදිගට කරගෙන යාමට මනස ඒකාග්‍ර නොවීම 
  • හවස හත වන විට නිදිමත ඇතිවීම
  • වයස් 40දී ඇතිවන ඇස් දුර්වලතාව ස්වාභාවිකවම නැවත සුව නොවීම.
  • නිතර නිතර සෙම්ප්‍රතික්ශාව උන හට ගැනීම  ආදී තවත් රෝග ලක්ෂණ ගණනාවකි.  
ශාක ප්‍රෝටීන පමණක් ගැනීමෙන් අභ්‍යන්තර  ඉන්ද්‍රියනට හා ශරීරයට හානි වන ආකාරය.
ශාක ප්‍රෝටීන වල Mg ඇති ආකාරය
සත්ව ප්‍රෝටීන වල Fe පිහිටා ඇති ආකාරය 
ඇමයිනෝ අම්ල ලබාගත හැකි ශාක ප්‍රෝටීන අනුවක් හෙවත් Chlorophyll අනුවක් දෙස බලන්න. එම අනුවේ මධ්‍යගත වී ඇත්තේ මැග්නීසියම් පරමානුවකි. එබැවින් ශාක ආහාර වල යකඩ සුළු වශයෙන් හෝ තිබෙන්නේ ප්‍රෝටීන් අනුවට මාද්‍යගතවී නොවේ. ඇමයිනෝ අම්ල ශරීරයට ලැබෙන සත්ව ප්‍රෝටීන වල යකඩ පරමාණුව පිහිටා ඇත්තේ ප්‍රෝටීන අනුවට මාධ්‍යගතවයි. 
යකඩ ඇති ශාක ආහාර වල එම යකඩ පරමාණු පිහිටා ඇත්තේ ප්‍රෝටීන් අනුවලට පිටතිනි. එවිට ශරීරයට යකඩ ලබාදීම සඳහා ප්‍රෝටීන අනුවල බන්දන බිඳ දැමීමට අවශ්‍ය නොවේ. එබැවින් එම බන්දන බිඳීම සඳහා ශ්‍රාවය වන හෝමෝන හා එන්සයිම ගලා ඒම සිදු නොවේ. එම එන්සයිම ගලා නොඒම දිගටම සිදු වුවහොත් හෝමෝන සමතුලිත තාවය බිඳ වටේ. විවිධ රෝග ඇතිවීමට පටන් ගනී. මීට හොඳම උදාහරණය සත්ව ප්‍රෝටීන් අඩුවෙන් දෛනිකව ආහාරයට ගන්නා සෑම කාතාවකගේම බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී තිබීම දක්නට හැකි වීමයි. 

කෙසේ හෝ ශාක ආහාර සමතුලිතව ගන්නා සියලුම කාන්තාවන්ගේ ශරීරයේ හැඩය කොතරම් ව්‍යායාම වල නිරත වුවද පවත්වා ගත නොහැකිය. ස්ථුල වේ. 
මෙම ශාක ආහාර පමණක් ගන්නා හා සමාජය නිර්මාංසයට යොමු කරන NGO නඩයේ ප්‍රබලම ක්‍රියාකාරීන් දෙදෙනාගෙ රූපය දෙස බලන්න. අප කියන දේට තවත් සාක්ෂි අවශ්‍ය නැත. 
ඇත්ත වශයෙන්ම මේ ස්ථුලතාවයට තවත් හේතුවක් වන්නේ දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ග්රෑම් 55 ලබාගැනීම සඳහා ධාන්‍ය කන්නේ නම් කිලෝවක් පමණ දිනකට ආහාරයට ගත යුතු වීමයි. එවිට ශරීරයේ මහත්වීම පුදුමයක් නොවේ. මොවුන් දෙදෙනා කුමක් කීවද මොවුනට ඇත්තේ නිවැරදි පෝෂණය නොවේ. නිවැරදි ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයද නොවේ. ඕනෑම කෙනෙකුට බාහිරව පෙනෙන දේ නම් මොවුන්ට අධිපෝෂණය ඇති බවයි. නිර්මාංසවම සිට ඔය දැවැන්ත ශරීර කූඩු හැකිනම් අඩුකර සමාජයට ආදර්ශමත් වන ලෙස මේ දේපොළට අපි අභියෝග කරමු. 

දඹලවල ප්‍රෝටීන් වැඩිපුර තිබුනද දඹල සොයාගැනීමට වෙනම කණ්ඩායමක් යෙදිය යුතුය. තවද දඹල දෛනිකව කෑ නොහැකිය. සෝයා බෝංචි වල ප්‍රෝටීන් හා යකඩ දෙකම අඩංගු වේ. නමුත් සොයා බෝංචි කන්නේ නම් ඉතාම පරිස්සම් විය යුතුය. සොයා බෝංචි දිගට කෑම ලිංගික ශක්තිය දුරවල කිරීම සිදුවන අතර එහි අඩංගු විෂ සහිත සංඝටක ඉවත්කිරීමේ අපහසුතාවය නිසා විශාල රෝග ගණනාවකට මුලවේ.

සෝයා නිෂ්පාදනය කරන වෙළදුන් විසින් අන්තර්ජාලයට එක්කරන ලද සෝයාවල ගුණ වරුණ ලිපි රාශියක් දක්නට තිබේ. විශ්වවිද්‍යාල වලට පර්යේෂණ සඳහා මුදල් වය කරන්නේද එම වෙළඳුන්මය. එබැවින් ඒ පිලිබඳ තොරතුරු නිවැරදිව සොයා ගැනීමට නම් සොයා වල අඩංගු එක් එක් සංඝටක පිලිබඳ කරන ලද අපක්ෂපාතී ශාශ්ත්‍රීය ගවේෂණ ලිපි කියවිය යුතු වෙයි  එවැනි ලිපි කියවා ගවේෂණයක යෙදෙන පාඨකයා සොයා නිෂ්පාදනයක්  කටේ තැබීමට පවා බියවනවා නියතයි. මෙම ලිපිය කියවා බලන්න. Newest Research on Why You Should Avoid Soy

2. ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම
සත්ව ප්‍රෝටීන වල සුවිශේෂී බවක් ඇත. එනම් සත්ව ප්‍රෝටීන වල Essential ප්‍රෝටීන හෙවත් අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9යම ඇත. Essential ප්‍රෝටීන ශරීරය තුල නිපදවිය නොහැක. බාහිරෙන්ම ලබා දිය යුතුය. බාහිරෙන් ලබාගන්නා එම Essential ප්‍රෝටීන ශරීරය තුලදී විසි දෙකක් වූ වෙනනත් මිනිස් ප්‍රෝටීන් බවට පත්වේ. නිරෝගී බව සඳහා එම Essential ප්‍රෝටීන් 9යම ශරීරයට දෛනිකව ලැබිය යුතුමය. කිසිඳු ශාකමය ආහාරයක අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9වයම නැත. ඇත්තේ එකක් හෝ දෙකක් කිහිපයක් පමණි. එබැවින් දෛනිකව අවශ්‍ය Essential ප්‍රෝටීන් නවය ශාක ආහාර වලින් ලබාගැනීම සඳහා ප්‍රෝටීන අඩංගු ශාක වර්ග රාශියක් දෛනික ආහාර වේලට එක්කර ගතයුතුය. එය කිරීම ඉතාම අපහසුය. තාමා ජීවත් වන්නේ ආහාර ගැනීම සඳහාම පමණක් නම් දවසේ වෙනත් කිසිඳු වැඩක් නැතිනම් මෙසේ ප්රෝටීන් සහිත ආහාර සෙවීමේ නිරත විය හැකිය. නමුත් සෑම සත්ව ආහාරයකම මේ Essential ප්‍රෝටීන් නවයම ඇති බැවින් මාළු කෑල්ලක් මස් කැබැල්ලක් කරවල ටිකක් උම්බලකඩ ටිකක් ආහාරයට එක් කරගැනීමෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයා ගත හැකිය. සෝයා වල මෙම ප්‍රෝටීන් තිබුනද වැඩිපුර ගැනීමෙන් විශාල හානියක් ශරීරයට සිදුවේ
මෙතරම් පහසුවෙන් දිනකට අවශ්‍ය සියලුම ප්‍රෝටීන සත්ව ආහාරවල තිබියෙදී මෝඩ බෞද්ධයා සත්ව ආහාර නොගන්නේ සත්ව ආහාර ගැනීමෙන් පව් සිදු වනවායයි සිතාගෙනය. එය එසේ නොවන බව ත්‍රිපිටක ධර්මය පුරාවටම විස්තර කොට ඇත. කෙසේ වුවද
 

"ආර්ය සීලය නොදත් පෘතග්ජනයාට නිර්මාංසය සීලයකි. දස කුසල් අකුසල් හරි හැටි   නොදත් පෘතග්ජනයාට මස් මාළු නොකෑම පිනකි"

මෙය ඉතාම කනගාටු දායක තත්වයකි. මෙයින් අසරණ බෞද්ධයා මුදවාගෙන ලැබූවාවූ මනුස්සත්වයේදී උපරිම ආයුෂ විඳීමට අවස්තාව සලස්වා දිය යුතුය.     

5. ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා අංගවිකල දරුවන් ඉපදීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම.     
ෆෝලික් ඇසිඩ් අපි කවුරුත් හොඳින් දනී. ඒ ශරීරයට විටමින් B9 කෘත්‍රීමව ලබාදෙන බෙහෙත් පෙත්තයි. නමුත් එම විටමින් B9 ස්වාභාවිකව ලබා ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ ෆොලේට් අඩංගු ආහාර වලින් ලබා ගැනීමයි. එවිට කිසිඳු අතුරු ආබාදයක් ඇති නොවේ. එම ඉතාම පහසු ක්‍රමය මෙම නිර්මාංස NGO වෙද්දු සඟවයි. 
ෆොලේට් තරම් වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් තවත් නැති තරම්. ෆොලේට් ඌන වීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න නිරෝගී ජීවිතයක් පතන සෑම දෙනාම දැනගත යුතුය. ෆොලේට් ප්‍රදාන වශයෙන් උපයෝගී වන්නේ ජාන විඛණ්ඩනය කිරීමටයි. ශරීරයේ කල් ඉකුත්වී දුර්වල වූ සෛල ඉවත්කර අලුත් සෛල ලබා දීමටයි. එනම් සරලව කිවහොත් ශරීරය වේගයෙන් නාකි නොවී පවත්වා ගැනීමටයි. එබැවින් දෛනික ජීවිතයේදීත් ඉන්ද්‍රිය ඇතුළු ශරීරයේ සියලු ගෙවීයන සියලු කොටස් අලුත් වැඩියා කිරීම සඳහා ෆොලේට් අවශ්‍ය වෙනවා. නමුත් මෙම ෆොලේට් වල සුවිශේෂම කාර්ය ඉටු කරන්නේ කළලය වර්ධනය වන කාලය තුලදී. කලලයේ තුල ජාන නැවත නැවත විඛණ්ඩනය වෙමින් කලලය සීඝ්‍ර ලෙස වර්ධනය කරන්නේ ෆොලේට් වලින්. කළලය වර්ධනය වන කාලයේ ෆොලේට් අඩු වුනොත් අංගවිකල දරුවන් පවා ඇතිවෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක් ගර්භනී කාලයේදී වැඩිපුරම වේගවත් ක්‍රමයට ෆොලේට් ගැනීමේ වරදක් තියෙනවද? ෆොලේට් ගන්න ඕනේ කෘත්‍රීමවද ස්වාභාවිකාවද? තමාගේ හැදෙන දරුවට වඩා සම්පතක් අම්මා කෙනෙකුට  තවත් තියෙනවද? මේ කාලය තුල පහසුම හා ලෙහෙසිම දේ නොකර විවිධ පර්යේශන ඉපදෙන්න ඉන්න තම දරුවා සමග කිරීමට අම්මා කෙනෙකු ලෙස ඔබ සුදානම්ද? 
මේ ගැන මෙතරම් කිව්වේ බුදු දහම කියල ත්‍රිපිටක ධර්මයටත් උඩින් ගොස්, පට්ටපල් අමූලික බොරු ඇදබාන, නිර්මාංස NGO රැලක් අද ගර්භනී මවුවරුන් බිය වද්දලා, බුදු රජාණන් වහන්සේ කිසිටෙකත් ප්‍රකාශ කර නොමැති ධර්මයක් ප්‍රකාශ කරමින් තම බඩේ ඉන්න දරුවට ලැබිය යුතුම පෝෂණය නැති කරනවා. ඔවුන් කියනවා මස් මාළු අනුභවය පාපයක් කියල. ඉතින් දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා පවට බයවෙලා දරුවන් හම්බවෙන්න ඉන්න කාලයේදී කරවල කෑල්ලක් වත් කන්නේ නැති තත්වයට අද පත්වෙමින් තියෙනවා. 
බුදු දහමට අනුව "පවත්ත මාංසය" හෙවත් පවතින මස් කියන්නේ ආහාරයට ගන්න කෙනාගේ චේතනාවකින් තොරව මරණයට පත්වුණ සතෙකුගේ මස්. එම මස් ත්‍රිකෝටි පාරිශුද්ධ වෙනවා. එවැනි මසක් අනුභව කිරීමේ කිසිඳු පාපයක් සිදුවෙන්නේ නැහැ. දරුවට ලැබිය යුතු පෝෂණය අහිමි කිරීමට මේ කිසිඳු අම්මා කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ. 
වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නිසා දරුවන් නොලැබෙනවිට, මස් මාළු කෑම නිසා දරුවන් හම්බ වෙන්නේ නැහැ කියල ප්‍රසිද්ධ මාද්‍ය වල මේ නිර්මාංස NGO වලින් මුදල් ගරන ඊනියා වෛද්‍යවරු විවිධ ප්‍රචාර ගෙනියන්න තරම් අද සැහැසි වෙලා තියෙනවා. මොවුන්ගේ තර්කය අමූලික බොරුවක් බව පැහැදිලි වන්නේ අධික වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ප්‍රජාව දෙස බැලූවිට. මොවුන් කියන දේ ඇත්ත නම් මුස්ලිම් කාන්තාවන්ට දරුවන් හම්බ වෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය හරක් මස් නිසා. බෞද්ධ කාන්තාවන් අමාරුවෙන් දරුවෙක් දෙන්නෙක් හදන විට හොඳින් මස් කන මුස්ලිම් කාන්තාවක් දරුවන දුසිමක් හදනවා. මොවුන් මේ කියන පට්ටපල් මුසාවාදය මෙන්ම ඉතාම සරලවම පැහැදිලි වෙනවා. 
දිනකට අවශ්‍ය ෆොලේට් ප්‍රමාණය පහත වගුවෙන් දැක්වේ. නිරෝගීව ජීවත් වී පූර්ණ ආයුෂ ලැබීමට කැමති ඕනෑම කෙනෙක් එම ප්‍රමානය දෛනිකව ආහාරයෙන් ලබා ගත යුතුම වෙයි.  
මේ අනුව වැඩිහිටියෙක් දිනකට ෆොලේට් මයික්‍රෝ ග්රෑම් 400ක් දිනකට ගත යුතුයි. 
මෙම ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකි ආහාර මොනවාදැයි මීළඟට බලමු. 
මේ දත්ත Healthy Buddhist නිර්මාණය කල දත්ත නොවේ. මේ ඇමෙරිකාවේ Department of Health & Human Services ට අනුබද්ද National Institute of Health Office of Dietary Supplement ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්තයි. 
මේ අනුව දෛනිකව අවශ්‍ය වන ෆොලේට් ප්‍රමාණය වන මයික්‍රෝ ග්‍රෑම් 400 ලබා ගන්න පීකුදු අවුන්ස 6යක් එනම් ග්‍රෑම් 164ක් අනුභව කරන්න ඕනේ. මේ අනුව පීකුදු 164කින් එනම් අවුන්ස 6කින් ලැබෙන ෆොලේට් ප්‍රමාණය ලබා ගන්න අපේ මිත්යාදෘෂ්ඨික මෝඩ නිර්මාංස බෞද්ධයින්ට ඔවුන් කන තණකොළ වලින් ලබා ගැනීමට පලා  කිලෝවක් විතර දෛනිකව කන්න ඕනේ. ෆොලේට් ලබා ගැනීමට ඉතා සරල ක්‍රමයක් තිබියෙදී නිර්මාංස NGO කරුවත රැවටුන මිත්යාදෘෂ්ඨික බෞධයෝ   තේරුම් ගන්න අවශ්‍ය දේ මෙය නොවෙයි. ෆොලේට් මියික්‍රෝ ග්‍රෑම් 400ක් මෙන්ම යකඩ මිලිග්‍රෑම් 27ක් යන දෙකම දෛනිකව ලැබෙන්න ඕනේ. මේ දෙක එකවිට ස්වාභාවිකව ලාබාගත හැකි වෙන ක්‍රමයක් තිබෙනවා නම් පෙන්වන ලෙස ලෝකයේ ඕනෙම පෝෂණ විශේසඥකුට අපි අභියෝග කරමු. 

මෙය ඉතාම භයානක තත්වයක් කියන එක දැන්වත් මේ මෝඩ මිත්‍යාදෘෂ්ඨික නිර්මාංස බෞද්ධ ප්‍රජාවට තේරුම් ගන්න හැකියාවක් ඇත්තෙම නැද්ද? එසේ නම් ඉතින් ඉතාම කනගාටු දායකයි. අපිට කිව හැක්කේ අබ සරණයි කියල තමයි. වෙන මොනවා කියන්නද?...

ඒ උනත් තව දුරටත් මේ මෝඩ නිර්මාංස බෞද්ධයා මේ තත්වයෙන් ගලවා ගන්න බුදුරජානන් වහන්සේගේ ධර්මය වෙතම යන්න සිද්ධ වෙනවා. සර්වඥතා ඥානයකින් යුතුව තුන්කල් බලා දහම් දේශනා කල බුදු රජාණන් වහන්සේට මෙම පෝෂනයේ අවශ්‍යතාවය නොතේරෙන්න ඇතිද?  බුදුරදුන් කලලයේ විකසනය දුටුවේ හා ඒ පිලිබඳ ඉන්දක සුත්‍රය දේශනා කලේ විද්‍යාඥන් ඒ පිලිබඳ සිතීමටත් වසර දහස් ගණනකට පෙරය. මිනිස් සිරුරේ නිසි පැවැත්මට සත්ව ආහාර වල අවශ්‍යතාවය උන්වහන්සේට නොපෙනෙන්න ඇතිද?  කිසිසේත් එසේ විය නොහැකිය. එනිසයි උන්වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මනුස්ස ප්‍රජාවට කැප බව දේශනා කලේ. කිසිඳු මසක් නොකන ලෙස සිල් පදයක් නොපැනවූයේ. පහත දැක්වෙන අයුරින් ආමඝන්ධ සුත්‍රය දේශනා කලේ..
න මච්ඡමංසං නානාසකත්තං
න නග්ගියං, න මුණ්ඩියං, ජටාජල්ලං
න ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසේවනාවා
යේ චාපි ලෝකේ අමරා බහූ තපා
මන්තා’හුතී යඤ්ඤමුතූපසේවනා
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං සම්පූර්ණ විස්තරය >>

සරලම යතාර්ථය නම්, මේ කිසඳු විද්‍යාවක් නොදැන ඉතාම පහසුවෙන් හරක් මස් ටිකක් පීකුදු ටිකක් දෛනිකව කන මුස්ලිම් කාන්තාව ෆොලේට් හා යකඩ අවශ්‍යතාවය පමණක් නොවෙයි ප්‍රෝටීන අවශ්‍යතාවයද වන ග්‍රෑම් 56ද සම්පූර්ණ කරගෙන ඉතාම නිරෝගී දරුවන් දුසිමක් හදන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (මේ කිසිඳු අයුරකින් ජාතිවාදය ඇවිස්සීම නොවේ. නිරෝගී දරුවන් ලැබීමට මුස්ලිම් ප්‍රජාව ආදර්ශ කොට ගැනීමට බෞද්ධ ප්‍රජාවට දෙන අවවාදයක් පමණි)

6. මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම  නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට දිගු කාලීනව හානි සිදුවීම
ශරීරය තුල ආහාර ජීර්නයෙදී හා තවත් හේතු නිසා ශරීරයට විෂ මුක්තඛාණ්ඩ (Free Radicals) 
නිකුත්වේ. මුක්ත ඛාණ්ඩයක් යනු එක ඉලෙක්ට්‍රෝනයක් අඩු අනුවකි.   
මෙම මුක්තඛාණ්ඩ රුධිරය සමග ශරීරය පුරා ගමන් කරයි. 
විවිධ හේතුන් නිසා අභ්‍යන්තර රුධිර නාල වල නොසැලකිය හැකි කුඩා තුවාල ඇතිවේ. උදාහරණයක් ලෙස ව්‍යායාම කිරීමේදී හෘදයේ සියුම් රුධිර නාලිකා වල මෙම කුඩා තුවාල ඇතිවේ. මෙම මුක්තඛාණ්ඩ මගින් එම රුධිර නාලිකාවල කුඩා තුවලවීම් ඇති තැන්වලට ගොස්  එහි ඇති සෛල වලට හානි කොට තමන්ට අඩු ඉලෙක්ට්‍රෝන ලබා ගනී. මෙම ක්‍රියාවලිය දිගු කාලයක් සිදුවීමෙන් හෘදයට විශාල හානියක් සිදුවේ. මේ අයුරින්ම මුක්තඛණ්ඩවලට  ශරීරයේ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටද දිගු කාලීනව විශාල හානියක් කල හැකිය. එබැවින් දෛනිකව මුක්තඛාණ්ඩ ඇතිවීම වලක්වාලිය යුතුය. ඒ සඳහා දෛනිකව ශරීරයට අවශ්‍යම වන පෝෂ්‍ය පදාර්ථය වන්නේ ඔමිගා ත්‍රී හෙවත් Omiga3 යනුවෙන් හැදින්වෙන ප්‍රති ඔක්සිකාරකයකි. මෙම ඔමිගා ත්‍රී බහුලව ඇත්තේ සත්ව ආහාරවලය. 
පහතින් දැක්වෙන්නේ ඔමිගා ත්‍රී බහුල අනුපිලිවෙල අනුව දැක්වෙන ආහාර වර්ග 15ක පින්තූරයකි.  
ඔමිගා 3 දෛනිකව ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. එම ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 4000කි.  නමුත් දෛනිකව ආහාර ගන්නා විට එම ආහාරයේ ඔමිගා 3 තිබේද යනුවෙන් සොයමින් අනුභව කිරීම ඉතා දුෂ්කරය. ඔමිගා 3 දෛනික ආහාරයෙන් නිරායාසයෙන් ලැබිය යුතුය. ඉහත ආහාර ලැයිස්තුව දෙස පරීක්ෂාවෙන් බලන්න. ඔබ සත්ව ආහාර අනුභව කරන්නෙක් නම් එම ප්‍රමාණය දෛනික ආහාරයෙන් නිරායාසයෙන් ලැබීමට ඉඩ ඇත. නමුත් ඔබ ශාක ආහාර පමණක් අනුභව කරන්නෙක් නම් ආයාසයකින් තොරව ඔමිගා 3 ශරීරයට ලැබෙන්නෙම නැත. [Referance: 15 Omega-3 Foods Your Body Needs Now, Antioxidants and Free radicalsFree radicals, antioxidants and functional foods: Impact on human health,]

රක්ත හීන තාවය ඇති නොවීම සඳහා දෛනික යකඩ අවශ්‍යතාවය ශරීරයට ලබාදිය යුත්තේ උපරිම අවශෝෂණය වන පරිදි හීම් අයන් ලෙසයි   

අද ලංකාවේ බොහෝ වෛද්‍ය වරුන් රක්තහීනතාවය ඇත්දැයි තීරණය කරන්නේ හිමොග්ලොබින් දර්ශකය පරීක්ෂා කිරීමෙනි.
හීම් අයන් - Heme Iron සත්ව
ප්‍රෝටීන් අනුවේ මාධ්‍යගත
වී ඇති අයුරු 
හිමොග්ලොබින් දර්ශකය 12g/dl වැඩියෙන් තිබුනද රක්තහීනතාවය පැවතිය හැකි බව මොවූන් නොදන්නවා විය හැකිය. නැතිනම් ඒ ගැන සැලකිල්ලක් නැතිවීමද වීමට පිළිවන. රක්තහීනතාවය නිවැරදි ලෙස බැලීමට නම් ෆෙරිටින් දර්ශකය එනම් Ferritin පරීක්ෂාවක් කල යුතුය. එය 200ng/L විය යුතුය. එසේ නැතිනම් ට්‍රාන්ස්ෆරින් සැචුරේෂන් එනම් The Transferrin Saturation(TSAT) පරීක්ෂාව කල යුතුය. එය 20%ට වැඩි විය යුතුය.

මැග්නීසියම් පරමාණුවක්  ශාක 
ප්‍රෝටීන් අනුවේ මාධ්‍යගත 
වී ඇති අයුරු 
මෙම පරීක්ෂාවන් දෙක නොකරන නිසා ඇතිවන රක්තහීනතා ප්‍රදාහය කියන භයානක ව්‍යාධිය එනම් Anemia of inflammation and chronic disease කුඩා ලමුන් තුල පවා ඇතිවීම ඉතාම භයානක තත්වයකි. වයස අවුරුදු 50න් පසුව රක්තහීනතාවය තිබුණහොත් දනිස් කැක්කුමේ සිට පටන් ගෙන අස්ථි පුරුක් වල සැරව පිරෙන අතර අක්මාවේ ප්‍රදාහය හෙවත් ඉදිමීම සිදුවී සුව කල නොහැකි රෝගී තත්වයකට පත්වේ.
රක්තහීනතාවය නිසා අක්මාව ඉදිමී
පිළිකාව දක්වා වර්ධනය වීම 
මෙම ව්‍යාධිය  මේ අයුරින් ඉහත ව්‍යාධිය ඇතිවූ විට මේ මෝඩ බෞද්ධයා කරන්නේ අධික වේගයෙන් ලේ වඩවන ගව පීකුදු ටිකක් නොදී ලේපිළිකාව යයි නිගමනය කොට ගෙන පිළිකා රෝහල වෙත ගෙන ගොස් මරණය ඉක්මන් කිරවීමයි. ගව පීකුදු සතියකට අඩුම තරමින් වරක්වත් අනුභව කරන කිසිවෙක් කිසිවිටෙක රක්තහීනතාවය නිසා ආයුෂ කෙටි කර නොගනී.  

[Reference: Anemia of Inflammation and Chronic Disease]

දෛනිකව ආහාරයෙන් ලබාගත යුත් යකඩ ප්‍රමාණය පහත දැක්වෙන පරිදි වූවද කිසිඳු බෞද්ධයෙක් එම ප්‍රමාණය දෛනිකව ලබා නොගනී. ඔවුන් මරුන සතෙකුගේ මස් කෑල්ලකට නිර්වාණය අත්කොට දීමට ගොස් වටිනා මිනිස් ජීවිත අකාලයේ අවසන් කොට ගනී.   




  • පිරිමියෙකුට මිලිග්‍රෑම් 8ක් 
  • කාන්තාවකට මිලිග්‍රෑම් 18ක් 
  • ගැබිණි මවකට මිලිග්‍රෑම් 27ක්  ශරීරයට අවශ්‍ය වේ. 
  • ඉහත යකඩ ප්‍රමාණයන් ශරීරයට ලබාගැනීම සඳහා මස්, මාළු හා බිත්තර අනුභව කල යුතුම වෙයි. ඊට හේතුව ප්‍රෝටීන ලබාගත හැකි ආහාර වලින්ම යකඩද ලබාගත යුතු වීමයි. ප්‍රෝටීන ලබාගැනීමට එක ආහාර වර්ගයකුත් යකඩ ලබාගැනීමට තවත් ආහාර වර්ගයකුත් යනුවෙන් ආහාර වර්ග දෙකක් දෛනික ආහාරයට එක් කරගැනීම ප්‍රායෝගික නොවේ. ශාක ආහාර වල ප්‍රෝටීන් ඇත. නමුත් එම ශාක ආහාර වල යකඩ නැත. හොඳ නිරෝගී ශරීරයක් පවත්වා ගැනීමට ප්‍රෝටීන ලබා දෙන ආහාර වලින්ම යකඩද ලැබිය හැකි ආහාර දෛනිකව ගත යුතුය. එවිට ආහාර රටාව ප්‍රායෝගික වන අතර දෛනික ආහාරය ගැන සිත යොමුකරමින්ම සිටිය යුතු නොවේ. දෛනිකව අවශ්‍ය වන යකඩ ප්‍රමාණයද ප්‍රෝටීන් ප්‍රමාණයද එකවර සැපයිය හැකි ශාක ආහාරයක් තිබේ නම් ගෙන හැර දක්වන ලෙස නිර්මාංස NGO රැලට අභියෝග කර සිටිමු. මෙම NGO රැල ගෙනහැර දක්වන පහසුවෙන් ලබාගත හැකි එකම ආහාරය වන්නේ සෝයා බෝංචිය. සෝයා බෝංචි ආහාර දෛනිකව ගැනීමමෙන් පිරිමින් තුල කාන්තා ගති පහලවේ. ලිංගික ශක්තිය දුර්වල වේ. මෙම නිර්මාංස වෘත රකින්න මිත්‍යා දෘෂ්ඨිකයින් විවිධ ධාන්‍ය වල යකඩ ඇති බව ප්‍රකාශ කලද ඒ සෑම ශාක ආහාරයකම ඇති යකඩ ශරීරයට අවශෝෂනය වීම සිදුවන්නේ 50% කි. නිවිති (Spinach) වල ඇති යකඩ ශරීරයට අවහෝෂණය සිදුවන්නේ 2% බව මේ නිර්මාංස NGO රැල නොදන්නවා විය හැකිය. මේ නිර්මාංස නිඝන්ට හමුදාව කියන්නේ යකඩ පෙති වලින් ගන්නා ලෙසයි. මෙය කලහැක නමුත් දිගු කාලීනව යකඩ පෙති ගැනීමෙන් හෝමෝන අසමතුලිත වීම නිසා ඇතිවන ව්‍යාධි (Syndrome) නිවැරදිව හඳුනා ගැනීමට හැකි වෛද්‍ය වරුන් තවමත් ඉපදී නැත. 
    [Reference: Boosting iron absorption , The Danger of SoySoy: Eating This "Healthy" Food? It Could Be Slowly and Silently Killing YouWhy Avoid Soy??]
    ශාක ආහාර වල යකඩ තිබුනද ඒවා ශරීරයට අවශෝෂණය කරන්නේ සත්ව ආහාර වලින් යකඩ අවශෝෂණය කරන ප්‍රමාණයෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකිනි. එබැවින් ශාක ආහාර වලින් යකඩ ලබාගැනීමට උත්සාහ දරන මෝඩ බෞද්ධයා යකඩ ඇති බවට මෙම NGO රැල විසින් අනුමත කරන ආහාර  කිලෝ ගණනින් හරකුන් මෙන් කා දැමිය යුතුය. නැතහොත් රක්ත හීනතාවය ඇතිවෙම නතර කල නොහැකිය. ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 11g/dl ට අඩුවෙන් දිගුකාලය පවතුනහොත් එය ලේ පිළිකාව දක්වා වර්ධනය වීම නැවැත්විය නොහැකිය. දනිස් හා ජොයින්ට් රිදීමෙන් ආරම්භ වී ආතරයිටිස් ද අවසානයේ ජොයින්ට් වල සැරව පිරීමද සිදුවේ. මේවාට බෙහෙත් ලොවෙත් නැත. හිමොග්ලොබින් අඩු අයගේ දනිස් ජොයින්ට් රිදෙනවා නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුමය. විශේෂයෙන්ම තම දරුවන් වෙත අවධානය යොමු කල යුතුය. 
    රක්තහීන තාවය ඇතිවූ විට ඇඟිලි පුරුක් වල
    සැරව පිරෙන ආකාරය 
    අපේ මෝඩ දෙමාපියන් බුදු රජාණන් වහන්සේත් නොවදාළ නිර්මාංස වෘතයක් සමාදන් වෙයි. එතනින් නොනැවතී තම දරුවන්ටත් නිර්මාංසය සමාදන් කරවයි. ඔවුන් මේ කරන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය අවදානමට ලක්කරමින් කරන මහා භයානක පරීක්ෂණයක් බව නොදනී. අනුන් මරණ සතෙකුගේ මස් කැබැල්ලකට නිර්වාණය අවභෝද කර දීමට ගොස් බිල්ලට දෙන්නේ හයක් හතරක් නොදන්නා මිලක් නියම කල නොහැකි තමන්ගේ ආදරණීය දරුවන්ය. දිගු කාලීනව තම දරුවන් නිශ්ශබ්ද මාරයෙකුට හදුන්වා දෙන අතර කෙටි කාලීනව ඔවුන්ගේ බුද්ධි වර්ධනයට පහර දෙයි. නිරෝගී බවට හා සෞඛ්‍යට පහර දෙයි. මෙම තත්වය බෞද්ධ ප්‍රජාව තුලම ඔඩු දුවන මහා විනාශයකි. රක්ත හීනතාවය නිසා අස්ථි පුරුක් වල සැරව පිරෙන ආකාරය මෙම පින්තූර වලින් අවභෝද කර ගන්න. 


