Sunday, August 28, 2016

ප්‍රෝටීන් හා යකඩ ඌන වීමෙන් තරුණ පරපුර, ගර්භනී මාතාවන් හා උපදින්න සිටින දරුවන්හට වන හානියෙන් බෞද්ධයින් බේරා ගනිමු

විශේෂයෙන්ම ගර්භනී අවදියේදී මවක් අතිශයින් සැලකිලිමත් විය යුතු පෝෂ්‍ය පදාර්ථ 3කි. එනම් යකඩ, ප්‍රෝටීන් හා විටමින් බී හෙවත් ෆෝලික් ඇසිඩ් වේ. මේ පිලිබඳ ඇති අල්ප දැනුම නිසා බොහෝ මවුවරු රෝගී දරුවන් බිහි කරයි. ඉන්පසු ජීවිත කාලයම දුක් විඳි. දරු ප්‍රසූතිය ඉතාම අපහසු කාර්යක් බවට පත්කර ගනී. කාලයට පෙර දරුවන් බිහි කරයි. මවත් දරුවත් දෙදෙනාම හෝ දෙදෙනාගෙන් එක් අයෙක් මියයන අවස්ථාද ඇත.

හැදෙන දරුවන් හා තරුණ පරපුර දැනුවත් විය යුත්තේ ප්‍රෝටීනත් යකඩත් සමබරකොට ගෙන ආහාරය ගැනීමයි. ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පිෂ්ඨ හා මේදයද, විටමින් හා ලවන ආහාර වලින්ම පමණක් ගැනීමටයි. වෙලදපොලේ විකිණීමට ඇති දහසක් අතුරු ආබද ගෙනදෙන විවිධ අනුකාරක එනම් Food Supplement වර්ග නොගැනීමටයි. අනුකාරක ගැනීමෙන් ශරීරය තුල එම පෝෂ්‍ය පදාර්ථ අහාරයෙන් නිපදවීමේ හැකියාව නතරවේ.  

සාමාන්‍ය පුරුද්දක් ලෙස මාංස පරිභෝජනය කරන පවුල්වල සිටින සාමාජිකයින් දෛනික ආහාරයේ තිබෙන පෝෂ්‍ය පදාර්ථවල නිවැරදි ප්‍රමාණයන් පිලිබඳ පිලිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වුවද එතරම් ප්‍රශ්නයක් නොවේ. නමුත් දිගු කාලීනව නිරෝගී වීම සඳහාත් වයස අවුරුදු 35හෙන් පමණ පසු දියවැඩියාව, කොලස්ටරෝල් ප්‍රෙෂර් වැනි රෝගද, දරුවන් ලැබීමට ඇතිවන අපහසුව මගහරවා ගැනීමටද ලිංගික ශක්තිය හා හැකියාව මනාව පවත්වා ගැනීමත් වැනි දේ පිලිබඳවද උනන්දුව ඇති අය දිනකට ගත යුතු පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රමාණයන් නිවැරදිව දත යුතුය. ඔවුනට මෙම ලිපිය විශාල ආධාරකයක් වනු ඇත.     

ප්‍රෝටීන යකඩ ප්‍රධානකොට ගත් අනෙකුත් ආහාර සංඝටක සමබරතාවය පිලිබඳ නිසියාකරරයෙන් දැනුවත් වීමෙන් මේ සියලු රෝග දුක් ගැහැට වලින් අත්මිදීමට හැකියාව තිබේ. 

අප මෙම ලිපියෙන් වැඩිහිටියන්, ගර්භනී මවුවරුන්, තරුණ පරපුර හා දරුදැරියන් ගතයුතු ආහාර පිළිබඳව විද්යාත්මක දැනුමත් ධර්මානුකූල විවරණයත් දෙකම ලබා දෙන්නෙමු. 

