Tuesday, October 25, 2016

පින්-පව් කුසල්-අකුසල් වෙනස වත් නොදැන බුකියේ ලොරි ටෝක් දෙන හින්දු-නිඝන්ට බෞද්ධයා

ලිපියේ අරමුණ:
අද නව යව්වන බෞද්ධයා දරුණු භයානක නිර්මාංස සිල් වෘතයකට වැටෙමින් සිටී. තරුණ පරපුර එසේ අන්තගාමී කිරීම සඳහා NGO මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් සිටී. ඊට හසු වීමතුල අනාගතයේදී අතිභයානක ප්‍රතිඵල රාශියක් ඇතිකරයි.මින් ප්‍රධාන


  1. තරුණ බෞද්ධයා "මස් මාළු නොකන හොඳ බෞද්ධයා" ලෙසක් "මස් මාළු කන නරක බෞද්ධයා" ලෙසත් දෙකට බෙදේ. - මස් මාළු කිරි බිත්තර ටිකක් පාසලට ගෙනෙන දරුවා කොන්කරන තත්වයකට පත්වී ඇත.
  2. මාළු නොකන බෞද්ධයා ලෙස අනෙකුත් ආගම් වල විශ්වාස වලට අභියෝග කරමින් ආගමික සහජීවනය විනාශ කරමින් සිටී - මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධාන ආහාර වන හරක් මස් කඩ ගිනි තියයි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරයට අභියෝග කරයි. හොඳ බෞද්ධයා ජන ප්‍රජාවන් අතර වෛරය වපුරයි.
     
  3. බෞද්ධ ප්‍රජාවම මස් මාළු නොකෑම නිසා දැඩි සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙමින් සිටී - පෞද්ගලික හා රජයේ රෝහල් ලෙඩුන්ගෙන් පිරී තිබේ.
  4. දරුවනට නොපෙන්විය යුතු යයි නවීන වෛද්‍ය විද්‍යානුකූලව සොයාගෙන ඇති වීඩියෝ පට පෙන්වීම තුල දරුවන්ගේ මනසට සෘජු බලපෑමක් ඇති කරයි.
මුළු බෞද්ධ ප්‍රජාවම අනතුරකට වැටෙමින් සිටී. අන්තගාමී වීම බුදුදහමේ පදනම නොවේ. ඒ අන්තගාමී ලෙස මස්මාළු කෑම හෝ නොකෑම යන දෙකම අන්ත දෙකකි. බුදු දහමේ පදනම මැදුම් පිළිවෙතයි. අවශ්‍ය විටෙක බෞද්ධයෙකුට මස් මාළු කෑමටත් අනවශ්‍ය විට නොකා සිටීමටත් බෞද්ධයාට අවස්තාව සලසා දිය යුතුය. ඒවා දැඩි ප්‍රතිපත්ති නොවිය යුතුය. නිර්මාංසය බුදුන් කල පවා නිර්වාන මාර්ඝයට අවතීර්ණ වීමට අවස්තාව අහිමි කල දැඩි සිල් වෘතයකි. එකලද තීර්ථකයින් නිඝන්ටයින් ආමඝන්දයින් බුදුන්වහන්සේට විරුද්ධව උද්ගෝෂණ කළහ. මස්මාලු කෑම හෝ නොකෑම ගැන අන්තවාදී වීම සීලබ්බත පරාමාසයට එනම් අන්තගාමී ලෙස සීලයට වැටීමකි. සීලයෙන් පමණක්   නිවන් දැකිය හැකිබව සිතන තත්වයට පත්වූ නිඝන්ටයින් බවට පත් වීමකි.
සීලබ්භත පරාමාසයකට වැටුන කෙනෙකුට සොතාපන්නය තබා සෝතාපන්න මාර්ඝයටවත් එළඹිය නොහැක. මෙම නිඝන්ට රැල පන්සිල් පද පහ ගැන පමණක් කතා කරයි. එය කුරු ආගමේ ඇදහීමක් බව නොදනී. ප්‍රහාන සීලය, වේරමනී සීලය, චේතනා සීලය, සංවර සීලය හා අවිතික්කම සීලය බුදුන් දේශනා කල පංච සීලය බව මේ නිඝන්ට රැල නොදනී. මෙම නිඝන්ටන් ගේ දේශනා අනුව සිල් වෘත රැකීමෙන් මිත්යාදෘෂ්ඨික දිව්‍ය ආත්ම ලැබිය හැකි බව අපි පිළිගනිමු. එය ඕනෑම ආගමකින් කල හැකියි. 