        
    සත්ව ආහාර  දෛනිකව නිරෝගී බව ආරක්ෂා කර ගනිමින් ලබාගත යුතු ආකාරය
    ඕනෑම ආහාරයක් දෙපැත්ත කැපෙන පිහියක් බඳුය. සත්ව ප්‍රෝටීන් ද එසේමය. දෛනික අවශ්‍යතාවයට වඩා ගැනීම මගින්ද රෝග ඇතිවන්නේමය. එබැවින් දෛනික ආහාරය ලබා ගැනීම පිණිස ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් සෑම බෞද්ධයෙක් තුලම තිබිය යුතුය.  

    බ්‍රොයිලර් කුළුමස් ආහාරයට ගැනීමේදී අතිශයින් ප්‍රවේසම් විය යුතුය. එය සතිකයට උපරිම වශයෙන් දින දෙකකට වඩා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුමය. ඔබ දෛනිකව කුකුළු මස් අනුභව කරන්නෙක් නම් මෙම වීඩියෝව ඇසුවොත් ඔබ පුදුමයට පත් වෙනවා නියතයි. 
      
    ඇතුළුවන විෂ ස්වාභාවිකව ඉවත්කිරීමේ ක්‍රම වේදයක් ශරීරය තුල තිබේ. එනිසා දෛනිකව කුකුළු මස් අනුභව නොකරන්නේ නම් ශරීරයට බාහිරයෙන් ඇතුළුවන හෝමෝන ස්වාභාවිකව ඉවත් කිරීමට ශරීරයට කාලවේලාව ඇති තරම් තිබේ. 
    දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට කුකුළු මස් ග්‍රෑම් 200ක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. නමුත් නැවතත් මතක් කර දිය යුත්තේ ප්‍රෝටීන් ලැබෙන අතරතුරම ප්‍රෝටීන් ලැබෙන ආහාරයෙන්ම යකඩද ලැබිය යුතුමය. එබැවින් යකඩ මිලිග්‍රෑම් 8ක් ද ලැබෙන පරිදි ප්‍රෝටීන් ලබා ගැනීමට කුකුළුමස් සුදුසු ආහාරයක් නොවේ. යකඩ මිලිග්‍රෑම් 8ක් කුකුළුමස් වලින් ලැබීමට ග්‍රෑම් 800ක් දිනකට ආහාරයට ගත යුතුය. එවිට ප්‍රෝටීන් ශරීරයට වැඩිවේ. එනිසා කුකුළු මස් පමණක් ආහාරයට ගන්න පිරිස නොදැනුවත්වම රක්තහීනතාවය නමැති නිශ්ශබ්ද මාරයා ක්‍රියාත්මක වෙමින් ආයුෂ කෙටි කරයි. හිමොග්ලොබින් නිසි ප්‍රමාණයෙන් තිබීම නිසා දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්නා පුද්ගලයින් නොමග යාම සිදුවේ. 

    දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්න කාන්තාවන් තුල එම හෝමෝන 

       

    සත්ව ප්‍රෝටීන වල Fe ඇති ආකාරය



    නිර්මාංස වෘතය හැරුන කොට තවත් විවිධ වෘත නිර්මාණය කර ගැනීමට අශ්රුතවත් බෞද්ධයා දක්ෂ වී තිබේ. මාළු නොකෑවට උම්බලකඩ හා හාල්මැස්සන් ටිකක් කන බෞද්ධයෝ සිටී. මස් නොකෑවට මාළු පමණක් කන බෞද්ධයෝ සිටී. අනෙකුත් මස් නොකෑවට කුකුල් මස් පමණක් කන පිරිසක් ද සිටී. හරක් මස් නොකා එළු මස් කන පිරිසක් ද සිටී. මේ කිසිඳු වෘතයකට නිවැරදි පදනමක් නැත. අවිහිංසාව නිසා මාංස නොකන්නේ නම් උම්බලකඩ ටිකක් වත් නොකෑ යුතුය. එළවලු වගා කරන විට කෘමි නාශක ගසා ප්‍රාණ  ඝාතනය කරන බැවින් එළවළුද නොකෑ යුතුය. හරි හැටි පදනමක් කියා ගත නොහැකි වූ කල්හිදී ගවමස් අප්‍රිය බව කියති. 
    ගවයා මරන්නේ වද දීමෙන් බැවින් කියන බෞද්ධයා එළුවා මරණ ආකාරය නොදනී. ගව මස් තරම් ගුණයක් නැති එළු මස් වැඩිපුර මුදලක් දී කයි. ගවයා මරණ විට උගේ ඇඟේ ලේ විෂ වන බව කියන බෞද්ධයා එලුවා හා කුකුලා මරණ විට ඌට දැනෙන  හැඟීම් ගැන නොතකයි. නමුත් මේ සියල්ලන්ටම ඉහලින් සියලු සත්වයා මිය යන බවත් එය ස්වාභාවිකව හෝ කර්මානුරුපීව සිදුවන බවත් බුදුන්වහන්සේ ධර්මය මගින් දේශනා කර ඇත. උන්වහන්සේ එවැනි ප්‍රාණ ඝාතයන්ට හවුල් නොවන ලෙස පැහැදිලිව දේශනා කර ඇත. 

    තවද අද්ධිට්ටං, අස්සුතං, අපරිසංකිතං යනුවෙන් ත්‍රිකෝටි පාරිශුද්ධිය දේශනා කලේ මේ ගැටලුව නිරාකරණය කරගැනීමටයි. මස් කෑම පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි නම් අද්ධිට්ටං ලෙසද, තමා වෙනුවෙන් එම සතා මරා ඇති බව නොඅසා ඇති නම් අස්සුතං හා පූර්ණ වශයෙන් ම රාගයෙන් ද්වේශයෙන්  මෝහයෙන් තොරව එනම් චේතනාව පිරිසිදුව එම මාංස ආහාර කොට ගනී නම් අපරිසංකිතං ලෙසද අනුදැන ප්‍රකාශ කොට ඇත.
    අධික ලෙස ගුණදායී රතු මාංස(Red Meat) වන ගව මස් හා බලමාලු කුලයට අයත් මාංස වලින් පිළිකා හැදෙන බවත් තව තවත් රෝග ඇතිවන බවත් මිත්‍යා මත පතුරවමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සනාථ කරන බෞද්ධ ලෙස පෙනී සිටින අබෞද්ධයින් සමාජයේ කොතෙකුත් ඇත. මස් මාංස නොව ඕනෑම ආහාරයක් අනවශ්‍ය ප්‍රමාන වලින් ගැනීමෙන් ලෙඩ රෝග ඇතිවන බව නොරහසකකි. ආහාරයේ මතඤ්ඤතාව රැක ගත යුතු බව බුදු රජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි. සැකසුම් කරන ලද මාංස එනම් (Processed Red Meat) වැඩිපුර ආහාරය ගැනීමෙන් පිළිකා හැදෙන සම්භාවිතාවය 18% ක් බව ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (US Department of Health) පර්යේෂණ වලින් සොයාගෙන ඇත. නමුත් ස්වාභාවිකව රතු  මාංස පමණට ආහාරයට ගැනීමෙන් පිළිකා හැදෙන බවක් ලොව කොහෙත් සොයාගෙන නැත.
    දිනකට ශරීරයට අවශය වන ප්‍රෝටීන ප්‍රමාණය පිරිමියෙකුට නම් දල වශයෙන් ග්‍රෑම් 56 කි. කාන්තාවකට නම් ග්‍රෑම් 46කි. නිරෝගීව සවිමත්ව උද්යෝගීව සිටීමට දිනකට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන, කොලස්ටරෝල්, යකඩ හා කැලරි ලබාගත හැකි ආහාර පහත වගුවෙන් දක්වා ඇත. 

     ආහාර ග්රෑම් 100 කින් ලැබිය හැකි පෝෂණය පහත වගුවේ දැක්වේ. 






