Tuesday, February 16, 2016

මස් මාංස අනුභවය බුදුරජානන් වහන්සේ අනුමත කල බව දැක්වෙන සාක්ෂි


බුදුරජාණන් වහන්සේ මස් මාංස අනුභවය අනුමත කල අවස්තාවන් සුත්‍ර පිටකය විනය පිටකය අටුවා ටීකා හා චීන පොත්පත් වල නොයෙක් තැන් වල තොරතුරු සඳහන් වේ.
  1. අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය,
    "මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ" යනුවෙන් බුදුරදුන්ගේ ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ය  කරන වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනැවිත් පූජා කළේ ය. මේ ආහාර අතර ඩෙබර පල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි.
  2. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය
  3. සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය
  4. මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත
  5. පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය
  6. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය.
  7. සුමංගල විලාසිනි දීඝ නිකාය අටුවාව 
    1. “සුකර මද්දවන්ති නාත් තරුණස්ස නාති ජින්නස්ස ඒක ජෙට්ඨක සුකරස්ස පවත්ත මංසං, තං කිර මුදු ද්වේධ සිනිඬං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචා පෙත්වා'ති අත්ථො.” මෙසේ සුකර මද්දවය යනු ළාබාල නොවූ මහලු නොවූ ඌරකුගේ මස්
  8. උදාන අටුවාව 
  9. මහා වග්ගපාලි භේසජ්ජඛන්ධකය 
    ”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්ධායා උපට්‌ඨහන්තා නාසකංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.”

  10. එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’

    ‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” 

    අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
    මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. 

    ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
  11. මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධකය (සුප්පියා කථා වස්‌තුව)
    ‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.”
    එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය
  12. සංස්කෘත භාෂාවෙන් රචිත චීනයේ මූල සර්වාස්තිවාදීන්ගේ විනය ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත. "භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභොක්තව්‍යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්.’
  13.  

No comments:

Post a Comment