මේ ලිපියෙ අරමුණ වන්නේ නව යව්වන බෞද්ධයා මිත්‍යා දෘෂ්ඨියට වැටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. පව-පින කුසලය හා අකුසලය නිවැරදිව පෙන්වා දී කර්මය හටගන්නා ආකාරය තේරුම් කර දීමයි.

අඩු තරමින් පින්-පව් කුසල්-අකුසල් වෙනසවත් නොදන්නේ නම් ඔහු බෞද්ධයෙකුද යන්න පිලිබඳ සැක පහලවේ. කර්මය ඇතිවන ආකාරය 
සෑම නව යව්වන බෞද්ධයෙකුම් දැන සිටිය යුතුමය.

පළමු නිර්වාණය වන සොතාපන්න ඵලය කෙසේ වෙතත් සෝතාපන්න මාර්ඝයට හෝ අවතීර්ණ වීමට මේ ලැබුවාවූ මිනිසත් බවේ දී අපේක්ෂා කරයි නම් පින්-පව් කුසල්-අකුසල් වෙනස අනිවාර්යයෙන්ම වටහාගෙන තිබිය යුතුමය. කර්මය ඇතිවන ආකාර හා සසර පුරාවට ගමන් කරන ආකාරය නිවැරදිව දත යුතුය.


සරලව කිවහොත් පින්-පව් යනු කයෙන් වචනයෙන් කරන යහපත් අයහාපත් ක්‍රියාකාර කමය. පින්-පව් කිරීමට බෞද්ධයෙක් වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. ඕනෑම ආගමකට අනුව පින්-පව් කල හැකිය. නමුත් කුසල් වැඩීමත් අකුසල් ප්‍රහානය කිරීම හෙවත් ටිකෙන් ටික ඉවත් කිරීම බෞද්ධයෙකුට පමණක් උරුම අති විශිෂ්ඨ හැකියාවකි.

පින්-පව් කුසල්-අකුසල් වෙනස හරිහැටි අවබෝධ කරගත් බෞද්ධයා මිත්‍යාදෘෂ්ඨියට නොවැටෙයි. වෘත සමාදන් නොවෙයි. විචිකිච්චා හා සීලබ්භත පරාමාසයෙන් වැලකී සෝතාපන්න මාර්ඝයට මේ ලැබූ මිනිසත් භාවය තුලදීම එළඹීමට අනිවාර්ය හැකියාවක් තිබේ.