මෙම ලිපි පෙළ මගින් බෞද්ධ දරුවන් විනාශ කර දීර්ඝ කාලීනව බුදුදහම විනාශ කිරීමට තත් කරන NGO මාෆියාවට විද්‍යානුකූලව හා ධර්මානුකූලව නිර්ධය ලෙස  පහර එල්ල කරමු. ඔබ ගර්භනී මවක් ලෙස නිවැරදි ආහාර ගෙන නිරෝගී දරුවෙක් බිහි කරනවාද නැතිනම් මිත්‍යා දෘෂ්ටියට මුලා වී රෝගී දරුවන් බිහි කර තම ජීවිත කාලයම දුක්වින්දිනවාද යන්න තීරණය කිරීම මෙම ලිපිය අවසානයේ පාඨකයාට භාර කරමු. 

ඔබේ තරුණ ජීවිතය වැඩිහිටි සමය නිරෝගීව ගතකරන්වාද යන්නද පාඨකයාට භාර කරමු. මෙය දීර්ඝ ලිපියකි. මෙය කියවීමෙන් ඔබේ ජීවිතය නව සන්දිස්ථානයක්  පසු කරන බවත් නව ආලෝකයක් ලබන බවත් සපථ කර සිටිමු.   

ගර්භනී අවදියේදී ඉතාම සැලකිලිමත් විය යුතු පෝෂ්‍ය පදාර්ථ මූලික වශයෙන් තුනකි. මේ පිලිබඳ මහජනයාට යම්කිසි දැනුමක් තිබුනද නිරෝගී දිවි පැවැත්මක් සඳහා එය ප්‍රමාණවත් නොවේ. නිවැරදිවම ඒ පිලිබඳ අද වෛද්‍යවරුන් ප්‍රමාණාත්මක දත්ත සහිතව පහදා දෙන්නේ ඉතාම කලාතුරකිනි.

මීට ප්‍රධානතම හේතුව අද ප්‍රසිද්ධ ජනමාධ්‍ය ජයගෙන ඇත්තේ නිර්මාංස NGO රැලක් වීමයි. ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථවල ප්‍රමාණාත්මක දත්ත ඉදිරිපත් නොකරන්නේ එසේ ඉදිරිපත් කළහොත් ඔවුන්ගේ යටි පරමාර්ථය ඉටු කරගැනීමට නොහැකි වන නිසාවෙනි. ඔවුන්ගේ යටි අරමුණ නම් බෞද්ධයා පෝෂණය අතින් දුර්වල කොට දීර්ඝ කාලීන වශයෙන් විනාශ කොට දැමීමයි.  

ප්‍රමාණාත්මක දත්ත එනම් දෛනිකව ශරීරයට අවශ්‍ය යකඩ හා ප්‍රෝටීන නියමිත ප්‍රමානවලින් ලබා ගැනීමට මස්මාළු නොමැතිව හැකියාවක් නැති බව ඔවුන් හොඳින් දනී. නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ප්‍රෝටීන හා යකඩ ගත හැකි ශාක ආහාර ඕනෑ තරම් ඇති බවයි. නමුත් ඒ මොනවාද? ඒ එක් එක් ශාක ආහාර කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක් දිනකට ගත යුතුද යන්න කිසිවිටෙකත් නොකියයි. මේසේ සාවද්‍ය ලෙස පෝෂණය පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මොවුන් පැහැදිලි උපක්‍රම දෙකක් භාවිතා කරයි.


  1. මොවුන් පෝෂණය පිලිබඳ කතා කිරීමේදී බෞද්ධයා හා බුදු දහම මීට පටලවා ගනී. 
  2. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රාණඝාත අකුසලය මාංස අනුභවය සමගද පටලවයි.      
මොවුන් මෙම වැඩසටහන් පටන් ගන්නේ දරුවන් හදන තැන සිටය. මොවුන්ගේ නිර්මල අදහස ගර්භනී මව්වරුන්ගේ පෝෂණය නම් ඊට බෞද්ධයා පමණක් පටලවා ගත යුතු නැත. ඒ දරුවන් බිහිකරන්නේ බෞද්ධ කාන්තාවන් පමණක් නොවෙන නිසාවෙනි. බෞද්ධයා විනාශ කිරීමම අරමුණුකොට ගත් ව්‍යාපෘතියක් බව මෙයින්ම මොනවට පැහැදිලිවේ. 