    ශරීරයට ලැබිය යුතු නියමිත ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්
    යකඩ හා ප්‍රෝටීන සමබර කිරීම නිවැරදි ආහාරයක මූලික ලක්ෂණය විය යුතුය. එමගින් රෝගීවීම මුළුමුනින්ම පාහේ වලක්වා ගත හැකිය. ඉහත වගු දෙක අවධානයෙන් අද්‍යනය කිරීමෙන් ඉතාම නිරෝගීව සිටීම සඳහා සුදුසුම ආහාර වර්ගය තර්කානුකූලව ඉහත වගු දෙස බලා නිගමනය කල හැකිවේ. ආහාරය සමබර කර ගත යුත්තේ ලේ වැඩෙන පරිදිය. එනම් ප්‍රධාන් වශයෙන් යකඩ දිනකට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිවම ලැබෙන ආකාරයටය. හරියට ලේ වඩන විට සිට්‍යලු රෝග නිවාරණය වේ. පෙති කිසිවක් අවශ්‍ය නොවේ.  
    ලේ වඩන ආහාර වේලක් පිළියෙළ කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු
    1. කුකුල්මස් දෛනිකව ආහාරයට ගැනීමෙන් එතරම් පලක් නැත. එහි ඇති යකඩ ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයට වඩා වැඩි බැවිනි. යකඩ ප්‍රමාණය සරිලන ලෙස කුකුළුමස් අනුභව කල විට (ග්රෑම් 800ක්) ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය වැඩිවේ. 
    2. ප්‍රෝටීන දෛනික අවශ්‍යතාවය සපුරාගැනීමට කුකුල් පීකුදු ගැනීමෙන් අවශ්‍ය යකඩ ප්‍රමාණය හා කොලස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යයි. එබැවින් දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය ඉටු කර ගනීමට සුදුසුම ක්‍රමය කුකුල් මස් නොවේ. කුකුල් පීකුදු ගන්නේ නම් මසකට දෙතුන් වරකට වඩා නොගත යුතුය. ඒ කුකුලන් ඉක්මනික් වර්ධනය කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආහාරයට දෙන බැවිනි. අනෙක එක් කුකුලගේ අක්මාව ග්රෑම් 25ක් තරම්වත් නොවේ. එබැවින් එක වේලකට අවශ්‍ය 6 දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය පීකුදු ප්‍රමාණය සකස් කර කුකුලන් 10ක පමණ පීකුදු අවශ්‍යය. මෙය ප්‍රායෝගික නොවේ.    
    3. සාමාන්‍ය මාළු වලින් ප්‍රෝටීන ලබාගත හැකිය. දෛනික යකඩ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට සාමාන්‍ය මාළු ආහාරයට ගනීමෙන් නොහැකිය. ඒ එහි යකඩ නොමැති තරම් බැවිනි. යකඩ අවශ්‍යතාවය සැපිරෙන්නේ නොමැතිව ප්‍රෝටීන පමණක් ගැනීම එතරම් ඵලදායී නොවේ.  
    4. යකඩ නිසි ප්‍රමාණය ලබා ගැනීම කෙලවල්ලා කුලයට අයත් මාළු ආහාරයට ගන්නේ නම් මාළු ග්‍රෑම් 650ක් පිරිමියෙක් ද 1250ක් කාන්තාවක් ද ආහාරට ගත යුතුය. එය කැ නොහැකි ප්‍රමාණයක් වන අතර එසේ කෑවද දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රෝටීන වැඩි වනු ඇත. එය තවත් රෝග ගණනාවක ආරම්භයකි. 
    5. ගව පීකුදු ග්‍රෑම් 150 ක් පමණ ගැනීමෙන් දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයත් යකඩ ප්‍රමාණයත් සෑහෙන තරම් දුරට නිවැරදි කර ගත හැකි අතර  එහි ඇති අධික විටමින් A නිසා එයද සිරරට හානිකර වන අතර සතියකට වරකට දෙවරකට වඩා ගව පීකුදු ආහාරයට නොගත යුතුය. ගව පීකුදු වල ඇති විටමින් A ප්‍රමාණය දිනකට අවශ්‍ය ප්‍රමාණය මෙන් 9 ගුණයකි. 
    6. ශරීයට නිවැරදිම මාත්‍රාව ප්‍රෝටීන හා යකඩ ලබා ගත හැක්කේ ගව මස් වලින් පමණි. ගවමස් ග්රෑම් 100 ක් ආහාරයට ගැනීමෙන් යකඩ මිලි ග්‍රෑම් 2.6 ක් ලැබෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 29ක් ලැබේ. දිනකට අවශ්‍ය කොලස්ටරෝල් ප්‍රමාණනයද නොඉක්මවනු ඇත. කොලස්ටරෝල් ලැබෙනුයේ මිලි ග්‍රෑම් 90 ක් පමණි. ඉතිරි අවශ්‍ය ප්‍රමාණය බිත්තර සුදු මදයකින් හා මේධ වලින් ලබා ගැනීමෙන් ඉතාම නිවැරදි ආහාර වේලක් පිලියෙල කර ගත හැකිය. 
    7. රක්ත හීනතාවය සියලුම රෝග වලට මූල හේතුවයි. ඒ සෛල වෙත ඔක්සිජන් ගෙන නොයාම නිසයි. රක්ත හීනතත්වයෙන් පෙලෙන අය සතියකට දෙවරක් හෝ තෙවරක් ගව පීකුදු සුප් පානය කිරීමේන් රෝග විශාල ගණනක් කිසිඳු බෙහෙතක් නොමැතිව සුවකර ගත හැකිය.
    8. පීකුදුවල ඇති සමස්ථ පෝෂ්‍ය ගුනනය නිසා නිරෝගී පුද්ගලයින් පීකුදු අනුභව කල යුතුය. නමුත් නිරෝගී පුද්ගලයෙකු පීකුදු ග්‍රෑම් 84 ක් අනුභව කල යුත්තේ දින 6කට වරකි. ඒ පීකුදු වල ඇති යකඩ ප්‍රමාණය දිනකට ප්‍රමානවත් වුවද එහි ඇති අධික විටමින් A ප්‍රමාණය දෛනිකව ශරීරයට වැඩිවන බැවිනි. නිරෝගී පුද්ගලයෙකු දිනකට විටමින් A ගතයුත්තේ මයික්‍රෝ ග්‍රෑම් 900කි. කාන්තාවකට නම් මයික්‍රෝ ග්‍රෑම් 700කි. පීකුදු ග්‍රෑම් 84ක (අවුන්ස 3 ක ) ඇති විටමින් A ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 6582 කි. යමෙක් රක්තහීනතාවයෙන් පෙලේ නම් රක්තහීනතාවය නිවැරදි වනතුරු දිනකට පීකුදු ග්රෑම් 84 බැගින් දින දෙකකට වරක් ගැනීම වරදක් නොවේ. වැඩිදුර කියවන්න>>
    9. ගැබිනි මාතාවන්හට අධික යකඩ ප්‍රමාණයක් දිනකට අවශ්‍ය බැවින් පීකුදු දින දෙකකට වරක් දීමෙන් කිසිඳු හානියක් සිදු නොවේ. ඒ දිනකට යකඩ මිලිග්‍රෑම් 27ක්  අවශ්‍ය වන බවිනිනි. මන්ද යත් එහි ඇති විටමින් A ප්‍රමාණය දින දෙකකට ගැබිණි මාතාවකට සෑහෙන් බැවිනි. 
    ඉහතින් ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය පෙල ගැස්වීමකි. මේ සරල කරුණු තේරුම් ගැනීමට නොහැකි වන පරිදි දේව ආගමක් ලෙස නිර්මල බුදු දහම පරිහරණය කරන තත්වයකට බෞද්ධයින් මිත්‍යා දෘෂ්ඨියට ඇද දමා ඇත.
    තවද අස්රුතවත් මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයින් කොටසක් යම් කලාතුරකින් හමුවෙන නිරෝගී සුවිශේෂ නිර්මාංශ පුද්ගලයෙකු පිලිබඳ බාහිරයෙන් බලා එය උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සදාරනීකරනය කරයි. 
    මෙවැනි කෙස්පැලෙන තර්ක දමන පුද්ගලයින් දත යුතු සත්‍යක් ඇත. පළමුව එවැනි පුද්ගලයින් රක්තහීන තාවයෙන් හා තවත් කොපමණ රෝග වලින් පෙලෙනවාදැයි මුලින්ම සොයා බැලීමයි. දෙවනුව එවැනි සුවිශේෂී පුද්ගලයින් කලාතුරකින් සිටිය හැකි බව බුදුරජානන් වහන්සේ අභිධර්මයේ පැහැදිලිව විස්තර කරයි. කන බොන කාබලිංක ආහාර හැර ශරීරයට අවශ්‍ය මුලධාතු හා පෝෂ්‍ය පදාර්ථ නිර්මාණය වන තවත් ක්‍රම 3ක් අභිධර්මයේ විස්තර වේ. එනම් සසර පුරාවට පෙර ආත්මයන් වලදී කරන ලද කුසල අකුසල කර්ම වලට, චිත්ත ශක්තියට හා තේජෝ බලයට මෙම රූප උපදවීමේ හැකියාව ඇත. මෙවැනි කෙස් පැලෙන අඥාන තර්ක දමන බෞද්ධයින් කල යුත්තේ සාමාන්‍ය සමාජයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් යුත් සාම්පලයක් පරීක්ෂා කොට රක්තහීනතාවය පිලිබඳ මද්‍ය අගය ගැනීමයි. මේ පිලිබඳ තේරුම් ගැනීමට කිස්වෙක් පරීක්ෂණයක් ලෙස කල යුතු නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ළමුන්ගෙන් 90%ක් රක්තහීනතාවයෙන් හෙවත් රුධිරයය නොමැතිබවෙන්  පෙලෙයි. එය කව්රුත් දන්නා ප්‍රසිද්ධ තොරතුරකි.
    මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ගේ මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවට දැඩි ප්‍රහාරයකි. උඩුගම් බලා යාමකි. මෙහි ඇති කරුනු සියල්ල ත්‍රිපිටකය අනුග්‍රහයෙනි. විද්යාත්මික නිවැරදි තොරතුරු ඇසුරිනි. ඕනෑම කෙනෙකුට අභියෝග කලහැකිය. 
    මේ වන විට ඔබත් යම්කිසි රෝගයකට හෝ ඔනෑම දරුණු රෝගයකට ගොදුරු වී ඇත්නම්, ඈලි මැලි දුබල කමෙන් පෙලේ නම්, හන්ඳි පත් රුදාවෙන් පෙලේ නම්. කකුල් අතපය ඉදිමී රිදේ නම්, ලිංගික දුබලතාවයකින් පෙලේ නම්, දරුවන් නොලැබෙන ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි නම්, හිමොග්ලොබින් ඌනතාවයෙන් පෙලේ නම්, මානසික ආතතියෙන් හා සාංකාවෙන් පෙලේ නම්, භාවනා කරන විට පාඩම් කරන විට රැකියාව කරන විට හිත එකඟ නොවේ නම්,  ඔබ මහලු වී ඇතැයි සිතට දැනේ නම්, ඔබ මේ වන විට සමාදන් වී සිටින මිත්‍යා දෘෂ්ටික වෘතයෙන් එක් සතියකට හෝ දෙකකට මිදෙන්න. සතිය තුල දින දෙකක පීකුදු ද, ඉතිරි දින 5 තුල ගව මස් ද අනුභව කර ප්‍රායෝගිකව වෙනස හඳුනා ගන්න. සතියකට දෙකකට වෘතය බිඳ දැමීමෙන් වන හානියක් නැත. වෙනස දැනුනහොත් මේ ලැබුවා වූ මිනිසත් බව තුල නිරෝගීව තව තවත් ධර්මයේ යෙදීමට තීරණය ගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ආමගන්ධ සුත්‍රය අනුගමනය කර නියම නිර්මල බෞද්ධයෙකු වන්න. කිසිඳු වෙනසක් තමාට සිදු නොවන්නේ නම් ජීවත් වන තුරාවට ඔබ විශ්වාස කරන නිර්මාන්ස වෘතයේම රැඳෙන්න.  