පින්-පව් කුසල්-අකුසල් දැන ගැනීමට පෙර සිත ගැන ඉගෙන ගනිමු
පින්-පව් කුසල්-අකුසල් අතර වෙනස හරිහැටි දැන ගැනීමට නම් සිත ගැන අවම අවභෝධයක් ලැබිය යුතුය. බුදුරජානන් වහන්සේ තරම් සිත ගැන විස්තර කල දාර්ශනිකයෙක් මිහිපිට නැත. සිතත් සිතුවිලිත් මනාසේ වෙනකොට දැක්වූහ. සිතේ ස්වරූපයන් 10 ගැඹුරින් විස්තර කලහ. එකිනෙකට වෙනස් සිතුවිලි හෙවත් චෛතසික  52ක් අනර්ඝ ලෙස නම් කොට උදාහරණ සහිතව ගෙනහැර දැක්වූහ. කෙලෙස්  එනම් සිත තුල තැම්පත් කරන ගති 
1500 වෙනකොට පැහැදිලි කල සේක. සිතට විවේකය දෙන භාවනා ක්‍රම 4ක් පැහැදිලිව ප්‍රායෝගිකව කල හැකි ආකාරය වදාළහ. සසර දුක අවසන් කරන නිර්වාණය දක්වාම සිත මෙහෙයවන ආකාරය ප්‍රායෝගිකව පැහැදිලිකළහ. සිතත් කයත් වෙනකොට ගන්නා ආකාරය විස්තර කළහ.
සත්වයෙකුගේ ජීවය සිත බව ප්‍රත්‍යක්ෂ කළහ. සිත නිරුද්ධ වූ විට කය යනු සතරමහා ධාතු ගොඩක් පමණක් බව නිවැරදිව පෙන්වා දුන්හ. සිත නොපවතින ආකාරයත් නමුත් නැවත අත්භවයක් ලබන විට සිතේ ගති පුරුදු ගෙනයන ආකාරයත් මනාව විස්තර කළහ.  භවය සකස්කල සිත කය නිර්මාණය කරගන්නා ආකාරය නිවැරදිව වදාළහ.

මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට තවමත් නවීන වෛද්‍ය විද්‍යාවට කිසිසේත් නොහැක. මෙසේ වර්ග කිරීම සඳහා භාවිතා කිරීමට වචන හෝ නූතන වෛද්‍ය විද්‍යාවට නොමැත. මානසික වෛද්‍ය විද්‍යාව ලෙස දක්වන හා බුදු දහම හරිහැටි නොතේරුණු බටහිර පිරිස් විසින් බුදු දහමෙන්ම කොපි කරගත සංකල්ප ඇතුලත් සරල සංකල්ප ඇතුලත් කොට මානසික වෛද්‍ය විද්‍යාව නම් විෂයක් නිර්මාණය කොට ඇත. 

සිතේ ස්වරූපයන් දහය 
සිත එකකි. නමුත් අවස්ථාවට අනුකූලව විවිධ ස්වරූපයන් දහයක් ගනී. ඒ එකම පුද්ගලයා පාසැලේදී ගුරුවරයෙක් වන අතර වාහනය පදවන විට රියදුරෙකු වන අයුරිනි. නවීන විද්‍යාවට සිත මෙසේ විස්තර කල නොහැක. ඊට අදාළ වචනද නොමැත. ඔවුන් සතුව ඇත්තේ වචන හතරකි. ඒ නම් Mind, Brain, Mental හා Consciousness වචන හතරකි. සිතුවිලි විස්තර කිරීම සඳහා Thought, Idea හා Imagination  ලෙස වචන තුනකි. තවත් නිශ්චිත නොවූ වචන කිහිපයකි.  මෙම වචන කිහිපය යොදාගෙන සත්වයාගේ ජීවය වන සිත නිවැරදිව විස්තර කල නොහැක. සිතේ ස්වාභාවය නිවැරදිව විස්තර කිරීමට වචන සිය ගණනක් අවශ්‍යය. එම වචන සියයල්ල බුදු දහම සතුව තිබේ. සිතේ ස්වාභාවය විස්තර කිරීමට වචන 10කි. එකම සිතුවිල්ලකක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා ඇතිවන චෛතසික 52කි. එකිනෙකට වෙනස් කෙලෙස් ලෙස විස්තර කරන සිතුවිලි 1500කි.  ඉන් අත්‍යාවශ්‍ය කිහිපයක් පමණක් මෙහිදී භාවිතා කරමු. 
  1. චිත්තං
    සිතුවිලි කිසිත් නැති ප්‍රභාෂ්වර ස්වරූපයයි. සියලු කෙලෙස් ඉවත් කරන ලද උත්තමයෙක් සතු සිතයි. ලව්කික කෙනෙන්කුගේ නම් ඉපදුන අවස්තාවේ කුඩා දරුවෙකු සතු සිතයි. කර්මබීජ සිත තුල තිබුනද ඒවා ක්‍රියාත්මක වී නොමැත. එම සිත නිරපේක්ෂ වේ. එම සිත බාහිර අරමුණු දෙස බලන්නේ පක්ෂපාතීව නොවේ.   
  2. මනෝ
    බාහිරි දේ එනම් අරමුණු ගැන මිනුම් ගන්නා ස්වාභාවයයි. පොල්ගසක් දකින්නේ එකවර නොවේ. මැද දකී. ඉටඟට යට දකී. ඊළඟට උඩ කොටස දකී. ඒ කොටස් තුන පිලිබඳ මිනුම් වෙන වෙනම ගනී. මේ අයුරින් දකින අසන දැනෙන සෑම දෙයකම මිනුම් ගැනීම සිදු කරන්නේ සිතේ ඇති මනෝ ස්වරූපයයි. 
     