මොවුනට අවංක අවශ්‍යතාවය බෞද්ධයා නිවන් මගේ පිහිටුවීමට නම් එය බෞද්ධ ධර්මානුකූල වැඩසටහනක් විය යුතුය. අනෙක බුදු දහම යනු නිර්මාංසය නොවේ. බුදු දහමේ හරය නිවනයි. නිර්මාංස වීමෙන් නිවන් දැකිය හැකි බව බුදුදහමේ කිසිතැනක උගන්වන්නේ නැත. මොවුන් කතා කරන්නේ බෞද්ධයා සතුන් මරාගෙන කන ම්ලේච්ච ප්‍රජාවක් ලෙසයි. ආහාරය පිණිස තමාම සතෙකු මරාගෙන කන එකඳු බෞද්ධයෙක් හෝ මේ ලිපිය කියවන පාඨකයා දැක තිබේද?. බෞද්ධයාට සත්ව අවිහිසාව කියාදීමට පැය ගණන් මිලියන ගානක් වටිනා TNL ගුවන් කාලය කැප කල යුතු නැත. මහා සයුරක් තරම් වූ අසූ හතර දහසක් ධර්මස්කන්දයක් පසෙක තබා ප්‍රාණඝාතය පමණක් කේන්ද්‍රගත කොට ගෙන මේ වැදි බන දෙසන්නේ වෙනත් යටි අරමුණ සහිතව බව පාඨක ඔබට නොවැටහෙන්නේද? 

ඔවුනට අවංක පරමාර්ථය ගර්භනී මාතාවන්ගේ පෝෂණය පිළිබඳව නම් මෙම වැඩසටහන පෝෂණය පිලිබඳ වැඩසටහනක් විය යුතුය. මස් මාළු කෑමෙන් හානියක් වන්නේ නම් ශාක ආහාර ලෙස ගතයුතු ආහාර මොනවාද ඒවායේ ප්‍රමාණයන් කොතෙක්ද නිවැරදිව ප්‍රකාශ කල යුතුය. බුදු දහමත් පෝෂණයත් යන මේ දෙක එකට පටලන්නෙ කුමක් නිසාදැයි බුද්ධිමත් පාඨකයාට සිතීමට කාලය පැමිණ තිබේ. ඔවුන් එසේ කරන්නේ බෞද්ධයා පෝෂණය අතින් දුර්වල කිරීමෙන් බෞද්ධ ප්‍රජාව මේ රටින් අතුගා දැමීමේ අභිමතය දීර්ඝකාලීනව ඉටුවන බැවිනි.    

මෙම වීඩියෝවේ සිටින ලීලන්ගනී ද සිල්වා වෛද්‍යවරිය විකිරණ විශේසඥ වෛද්‍යවරියක් බව පවසයි. එබැවින් පෝෂණය පිලිබඳ එහෙන් මෙහෙන් සොයාගත් කරුණු වැරදි දත්ත සහිතව ඉදිරපත් කරන්නේ තමාගේ පෞද්ගලික අරමුණක මුදුන්පත් කරගැනීම සඳහා බව පැහැදිලිවේ. ගැබිණි මවකට දියයුතු උතුම් උපදෙස් වෙනුවට බෞද්ධ දරුවන් පෝෂණයෙන් අඩාල කොට දිගු කාලීනව බෞද්ධයා විනාශ කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්නේ වෛද්‍ය විද්‍යාවට පවා පහරක් එල්ල කරමිනි. මෙවැනි ඊනියා වෛද්‍ය වරුන් ප්‍රසිද්ධ මාධ්‍යට යැවීම පිලිබඳ ක්‍රමවේදයක් වෛද්‍ය සභාව නිර්මාණය කලයුතුය. නැතහොත් සමාජය පිළිකුල් කරන්නේ මුළු වෛද්‍ය ප්‍රජාවම වනු ඇත.  