    මෙම ලිපිය නැවත නැවතත් කිහිපවරක් කියවන්න. ප්‍රයෝගිකව පීකුදු හා මාංස අහාරකොට ගෙන ප්‍රතිඵල ලබන්න. එයින් ඔබ දිගු කලක් පීඩා විඳි රෝගයක් සුව වනවා නියතයි. තවත් එවැනි රෝගීන් දහසක් සුව කිරීමට මෙම ලිපිය බෙදා හැරීමට කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.   

    Sunday, August 28, 2016

    ප්‍රෝටීන් හා යකඩ ඌන වීමෙන් තරුණ පරපුර, ගර්භනී මාතාවන් හා උපදින්න සිටින දරුවන්හට වන හානියෙන් බෞද්ධයින් බේරා ගනිමු

    විශේෂයෙන්ම ගර්භනී අවදියේදී මවක් අතිශයින් සැලකිලිමත් විය යුතු පෝෂ්‍ය පදාර්ථ 3කි. එනම් යකඩ, ප්‍රෝටීන් හා විටමින් බී හෙවත් ෆෝලික් ඇසිඩ් වේ. මේ පිලිබඳ ඇති අල්ප දැනුම නිසා බොහෝ මවුවරු රෝගී දරුවන් බිහි කරයි. ඉන්පසු ජීවිත කාලයම දුක් විඳි. දරු ප්‍රසූතිය ඉතාම අපහසු කාර්යක් බවට පත්කර ගනී. කාලයට පෙර දරුවන් බිහි කරයි. මවත් දරුවත් දෙදෙනාම හෝ දෙදෙනාගෙන් එක් අයෙක් මියයන අවස්ථාද ඇත.

    හැදෙන දරුවන් හා තරුණ පරපුර දැනුවත් විය යුත්තේ ප්‍රෝටීනත් යකඩත් සමබරකොට ගෙන ආහාරය ගැනීමයි. ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පිෂ්ඨ හා මේදයද, විටමින් හා ලවන ආහාර වලින්ම පමණක් ගැනීමටයි. වෙලදපොලේ විකිණීමට ඇති දහසක් අතුරු ආබද ගෙනදෙන විවිධ අනුකාරක එනම් Food Supplement වර්ග නොගැනීමටයි. අනුකාරක ගැනීමෙන් ශරීරය තුල එම පෝෂ්‍ය පදාර්ථ අහාරයෙන් නිපදවීමේ හැකියාව නතරවේ.  

    සාමාන්‍ය පුරුද්දක් ලෙස මාංස පරිභෝජනය කරන පවුල්වල සිටින සාමාජිකයින් දෛනික ආහාරයේ තිබෙන පෝෂ්‍ය පදාර්ථවල නිවැරදි ප්‍රමාණයන් පිලිබඳ පිලිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වුවද එතරම් ප්‍රශ්නයක් නොවේ. නමුත් දිගු කාලීනව නිරෝගී වීම සඳහාත් වයස අවුරුදු 35හෙන් පමණ පසු දියවැඩියාව, කොලස්ටරෝල් ප්‍රෙෂර් වැනි රෝගද, දරුවන් ලැබීමට ඇතිවන අපහසුව මගහරවා ගැනීමටද ලිංගික ශක්තිය හා හැකියාව මනාව පවත්වා ගැනීමත් වැනි දේ පිලිබඳවද උනන්දුව ඇති අය දිනකට ගත යුතු පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රමාණයන් නිවැරදිව දත යුතුය. ඔවුනට මෙම ලිපිය විශාල ආධාරකයක් වනු ඇත.     

    ප්‍රෝටීන යකඩ ප්‍රධානකොට ගත් අනෙකුත් ආහාර සංඝටක සමබරතාවය පිලිබඳ නිසියාකරරයෙන් දැනුවත් වීමෙන් මේ සියලු රෝග දුක් ගැහැට වලින් අත්මිදීමට හැකියාව තිබේ. 

    අප මෙම ලිපියෙන් වැඩිහිටියන්, ගර්භනී මවුවරුන්, තරුණ පරපුර හා දරුදැරියන් ගතයුතු ආහාර පිළිබඳව විද්යාත්මක දැනුමත් ධර්මානුකූල විවරණයත් දෙකම ලබා දෙන්නෙමු. 

    මෙම ලිපි පෙළ මගින් බෞද්ධ දරුවන් විනාශ කර දීර්ඝ කාලීනව බුදුදහම විනාශ කිරීමට තත් කරන NGO මාෆියාවට විද්‍යානුකූලව හා ධර්මානුකූලව නිර්ධය ලෙස  පහර එල්ල කරමු. ඔබ ගර්භනී මවක් ලෙස නිවැරදි ආහාර ගෙන නිරෝගී දරුවෙක් බිහි කරනවාද නැතිනම් මිත්‍යා දෘෂ්ටියට මුලා වී රෝගී දරුවන් බිහි කර තම ජීවිත කාලයම දුක්වින්දිනවාද යන්න තීරණය කිරීම මෙම ලිපිය අවසානයේ පාඨකයාට භාර කරමු. 

    ඔබේ තරුණ ජීවිතය වැඩිහිටි සමය නිරෝගීව ගතකරන්වාද යන්නද පාඨකයාට භාර කරමු. මෙය දීර්ඝ ලිපියකි. මෙය කියවීමෙන් ඔබේ ජීවිතය නව සන්දිස්ථානයක්  පසු කරන බවත් නව ආලෝකයක් ලබන බවත් සපථ කර සිටිමු.   

    ගර්භනී අවදියේදී ඉතාම සැලකිලිමත් විය යුතු පෝෂ්‍ය පදාර්ථ මූලික වශයෙන් තුනකි. මේ පිලිබඳ මහජනයාට යම්කිසි දැනුමක් තිබුනද නිරෝගී දිවි පැවැත්මක් සඳහා එය ප්‍රමාණවත් නොවේ. නිවැරදිවම ඒ පිලිබඳ අද වෛද්‍යවරුන් ප්‍රමාණාත්මක දත්ත සහිතව පහදා දෙන්නේ ඉතාම කලාතුරකිනි.

    මීට ප්‍රධානතම හේතුව අද ප්‍රසිද්ධ ජනමාධ්‍ය ජයගෙන ඇත්තේ නිර්මාංස NGO රැලක් වීමයි. ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථවල ප්‍රමාණාත්මක දත්ත ඉදිරිපත් නොකරන්නේ එසේ ඉදිරිපත් කළහොත් ඔවුන්ගේ යටි පරමාර්ථය ඉටු කරගැනීමට නොහැකි වන නිසාවෙනි. ඔවුන්ගේ යටි අරමුණ නම් බෞද්ධයා පෝෂණය අතින් දුර්වල කොට දීර්ඝ කාලීන වශයෙන් විනාශ කොට දැමීමයි.  

    ප්‍රමාණාත්මක දත්ත එනම් දෛනිකව ශරීරයට අවශ්‍ය යකඩ හා ප්‍රෝටීන නියමිත ප්‍රමානවලින් ලබා ගැනීමට මස්මාළු නොමැතිව හැකියාවක් නැති බව ඔවුන් හොඳින් දනී. නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ප්‍රෝටීන හා යකඩ ගත හැකි ශාක ආහාර ඕනෑ තරම් ඇති බවයි. නමුත් ඒ මොනවාද? ඒ එක් එක් ශාක ආහාර කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක් දිනකට ගත යුතුද යන්න කිසිවිටෙකත් නොකියයි. මේසේ සාවද්‍ය ලෙස පෝෂණය පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මොවුන් පැහැදිලි උපක්‍රම දෙකක් භාවිතා කරයි.


    1. මොවුන් පෝෂණය පිලිබඳ කතා කිරීමේදී බෞද්ධයා හා බුදු දහම මීට පටලවා ගනී. 
    2. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රාණඝාත අකුසලය මාංස අනුභවය සමගද පටලවයි.      
    මොවුන් මෙම වැඩසටහන් පටන් ගන්නේ දරුවන් හදන තැන සිටය. මොවුන්ගේ නිර්මල අදහස ගර්භනී මව්වරුන්ගේ පෝෂණය නම් ඊට බෞද්ධයා පමණක් පටලවා ගත යුතු නැත. ඒ දරුවන් බිහිකරන්නේ බෞද්ධ කාන්තාවන් පමණක් නොවෙන නිසාවෙනි. බෞද්ධයා විනාශ කිරීමම අරමුණුකොට ගත් ව්‍යාපෘතියක් බව මෙයින්ම මොනවට පැහැදිලිවේ. 