  3. මානසං 
    ඉහතින් බාහිරි අරමුණු ගැන ගන්නා ලද මිනුම් එකට එකතු කරන ස්වාභාවයයි. යහපත් අයහපත් දේ තර්කානුකූලව තෝරාගනී. පෙරහන් කඩක් මෙන් ක්‍රියා කරන ස්වාභාවයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී මොලේ මනස ලෙස භාවිතා කරන්නේ සිතේ මෙම ස්වාභාවයයි. මානසං ස්වාභාවය යටපත් වූ විට හොඳ නරක තේරුම් ගැනීමට නොහැකියි.
  4. පන්ඩරං 
    ගන්නා ලද බාහිර අරමුණ වැඩිදියුණු කරයි. සංකාර කිරීම හෙවත් නැවත නැවත මෙනෙහි කිරීම කරනුයේ සිත පන්ඩරං  ස්වාභාවයෙන් ක්‍රියාත්මක වන විටයි.
  5. හදයං
    එම බාහිර අරමුණට ඇලෙන ස්වාභාවයයි. එකම අරමුණක් ගැන සංකාර කරන්නේ එනම් නැවත නැවත මෙනෙහි කිරීම නිසා එම අරමුණට එනම් බාහිර වස්තුටට කැමැත්තක් ඇතිවේ. එහි ඇලේ. ඊට ප්‍රිය උපදවාගනී. එය තමා වසඟයේ පවත්වාගත හැකියයි චේතනාවක් පහළකර ගනී. මේ සිත හදයං ලෙස ක්‍රියා කරන ස්වාභාවයයි.
  6. මානායතානං -
    චිත්ත සන්තානයයි. දත්ත ගබඩාවයි. එම බාහිර අරමුණ කෙරෙහි සිතුවිලි පහල කොට නැත නැවත මෙනෙහි කෙරීමෙන් එනම් සංකාර කර වැඩි දියුණු කරන ලද සිතුවිල්ල එම සිතුවිලි ආසව අනුස ලෙස   තැන්පත් කරන ස්වරූපයයි.
  7. මානේන්ද්‍රියං- සිතේ මනේන්ද්‍රිය ස්වාභාවය පහළවන්නේ සිත දියුණු කලවිටයි. සිතේ රාග ද්වේශ මෝහ සිතුවිලි ඇතිවේ.  ඒවා ඇතිවෙන අවස්ථාවේදීම හඳුනාගෙන ඒවාට සිත තුලට ඇතුළුවීමට ඉඩ නොදීම සිත දියුණු කිරීමයි. මෙය සිත සංවර කිරීමයි. සිත මුළුමුනින්ම සංවර වන්නේ අනාගාමී තත්වයෙදීයි. මේ අත්භවයේදී සෝතාපන්න වීමට සිතන්නේ නම් රාග ද්වේශ මෝහ සිතුවිලි සිතට ඇතුලත් වූ බව දැන ගැනීම පමණක් ප්‍රමාණවත්ය. මේ හඳුනා ගැනීම කරන්නේ පෙර විස්තර කල සිතේ මානසං ස්වභාවයයි. මෙසේ රාග ද්වේශ මෝහ සිතුවිලි මුලින්ම හඳුනා ගැනීම නිසාම ටිකෙන් ටික එම සිතුවිලි ඉපදීම අඩුවීමට පටන් ගනී. සිත දියුණුවීමට පටන්ගනී. මෙසේ සිත දියුණු වන විට තවත් ඉන්දියන් පහක් සිත තුල ඇතිවේ. එනම් සර්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය හා ඉන්ද්‍රිය බල ධර්ම ඉගෙනීම වෙනම විෂයකි. සිත ඉන්ද්‍රිය පහක් ලෙස ක්‍රියා කරන ස්වාභාවය මනේන්ද්‍රියයි.
  8. වින්ඥානනං-
     