මෙම පහතින් දැක්වෙන වීඩියෝව සාවධානව සවන් දීමෙන් මෙම වෛද්‍ය වරියගේ පහත් අභිලාශය මොනවට පැහැදිලි වේ. ඇය තමාගේ පරමාර්ථය මුදුන්පමුණුවා ගැනීම සඳහා මවු වරුන් හා අලුත උපදීමට සිටින දරුවන් බිලි දීමට මැලි නොවන ආකාරය දැක ගැනීමට ඔබ සමත් වනු ඇත. මෙම ලිපිය එවැනි පහත් අධම වෛද්‍යවරුන්ගෙන් අපේ බෞද්ධ මවුවරුන් ගලවා ගැනීම සඳහා විද්‍යාත්මක හා ආගමානුකූලව සකස් කරන ලද ලිපියකි.



ශරීරයට අවශ්‍ය යකඩ හා ප්‍රෝටීන සමබර කරමින් ආහාරයක් සකස් කරන විද්‍යානුකූල ක්‍රමවේදය. 

මෙම විකිරණ ශිල්පිනිය පෝෂණය ගැන කියන සාවද්‍ය ප්‍රකාශ විද්‍යානුකූලව ඔප්පු කර පෙන්වීම සඳහා ප්‍රෝටීන අනුවේ සකස්වීම සරල ලෙස දත යුතුය. ඒ සඳහා පින්තුර දෙකක් පහතින් දක්වමු. 

මේ ශාක ප්‍රෝටීන අනුවකි

මෙහි හරි මැද ඇත්තේ මැග්නීසියම් පරමානුවකි. 

මේ සත්ව ප්‍රෝටීන අනුවකි 



මෙහි මැද ඇත්තේ යකඩ පරමානුවකි. මෙම ප්‍රෝටීන හීම් ප්‍රෝටීන ලෙස හඳුන්වයි. හීම් යනු රුධිරයයි. එනම් හිමොග්ලොබින් හදන ප්‍රෝටීනයි. එබැවින් රුධිරය වඩවන ප්‍රෝටීන් ඇත්තේ සත්ව ප්‍රෝටීන වලයි. 

මේ අනු දෙක පරීක්ෂා කිරීමෙන් ශරීරයට යකඩ ලබාගැනීමට අවශ්‍ය නම් ගත යුත්තේ සත්ව ප්‍රෝටීනද ශාක ප්‍රෝටීනද යන්න ඕනෑම මන්ද බුද්ධිකයෙකුට වුවද වැටහේ. මෙම වීඩියෝවේ සිටින විකිරණ ශිල්පිනිය ප්‍රෝටීන් වලනම් ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන් තම NGO අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙන් යට ගැසීමට උත්සාහා දරන්නේ මෙම සත්‍යයයි. ශරීරයට අත්‍යාවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයන් වූ ප්‍රෝටීන් හා යකඩ මේසේ සරලව මගහැරිය හැකිද?  

යකඩ යනු රුධිරයේ ඇති හිමොග්ලොබින් වල ප්‍රධානම සංඝටකයයි. යකඩ තරම් ශරීරයට මැග්නීසියම් අවශ්‍ය නොවේ. එබැවින් ශාක ප්‍රෝටීන ලබාගත යුත්තේ ස්වල්ප වශයෙනි. යකඩ අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සත්ව ප්‍රෝටීන ගැනීම අනිවාර්ය වේ. නමුත් මෙසේ ප්‍රකාශ කලවිට එහෙනම් නිර්මාංස පුද්ගලයින් සත්ව ප්‍රෝටීන නොමැතිව ජීවත් වන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඔබට සිතෙහි පැන නගිනු ඇත. ඊට පිළිතුරක් සෙවීමට විද්‍යාව මෙතෙක් සමත් වී නැත. විද්‍යාවට අනුව පුදුමය නම් නිර්මාංස පුගලයිනට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය කෙසේ ලැබේද යන්නයි. විද්‍යාවට පිළිතුරක් නැතිවුවත් මේ පිලිබඳ නිසි පිළිතුරක් බුදුදහමේ අභිධර්මයට අනුව පැහැදිලිව සොයා ගත හැකිය. මේ සබැඳියෙන් ඒ ගැන කියවන්න.
නිරෝගී වීමට මස් කෑම අවශ්‍යමද? අභිධර්මානුකූල විවරණය   