    මොවුනට අවංක අවශ්‍යතාවය බෞද්ධයා නිවන් මගේ පිහිටුවීමට නම් එය බෞද්ධ ධර්මානුකූල වැඩසටහනක් විය යුතුය. අනෙක බුදු දහම යනු නිර්මාංසය නොවේ. බුදු දහමේ හරය නිවනයි. නිර්මාංස වීමෙන් නිවන් දැකිය හැකි බව බුදුදහමේ කිසිතැනක උගන්වන්නේ නැත. මොවුන් කතා කරන්නේ බෞද්ධයා සතුන් මරාගෙන කන ම්ලේච්ච ප්‍රජාවක් ලෙසයි. ආහාරය පිණිස තමාම සතෙකු මරාගෙන කන එකඳු බෞද්ධයෙක් හෝ මේ ලිපිය කියවන පාඨකයා දැක තිබේද?. බෞද්ධයාට සත්ව අවිහිසාව කියාදීමට පැය ගණන් මිලියන ගානක් වටිනා TNL ගුවන් කාලය කැප කල යුතු නැත. මහා සයුරක් තරම් වූ අසූ හතර දහසක් ධර්මස්කන්දයක් පසෙක තබා ප්‍රාණඝාතය පමණක් කේන්ද්‍රගත කොට ගෙන මේ වැදි බන දෙසන්නේ වෙනත් යටි අරමුණ සහිතව බව පාඨක ඔබට නොවැටහෙන්නේද? 

    ඔවුනට අවංක පරමාර්ථය ගර්භනී මාතාවන්ගේ පෝෂණය පිළිබඳව නම් මෙම වැඩසටහන පෝෂණය පිලිබඳ වැඩසටහනක් විය යුතුය. මස් මාළු කෑමෙන් හානියක් වන්නේ නම් ශාක ආහාර ලෙස ගතයුතු ආහාර මොනවාද ඒවායේ ප්‍රමාණයන් කොතෙක්ද නිවැරදිව ප්‍රකාශ කල යුතුය. බුදු දහමත් පෝෂණයත් යන මේ දෙක එකට පටලන්නෙ කුමක් නිසාදැයි බුද්ධිමත් පාඨකයාට සිතීමට කාලය පැමිණ තිබේ. ඔවුන් එසේ කරන්නේ බෞද්ධයා පෝෂණය අතින් දුර්වල කිරීමෙන් බෞද්ධ ප්‍රජාව මේ රටින් අතුගා දැමීමේ අභිමතය දීර්ඝකාලීනව ඉටුවන බැවිනි.    

    මෙම වීඩියෝවේ සිටින ලීලන්ගනී ද සිල්වා වෛද්‍යවරිය විකිරණ විශේසඥ වෛද්‍යවරියක් බව පවසයි. එබැවින් පෝෂණය පිලිබඳ එහෙන් මෙහෙන් සොයාගත් කරුණු වැරදි දත්ත සහිතව ඉදිරපත් කරන්නේ තමාගේ පෞද්ගලික අරමුණක මුදුන්පත් කරගැනීම සඳහා බව පැහැදිලිවේ. ගැබිණි මවකට දියයුතු උතුම් උපදෙස් වෙනුවට බෞද්ධ දරුවන් පෝෂණයෙන් අඩාල කොට දිගු කාලීනව බෞද්ධයා විනාශ කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්නේ වෛද්‍ය විද්‍යාවට පවා පහරක් එල්ල කරමිනි. මෙවැනි ඊනියා වෛද්‍ය වරුන් ප්‍රසිද්ධ මාධ්‍යට යැවීම පිලිබඳ ක්‍රමවේදයක් වෛද්‍ය සභාව නිර්මාණය කලයුතුය. නැතහොත් සමාජය පිළිකුල් කරන්නේ මුළු වෛද්‍ය ප්‍රජාවම වනු ඇත.  

    මෙම පහතින් දැක්වෙන වීඩියෝව සාවධානව සවන් දීමෙන් මෙම වෛද්‍ය වරියගේ පහත් අභිලාශය මොනවට පැහැදිලි වේ. ඇය තමාගේ පරමාර්ථය මුදුන්පමුණුවා ගැනීම සඳහා මවු වරුන් හා අලුත උපදීමට සිටින දරුවන් බිලි දීමට මැලි නොවන ආකාරය දැක ගැනීමට ඔබ සමත් වනු ඇත. මෙම ලිපිය එවැනි පහත් අධම වෛද්‍යවරුන්ගෙන් අපේ බෞද්ධ මවුවරුන් ගලවා ගැනීම සඳහා විද්‍යාත්මක හා ආගමානුකූලව සකස් කරන ලද ලිපියකි.



    ශරීරයට අවශ්‍ය යකඩ හා ප්‍රෝටීන සමබර කරමින් ආහාරයක් සකස් කරන විද්‍යානුකූල ක්‍රමවේදය. 

    මෙම විකිරණ ශිල්පිනිය පෝෂණය ගැන කියන සාවද්‍ය ප්‍රකාශ විද්‍යානුකූලව ඔප්පු කර පෙන්වීම සඳහා ප්‍රෝටීන අනුවේ සකස්වීම සරල ලෙස දත යුතුය. ඒ සඳහා පින්තුර දෙකක් පහතින් දක්වමු. 

    මේ ශාක ප්‍රෝටීන අනුවකි

    මෙහි හරි මැද ඇත්තේ මැග්නීසියම් පරමානුවකි. 

    මේ සත්ව ප්‍රෝටීන අනුවකි 



    මෙහි මැද ඇත්තේ යකඩ පරමානුවකි. මෙම ප්‍රෝටීන හීම් ප්‍රෝටීන ලෙස හඳුන්වයි. හීම් යනු රුධිරයයි. එනම් හිමොග්ලොබින් හදන ප්‍රෝටීනයි. එබැවින් රුධිරය වඩවන ප්‍රෝටීන් ඇත්තේ සත්ව ප්‍රෝටීන වලයි. 

    මේ අනු දෙක පරීක්ෂා කිරීමෙන් ශරීරයට යකඩ ලබාගැනීමට අවශ්‍ය නම් ගත යුත්තේ සත්ව ප්‍රෝටීනද ශාක ප්‍රෝටීනද යන්න ඕනෑම මන්ද බුද්ධිකයෙකුට වුවද වැටහේ. මෙම වීඩියෝවේ සිටින විකිරණ ශිල්පිනිය ප්‍රෝටීන් වලනම් ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන් තම NGO අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙන් යට ගැසීමට උත්සාහා දරන්නේ මෙම සත්‍යයයි. ශරීරයට අත්‍යාවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයන් වූ ප්‍රෝටීන් හා යකඩ මේසේ සරලව මගහැරිය හැකිද?  

    යකඩ යනු රුධිරයේ ඇති හිමොග්ලොබින් වල ප්‍රධානම සංඝටකයයි. යකඩ තරම් ශරීරයට මැග්නීසියම් අවශ්‍ය නොවේ. එබැවින් ශාක ප්‍රෝටීන ලබාගත යුත්තේ ස්වල්ප වශයෙනි. යකඩ අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සත්ව ප්‍රෝටීන ගැනීම අනිවාර්ය වේ. නමුත් මෙසේ ප්‍රකාශ කලවිට එහෙනම් නිර්මාංස පුද්ගලයින් සත්ව ප්‍රෝටීන නොමැතිව ජීවත් වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඔබට සිතෙහි පැන නගිනු ඇත. ඊට පිළිතුරක් සෙවීමට විද්‍යාව මෙතෙක් සමත් වී නැත. විද්‍යාවට අනුව පුදුමය නම් නිර්මාංස පුගලයිනට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය කෙසේ ලැබේද යන්නයි. විද්‍යාවට පිළිතුරක් නැතිවුවත් මේ පිලිබඳ නිසි පිළිතුරක් බුදුදහමේ අභිධර්මයට අනුව පැහැදිලිව සොයා ගත හැකිය. මේ සබැඳියෙන් ඒ ගැන කියවන්න.
    නිරෝගී වීමට මස් කෑම අවශ්‍යමද? අභිධර්මානුකූල විවරණය   

    නිරෝගී දිවි පැවැත්මක් සඳහා ප්‍රෝටීන පිළිබඳව ඉහතින් ලැබූ දැනුම ප්‍රමාණවත් නැත. සත්ව ප්‍රෝටීනත් එමගින් ලැබෙන යකඩත් සමබර විය යුතුය. ප්‍රෝටීන හා යකඩ සමබරතාවය පිලිබඳ නිවැරදි අවභෝදයක් සරලව ලැබීම සඳහා පහත සබැඳිය හොඳින් කියවන්න.

    නිරෝගී දිවි පැවත්මනට නැතුවම බැරි සත්ව ප්‍රෝටීන් හා එමගින් ලැබෙන යකඩ සමබර කරගැනීමට නිවැරදි ක්‍රමවේදය 


    මෙතැන් සිට පෝෂණය පිලිබඳ කිසිඳු දැනීමක් නොමැත මේ ඊනියා විකිරණ ශිල්පිනිය කියන මහා පොලොව නුහුලන පට්ටපල් කෙබර පිලිබඳ විශ්ලේෂණයක් යෙදෙමු. මෙම NGO රැල මහජනයා මුලාකරන ආකාරය ඉන් පැහැදිලි වනු ඇත.

    1. "ෆෝලික් අම්ලය කියන එක අනිවාර්යයෙන්ම මස්මංස වල අඩංගු නැහැයි කියල මට කියන්න පුළුවන් " මේ වීඩියෝව අහලම බලන්න. 

      මේ සිංහල බෞද්ධයා මුලාකිරීමට කියන පට්ටපල් අමූලික මුසාවාදයකි. මේ අයුරින් මහජනයා මුලා කරන ඊනියා දේශකයින් අල්ලා සිරගත කල යුතුය. නැතහොත් මහජනතාව විසින් මොවුනට නිසි දඩුවම් දිය යුතුය. පහතින් ඇති සබැඳිය කියවන්න. එය අප විසින් ලියන ලද සමීක්ෂණ වාර්තාවක් නොවේ. ඇමෙරිකාවේ රජය විසින් එනම් U.S Department of Health යටතේ ඇති National Institute of Health ආයතනයේ Office of Dietary Supplement යටතේ ප්‍රසිද්ධියට පත් කරන ලිපියකි.
      Folate Dietary Supplement Fact Sheet

      එතකොට ඇමරිකාවේ රාජ්‍ය ආයතනයක් ඵල කරන මේ ලිපිය බොරුද?
      මේ සමීක්ෂන වාර්තාව අනුව වැඩිපුරම ෆෝලික් ඇසිඩ් ඇත්තේ ගව පීකුදු වල බව මොනවට පැහැදිලි වනු ඇත. මැය මේ ප්‍රකාශය කරන්නේ පීකුදු වල ෆෝලික් ඇසිඩ් ඇතිබව නොදැන නොවේ.  නිර්මාංස රැල උපදින්න ඉන්න බෞද්ධ දරුවන්ට දෙන ගේම මොකද්ද යන්න මෙතැනින්ම අවබෝධ කරගත යුතුය.