  9. වින්ඥානස්ඛන්දෝ
  10. තජ්ජා වින්ඥාන ධාතු 



Monday, October 17, 2016

භික්ෂුන් වහන්සේගෙන් බෞද්ධයා අපේක්ෂා කරන්නේ ධර්මයද? නැතිනම් ඔවදන්ද?




සාමනේර නමක් කුඩා කල සිට පන්සලක ඇතිදැඩි වෙයි. අවශ්‍ය ආහාර ඇතුළු සියලු දේ පින්වතුන්ගෙන් පින් පිණිස ලැබෙයි. එවැනි භික්ෂුවක් හා සමාජයේ විවිද අභියෝග හැලහැප්පීම් මත හැදී වැඩෙන සම වයස් ගිහියෙකුගේත් අතර ඇති ජීවිත අත්දැකීම් පරතරය අති විශාලය. නමුත් භික්ෂුව එම සියලු ගිහි අත්දැකීම් අභිභවාගොස් ඔවුනට උපදෙස් දීමට තරම් හැකියාවක් ලබයි. ඒ කිසිවක් නිසා නොව භික්ෂුව  ත්‍රිපිටක ධර්මය ඉගෙනීම හා පුරුදු පුහුණු කිරීම තුල බාහිරයෙන් ලැබිය යුතු සියලු අත්දැකීම් බුදුදහම තුලින් ලබාගැනීම නිසාවෙනි. 

දහම් කතිකා වලදී භික්ෂුව උදාහරණ ලෙස ගත යුත්තේ බුදු රජාණන් වහන්සේ ගෙනහැර දැක්වූ උපමාය. එවිට කිසිවෙකුටත් තර්ක විතර්ක නැත. පෞද්ගලික අත්දැකීම් උදාහරණ ලෙස ගත විට අත්දැකීම් ලත් මහජනයාගේ හාස්‍යට ලක්වේ. එයින් පිරිහෙන්නේ සංඝ සමාජය පමණක් නොවේ. නිර්මල බුදු දහමයි. මුළු මහත් බෞද්ධ ප්‍රජාවයි. ඔවදන් අවශ්‍ය වන්නේ දරුවන්ටය. සමස්ත බෞද්ධ ප්‍රජාවට අවශ්‍ය වන්නේ ධර්මයයි. එසේ නොමැතිනම් වත්මන් යුගයේ සමාජ ගැටළු පිලිබඳ බෞද්ධ විවරනයි. යම් භික්ෂුවක් ත්‍රිපිටක ධර්මයෙන් තොරව තම සමාජ අත්දැකීම් දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණ  ගිහිජනයාට ප්‍රකාශ කිරීමට යාමෙන් සංඝ සමාජයම විහිලුවට ලක්වේ.