නිරෝගී දිවි පැවැත්මක් සඳහා ප්‍රෝටීන පිළිබඳව ඉහතින් ලැබූ දැනුම ප්‍රමාණවත් නැත. සත්ව ප්‍රෝටීනත් එමගින් ලැබෙන යකඩත් සමබර විය යුතුය. ප්‍රෝටීන හා යකඩ සමබරතාවය පිලිබඳ නිවැරදි අවභෝදයක් සරලව ලැබීම සඳහා පහත සබැඳිය හොඳින් කියවන්න.

නිරෝගී දිවි පැවත්මනට නැතුවම බැරි සත්ව ප්‍රෝටීන් හා එමගින් ලැබෙන යකඩ සමබර කරගැනීමට නිවැරදි ක්‍රමවේදය 


මෙතැන් සිට පෝෂණය පිලිබඳ කිසිඳු දැනීමක් නොමැත මේ ඊනියා විකිරණ ශිල්පිනිය කියන මහා පොලොව නුහුලන පට්ටපල් කෙබර පිලිබඳ විශ්ලේෂණයක් යෙදෙමු. මෙම NGO රැල මහජනයා මුලාකරන ආකාරය ඉන් පැහැදිලි වනු ඇත.

  1. "ෆෝලික් අම්ලය කියන එක අනිවාර්යයෙන්ම මස්මංස වල අඩංගු නැහැයි කියල මට කියන්න පුළුවන් " මේ වීඩියෝව අහලම බලන්න. 

    මේ සිංහල බෞද්ධයා මුලාකිරීමට කියන පට්ටපල් අමූලික මුසාවාදයකි. මේ අයුරින් මහජනයා මුලා කරන ඊනියා දේශකයින් අල්ලා සිරගත කල යුතුය. නැතහොත් මහජනතාව විසින් මොවුනට නිසි දඩුවම් දිය යුතුය. පහතින් ඇති සබැඳිය කියවන්න. එය අප විසින් ලියන ලද සමීක්ෂණ වාර්තාවක් නොවේ. ඇමෙරිකාවේ රජය විසින් එනම් U.S Department of Health යටතේ ඇති National Institute of Health ආයතනයේ Office of Dietary Supplement යටතේ ප්‍රසිද්ධියට පත් කරන ලිපියකි.
    Folate Dietary Supplement Fact Sheet

    එතකොට ඇමරිකාවේ රාජ්‍ය ආයතනයක් ඵල කරන මේ ලිපිය බොරුද?
    මේ සමීක්ෂන වාර්තාව අනුව වැඩිපුරම ෆෝලික් ඇසිඩ් ඇත්තේ ගව පීකුදු වල බව මොනවට පැහැදිලි වනු ඇත. මැය මේ ප්‍රකාශය කරන්නේ පීකුදු වල ෆෝලික් ඇසිඩ් ඇතිබව නොදැන නොවේ.  නිර්මාංස රැල උපදින්න ඉන්න බෞද්ධ දරුවන්ට දෙන ගේම මොකද්ද යන්න මෙතැනින්ම අවබෝධ කරගත යුතුය.

    මෙම වාර්තාවේ ඇති ෆෝලික් ඇසිඩ් ලබාගත හැකි ආහාර ලයිස්තුවේ අපේ රටේ ඉන්න දුප්පත් අසරණ අම්මා කෙනෙකුට ගත හැක්කේ කී වෙනියට තියෙන ආහාරයද යන්න බුද්ධිමත් පාඨකයා තේරුම් ගත යුතුය.