      මෙම වාර්තාවේ ඇති ෆෝලික් ඇසිඩ් ලබාගත හැකි ආහාර ලයිස්තුවේ අපේ රටේ ඉන්න දුප්පත් අසරණ අම්මා කෙනෙකුට ගත හැක්කේ කී වෙනියට තියෙන ආහාරයද යන්න බුද්ධිමත් පාඨකයා තේරුම් ගත යුතුය.

      මැය කියන්නේ ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගන්නා ලෙසයි. පෙති ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ ගැන මෙහිදී විස්තර කල යුතු නොවේ. ආහාර වලින් ලබා ගතයුතු ෆෝලික් ඇසිඩ් පෙතිවලින් ගැනීමෙන් ශරීරය තුල ෆෝලික් ඇසිඩ් නිපදවීමේ හැකියාව නැතිවී යයි. පීකුදු ටිකක් ආහාරයට ගැනීමට උපදෙස් දීමට හැකියාව තිබියෙදී මේ පෙති ගන්න කියන්නේ ඔබට ආදරයට නොවේ. මෙම NGO නඩය ඖෂධ මාෆියාව හරහා මුදල් ගරා ගැනීමටයි. අපේ ජන වහරේ දරුවන් හම්බ වෙන්න ඉන්න මව් වරුන්ට "පීකුදු ටිකක් දෙන්න" කියන්නේ එහි ඇති අසීමිත ගුණය ලාභය නිසාය.

      මේ කියන නිර්මාන්ස ආහාර වල ස්වල්ප වශයෙන් ෆෝලික් ඇසිඩ් නැතුවා නොවේ. ඒවා ප්‍රමාණාත්මක වශයෙන් ඉතා අල්පය. මෙම නිර්මාන්ස ආහාරවලින් දිනකට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් ගැනීම සඳහා කොළ කිලෝ ගණනින් ආහාරයට ගත යුතුය. එසේ නොවෙනවානම් පෙන්වන ලෙස මෙම NGO රැලට අභියෝග කරමු.

      මුදල් යහමින් අති ධනපති පන්තියේ මව්වරුන්ට නම් ආනයනය කොට ගත හැකි ආහාර වන Spinach, Black-eyed peas (cowpeas), Breakfast cereals, Asparagus, Spaghetti, Brussels sprouts, Lettuce, romaine වැනි ආහාර ඕනෑ තරම් තිබේ.
    2. "ප්‍රෝටීන් වල තමයි අර පොඩ්ඩක් අර සාකච්චාව තියෙන්නේ මාංසමය ප්‍රෝටීන් ද වඩා හොඳ එහෙම නැත්නම් මේ.. ශාක ප්‍රෝටීන් ද කියල". මේ ඇයගේ දෙවන අමූලික මුසාවාදයයි.


      මෙවැනි සාකච්චාවක ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. දෙල්කඳ පොලෙත් නැත. මැය මේ ප්‍රකාශ කරන බොරුව සාවද්‍ය බව තහවුරු කිරීම සඳහා ප්‍රෝටීන් ගැන තවදුරටත් යමක් කිව යුතුය. ශාක ප්‍රෝටීන් වල යකඩ නැත. ඒවා none-heme Protein වේ. සත්ව ප්‍රෝටීන්  heme Protein වේ. මෙම ප්‍රෝටීන් ශරීරයට ඇතුළුවූ පසු මේවා ජීර්ණය වී සියගණනක් මිනිස් ප්‍රෝටීන් හෙවත් Human Protein ශරීරය තුල සකස් කර ගනී. ප්‍රාණියෙකුගෙන් ලැබෙන ප්‍රෝටීන් human protein වලට සමානතාවයක් ඇති බැවින් සත්ව ප්‍රෝටීන් මිනිසාගේ ශරීරයට අවශ්‍ය පරිදි ඉක්මනින් සැකසෙන අතර එමගින් කෙරෙන ශරීර කෘත්‍ය වේගවත්ව කරනු ලබයි. මේ ගැන කිසිවෙකුටත් තර්කයක් නැත.

      නමුත් මෙම සත්ව අවිහිංසා නඩය ප්‍රකාශ කරන්නේ මාංස අනුභවයෙන් පිළිකා හැදෙන බවකි. එය එසේ නොවේ. පිළිකා සෑදෙන ප්‍රවනතාවයක් ඇත්තේ සකසන ලද මාංස එනම් සොසේජස්, හැම්, බේකන් වැනි ආහාර ගැනීමෙනි. ඒ ද දෛනිකවම ග්රෑම් 50කට වඩා ගත්තොත් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන වාර්තාවට අනුව එය සියලු පිළිකා රෝගීන්ගෙන් 18% කි. වසරකට ලෝක ජනගහනයෙන් 50,000කි. දුම්බීමෙන් පිළිකා රෝගීන් 600,000 ඇතිවේ. වාතය අපිරිසිදු වීමෙන් 250,000ක් රෝගීවේ. මොවුන්ගේ අවංක උත්සාහය පිළිකා තුරන් කිරීම නම් මොවුන් ලංකාවේ පටන් ගත යුත්තේ නිර්මාන්ස වැඩ පිළිවෙලක් නොව දුම්පානය නැවැත්වීමේ වැඩ පිළිවෙලකි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් කොටසකි.
      "The consumption of processed meat was associated with small increases in the risk of cancer in the studies reviewed. In those studies, the risk generally increased with the amount of meat consumed. An analysis of data from 10 studies estimated that every 50 gram portion of processed meat eaten daily increases the risk of colorectal cancer by about 18%.- සම්පූර්ණයෙන් කියවීමට මෙතන ක්ලික් කරන්න. WHO Q&A"

      අපේ රටේ අහිංසක බෞද්ධ ජනතාව හැම් බේකන් කනවා තියා හාල් මැස්සෙක්, කරවල ටිකක් කන්නෙත් අමාරුවෙනි. මොවුන් මේ කරංනාවූ මජර වැඩෙන ගම් වල අහිංසක දෙමාපියන් පොඩි උන්ට හාල් මැස්සෙක් හෝ දීමෙන් වැලකීමට ඉඩ තිබේ. මෙය ඉතාම භයානක තත්වයකි.

      Heme Protein ආහාරයට නොදීමෙන් දරුවන්ගේ ශරීරයේ යකඩ ප්‍රමාණය අඩුවේ. රක්ත හීනතාවය ඇතිවේ. අද ලංකාවේ දරුවන්ගෙන් 90% රක්තහීනතාවෙන් පෙලේ. මවුවරුන්ගෙන් 30% ක් රක්තහීනතාවයෙන් පෙලේ.

      රතු මස් හෙවත් Red Meat ගැනීමෙන් පිළිකා හැදෙන ප්‍රවනතාවය ගැන සාක්ෂි නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහත සමීක්ෂණ වාර්තා කොටස කියවීමෙන් අවභෝද කර ගන්න. "The cancer risk related to the consumption of red meat is more difficult to estimate because the evidence that red meat causes cancer is not as strong. මුළු වාර්තාව මෙතනින් කියවන්න"
    3.   
    දරුවෙකු තරම් සම්පතක් අම්මෙකුට මෙලොව තවත් නැත. එම දරුවා නිරෝගී නම් ශරීර සෞඛ්‍යසම්පන්නව වැඩේ නම් අම්මෙකුට තවත් ඊටත් වැඩි සතුටක් තිබේද?. 

    එම දරුවාටත් මවටත් මේ ලැබුන මනුෂ්‍යත්වය නැවත සසර පුරාවටම කවදා ලැබේද යන්න කිසිවෙකුටත් කිව නොහැක. මේ ලැබූ මනුෂ්‍යත්වය වටිනාකම මිල මුදලින් රන් රිදියෙන් හෝ කිසිඳු අකාරයකින් මැනිය නොහැකිය. අමිලය. එවන් වූ මනුෂ්‍යත්වයක් ජීවයක් නොමැති මස් කැබැල්ලක සතෙකු දැක, මිත්‍යාවකට හසු වී විනාශ කිරීමට තරම් ඔබ අඥානවන්තද? 

    මේ නිර්මල බුදු දහම අම්මෙකුට නීරෝගී දරුවෙකු නැති කිරීමට තරම් අකාරුණික නැත. බුදුදහම කාලය අනුව වෙනස් නොවේ. අකාලිකය. ස්වක්ක්‍යාතය. බුදු දහම ප්‍රාණගාතයත්, මාංස අනුභාවයත් නිවැරදිව තනි ඉරකින් වෙනකොට දක්වා ඇත. කිසිවෙකුට තර්ක කිරීමට ඉඩක් තබා නැත. වැඩිදුර මෙතනින් කියවන්න.  

    මේ ලිපිය කියවූ මේ මොහොතේ සිට වෙනස් වන්න. ඔබේ දරුවා කෙට්ටු නම්, නිතර නිතර රෝගී වේනම්, කම්මැලි නම්, අධි ක්‍රියාකාරී නම්, එක දෙයක් දිගට කිරීමට හැකියාවක් නොමැති නම්, හේතුව අවශ්‍ය යකඩ හා ප්‍රෝටීනද විටමින් හා ලවනද දෛනිකව නිසි ප්‍රමාන වලින් නොලැබීමයි. 

    ඔබද මෙම NGO රැලේ කතා අසා ඔබ ආහාර රටාව වරද්දාගෙන තිබීමයි. එක සතියක් ආහාර රටාව වෙනස් කර බලන්න. මස්මාලු ඇති තරමට දෙන්න. බිත්තරයක් හෝ දෙකක් දෛනිකව දෙන්න. කරවල හාල්මැස්සන් රසට පිස දෙන්න. මුළු පවුල් පද්දතියටම සුන්දර යුගයක් උදාවනු ඇත.