භික්ෂුවකගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ සම්ප්‍රප්පලාප නොවේ. සමස්ත සමාජයට පිළිගත හැකි ත්‍රිපිටකය බුද්ධ වචනය ඇතුළත්වූ ධර්ම කරුණුයි. බාහිරය සමග ඇලී නොගැටී තමා විසින් තමාව සොයා ගන්නා ආකාරය සෙවීමට අදාර කිරීමයි. බඹයක් තරම් වූ කය තුලින් ලෝකය දැකීමට මග සැලසීමයි. 

මෙම දේශනයේ විස්තර කෙරෙන දේවල් කිසිවක් ගිහියෙකුගේ සාමාන්‍ය දැනුම නොඉක්මවා ඇති බව ඔනෑම කුඩා ළමයෙකුට වුවද පැහැදිලිය. ඒ කියන සෑම කරුණකටම විතර්ක ඇත. ඒ ත්‍රිපිටකයේ එකඳු වචනයක් හෝ භාවිතා නොකරන බැවිනි. බුදු රජාණන්වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කල අනිවාර්ය නිර්මාංසය  මිත්‍යාදෘෂ්ඨික සංකල්පයකි. අන්තවාදයකි. වෘතයකි. එබැවින්  සීලබ්බත පරාමාසයට වැටීමකි. නිර්මාංස නිඝන්ට සංකල්පය බුදු දහමේ සංකල්ප ලෙස හුවා දැක්වීමකි. මෙම සම්පූර්ණ කතාවටම ප්‍රති උත්තර සැපයිය හැකි වුවද එසේ නොකරන්නේ පිවිතුරු බුදු දහම මෙතෙක් කල් රැක ගත් හා ඉදිරියටත් රැක ගන්නා සැබෑ සංඝරත්නය අතර ධර්මය තවමත් හරිහැටි අවභෝද කර නොගත් වැඩිහිටි සාමනේර වරුද  සිටින බැවිනි.  එක් සාමනේර නමකගේ දේශනය හාස්‍යට ලක් කිරීම උත්තරීතර සංඝ ප්‍රජාවටම හානියක් වන නිසාවෙනි.

බෞද්ධ ප්‍රජාව සමස්තයක් ලෙස ප්‍රාණඝාතය නොකරයි. ත්‍රිකෝටි පාරිශුද්ධ පවත්ත හෙවත් කඩේ විකිණීමට ඇති මස් මාළු අනුභව කරයි. 
මේ දෙකම බුද්ධ දේශනයට අනුකූලයි. බුදු දහම ඉදිරියට දමා ගත් නිඝන්ට ආගමිකයින් සතුන් මැරීමත් හා ජීවය නිරුද්ධ වූ මස් කැබැල්ලකුත් අතර වෙනස පටලවාගෙන සිටී. මේ දෙකේ වෙනස ත්‍රිපිටකය පුරාවට බුදුරජානන් වහන්සේ සීමා නිර්ණ මායිම් සහිතව පැහැදිලිකොට ඇත. සාමනේර වහන්සේලා මීට දායක වන්නේ ත්‍රිපිටක ධර්ම අවභෝදය මද නිසාද විය හැක. 

ප්‍රාණඝාත නොකරන බෞද්ධ ප්‍රජාවට මෙතරම් වියදම් කර සත්ව අවිහිංසා දේශනා පවත්වන්නේ නිකම් නම් නොවේ. තවත් බොහෝ යටි අරමුණු තිබිය හැකිය. 

මේ සබැඳි කියවන්න
මෙලෝ රහක් නැහැ දෙල් හොදි වගේ

ජනවාරි 8 වැනිදා  







ත්‍රිපිටක ධර්මය බැහැර කොට තමන් සතු සීමිත පරිබාහිර දැනුමෙන් ඔවදන් දී බුදුදහම සැහැල්ලුවට ලක් කරන බෞද්ධ නොවූ හින්දු-නිඝන්ට පැවිදි දේශකයන්  ප්‍රතික්ෂේප කරමු...   











   

නොකා නොබී ලෙඩවෙලා යක්කු භූතයෝ පස්සේ දුවන අසරණ හින්දුවූ බෞද්ධයෝ