    මැය කියන්නේ ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගන්නා ලෙසයි. පෙති ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ ගැන මෙහිදී විස්තර කල යුතු නොවේ. ආහාර වලින් ලබා ගතයුතු ෆෝලික් ඇසිඩ් පෙතිවලින් ගැනීමෙන් ශරීරය තුල ෆෝලික් ඇසිඩ් නිපදවීමේ හැකියාව නැතිවී යයි. පීකුදු ටිකක් ආහාරයට ගැනීමට උපදෙස් දීමට හැකියාව තිබියෙදී මේ පෙති ගන්න කියන්නේ ඔබට ආදරයට නොවේ. මෙම NGO නඩය ඖෂධ මාෆියාව හරහා මුදල් ගරා ගැනීමටයි. අපේ ජන වහරේ දරුවන් හම්බ වෙන්න ඉන්න මව් වරුන්ට "පීකුදු ටිකක් දෙන්න" කියන්නේ එහි ඇති අසීමිත ගුණය ලාභය නිසාය.

    මේ කියන නිර්මාන්ස ආහාර වල ස්වල්ප වශයෙන් ෆෝලික් ඇසිඩ් නැතුවා නොවේ. ඒවා ප්‍රමාණාත්මක වශයෙන් ඉතා අල්පය. මෙම නිර්මාන්ස ආහාරවලින් දිනකට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් ගැනීම සඳහා කොළ කිලෝ ගණනින් ආහාරයට ගත යුතුය. එසේ නොවෙනවානම් පෙන්වන ලෙස මෙම NGO රැලට අභියෝග කරමු.

    මුදල් යහමින් අති ධනපති පන්තියේ මව්වරුන්ට නම් ආනයනය කොට ගත හැකි ආහාර වන Spinach, Black-eyed peas (cowpeas), Breakfast cereals, Asparagus, Spaghetti, Brussels sprouts, Lettuce, romaine වැනි ආහාර ඕනෑ තරම් තිබේ.
  2. "ප්‍රෝටීන් වල තමයි අර පොඩ්ඩක් අර සාකච්චාව තියෙන්නේ මාංසමය ප්‍රෝටීන් ද වඩා හොඳ එහෙම නැත්නම් මේ.. ශාක ප්‍රෝටීන් ද කියල". මේ ඇයගේ දෙවන අමූලික මුසාවාදයයි.


    මෙවැනි සාකච්චාවක ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. දෙල්කඳ පොලෙත් නැත. මැය මේ ප්‍රකාශ කරන බොරුව සාවද්‍ය බව තහවුරු කිරීම සඳහා ප්‍රෝටීන් ගැන තවදුරටත් යමක් කිව යුතුය. ශාක ප්‍රෝටීන් වල යකඩ නැත. ඒවා none-heme Protein වේ. සත්ව ප්‍රෝටීන්  heme Protein වේ. මෙම ප්‍රෝටීන් ශරීරයට ඇතුළුවූ පසු මේවා ජීර්ණය වී සියගණනක් මිනිස් ප්‍රෝටීන් හෙවත් Human Protein ශරීරය තුල සකස් කර ගනී. ප්‍රාණියෙකුගෙන් ලැබෙන ප්‍රෝටීන් human protein වලට සමානතාවයක් ඇති බැවින් සත්ව ප්‍රෝටීන් මිනිසාගේ ශරීරයට අවශ්‍ය පරිදි ඉක්මනින් සැකසෙන අතර එමගින් කෙරෙන ශරීර කෘත්‍ය වේගවත්ව කරනු ලබයි. මේ ගැන කිසිවෙකුටත් තර්කයක් නැත.

    නමුත් මෙම සත්ව අවිහිංසා නඩය ප්‍රකාශ කරන්නේ මාංස අනුභවයෙන් පිළිකා හැදෙන බවකි. එය එසේ නොවේ. පිළිකා සෑදෙන ප්‍රවනතාවයක් ඇත්තේ සකසන ලද මාංස එනම් සොසේජස්, හැම්, බේකන් වැනි ආහාර ගැනීමෙනි. ඒ ද දෛනිකවම ග්රෑම් 50කට වඩා ගත්තොත් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන වාර්තාවට අනුව එය සියලු පිළිකා රෝගීන්ගෙන් 18% කි. වසරකට ලෝක ජනගහනයෙන් 50,000කි. දුම්බීමෙන් පිළිකා රෝගීන් 600,000 ඇතිවේ. වාතය අපිරිසිදු වීමෙන් 250,000ක් රෝගීවේ. මොවුන්ගේ අවංක උත්සාහය පිළිකා තුරන් කිරීම නම් මොවුන් ලංකාවේ පටන් ගත යුත්තේ නිර්මාන්ස වැඩ පිළිවෙලක් නොව දුම්පානය නැවැත්වීමේ වැඩ පිළිවෙලකි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් කොටසකි.
    "The consumption of processed meat was associated with small increases in the risk of cancer in the studies reviewed. In those studies, the risk generally increased with the amount of meat consumed. An analysis of data from 10 studies estimated that every 50 gram portion of processed meat eaten daily increases the risk of colorectal cancer by about 18%.- සම්පූර්ණයෙන් කියවීමට මෙතන ක්ලික් කරන්න. WHO Q&A"

    අපේ රටේ අහිංසක බෞද්ධ ජනතාව හැම් බේකන් කනවා තියා හාල් මැස්සෙක්, කරවල ටිකක් කන්නෙත් අමාරුවෙනි. මොවුන් මේ කරංනාවූ මජර වැඩෙන ගම් වල අහිංසක දෙමාපියන් පොඩි උන්ට හාල් මැස්සෙක් හෝ දීමෙන් වැලකීමට ඉඩ තිබේ. මෙය ඉතාම භයානක තත්වයකි.

    Heme Protein ආහාරයට නොදීමෙන් දරුවන්ගේ ශරීරයේ යකඩ ප්‍රමාණය අඩුවේ. රක්ත හීනතාවය ඇතිවේ. අද ලංකාවේ දරුවන්ගෙන් 90% රක්තහීනතාවෙන් පෙලේ. මවුවරුන්ගෙන් 30% ක් රක්තහීනතාවයෙන් පෙලේ.

    රතු මස් හෙවත් Red Meat ගැනීමෙන් පිළිකා හැදෙන ප්‍රවනතාවය ගැන සාක්ෂි නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහත සමීක්ෂණ වාර්තා කොටස කියවීමෙන් අවභෝද කර ගන්න. "The cancer risk related to the consumption of red meat is more difficult to estimate because the evidence that red meat causes cancer is not as strong. මුළු වාර්තාව මෙතනින් කියවන්න"
  3.   
දරුවෙකු තරම් සම්පතක් අම්මෙකුට මෙලොව තවත් නැත. එම දරුවා නිරෝගී නම් ශරීර සෞඛ්‍යසම්පන්නව වැඩේ නම් අම්මෙකුට තවත් ඊටත් වැඩි සතුටක් තිබේද?. 

එම දරුවාටත් මවටත් මේ ලැබුන මනුෂ්‍යත්වය නැවත සසර පුරාවටම කවදා ලැබේද යන්න කිසිවෙකුටත් කිව නොහැක. මේ ලැබූ මනුෂ්‍යත්වය වටිනාකම මිල මුදලින් රන් රිදියෙන් හෝ කිසිඳු අකාරයකින් මැනිය නොහැකිය. අමිලය. එවන් වූ මනුෂ්‍යත්වයක් ජීවයක් නොමැති මස් කැබැල්ලක සතෙකු දැක, මිත්‍යාවකට හසු වී විනාශ කිරීමට තරම් ඔබ අඥානවන්තද? 

මේ නිර්මල බුදු දහම අම්මෙකුට නීරෝගී දරුවෙකු නැති කිරීමට තරම් අකාරුණික නැත. බුදුදහම කාලය අනුව වෙනස් නොවේ. අකාලිකය. ස්වක්ක්‍යාතය. බුදු දහම ප්‍රාණගාතයත්, මාංස අනුභාවයත් නිවැරදිව තනි ඉරකින් වෙනකොට දක්වා ඇත. කිසිවෙකුට තර්ක කිරීමට ඉඩක් තබා නැත. වැඩිදුර මෙතනින් කියවන්න.  

මේ ලිපිය කියවූ මේ මොහොතේ සිට වෙනස් වන්න. ඔබේ දරුවා කෙට්ටු නම්, නිතර නිතර රෝගී වේනම්, කම්මැලි නම්, අධි ක්‍රියාකාරී නම්, එක දෙයක් දිගට කිරීමට හැකියාවක් නොමැති නම්, හේතුව අවශ්‍ය යකඩ හා ප්‍රෝටීනද විටමින් හා ලවනද දෛනිකව නිසි ප්‍රමාන වලින් නොලැබීමයි. 

ඔබද මෙම NGO රැලේ කතා අසා ඔබ ආහාර රටාව වරද්දාගෙන තිබීමයි. එක සතියක් ආහාර රටාව වෙනස් කර බලන්න. මස්මාලු ඇති තරමට දෙන්න. බිත්තරයක් හෝ දෙකක් දෛනිකව දෙන්න. කරවල හාල්මැස්සන් රසට පිස දෙන්න. මුළු පවුල් පද්දතියටම සුන්දර යුගයක් උදාවනු ඇත.  






Friday, April 22, 2016

පරිස්සම් වන්න...සත්ව අවිහිංසනය නමින් මුදල් තන්හාවෙන් බෞදධයා දුර්වල කරන NGO නඩයක් බුකිය වනසයි...

මේ වනවිට ශ්‍රී ලාංකේය  බෞද්ධයා සෑම අයුරකින්ම විනාශ මුඛය කරා ගෙනයමින් තිබේ. මෙහි මූලික පියවරක් වන්නේ NGO හරහා බෞද්ධයා විවිධ ආකාරයෙන් දුර්වල කිරීමයි. 

බුදුරජානන් වහන්සේටත් වඩා බෞද්ධයන් NGO නඩයක්වූ සත්ව අවිහිංසනය ඉදිරියට දමමින් ශ්‍රී ලාංකේය බෞද්ධයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක නිරත වී සිටී. මේ ලිපිය ලියවෙන්නේ මේ භයානක් උවදුරෙන් බෞද්ධයා බේරා ගැනීම සඳහායි. 

මස් මාළු පරිභෝජනයෙන් බෞද්ධයා මුළුමුනින් ඈත් කොට ශරීරයට යකඩ ලැබෙන මූලිකම ක්‍රමය නැති කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුනයි. ශරීරයට නිවැරදි යකඩ ප්‍රමාණය නොමැති වීම සියලුම රෝග ඇතිවීමට හේතුවයි. යකඩ නොමැති වූ විට රුධිරයේ හිමොග්ලොබින් නැතිවේ. ශරීරයේ සියලුම සෛල වෙත ඔක්සිජන් ගෙනයන්නේ හිමොග්ලොබින් වේ. හිමොග්ලොබින් අඩුවීමෙන් ලිංගික බෙලහීනතාවය අවුරුදු 35න් පසු ඇතිවීම නොවැලැක්විය හැකිය. මස්මාං මාළු පරිභෝජනය වැලක්වීමෙන් අවුරුදු 35න් පසු සිංහල බෞද්ධයාට දරුවන් හැදීමට නොහැකි වනවා පමණක් නොව යම්කිසි අයුරකින් දරුවන් සෑදුවද ඔවුන් දුර්වලයන් වේ. දරුවන්ට ළමයින් නොලැබේ . බෞද්ධ ජන අනුපාතය අඩු කිරීම මෙම NGO නඩයේ මූලික අරමුනයි. 


තවද යකඩ බාහිරව අඩංගු  අනුපූරක (Supplement) බෙහෙත් ආනයනය කරන වෛද්‍යවරු නඩයක් ද බෞද්ධයා දුර්වල කිරීමට NGO මුදල් ලබන වෛද්‍යවරු නාඩයට අමතරව මේ පිටුපසින් සිටීම කනගාටුවට කාරණයකි. 
බුදුරජානන් වහන්සේගේ නිවැරදි ඉගැන්වීම ප්‍රඥාවෙන් අවබෝද කර නොගත් භික්ෂුන් වහ්සේ පිරිසක් ද නොමග යවමින් මොවුන් මෙම ජාවාරම දිගටම කරගෙන යනු ලබයි. 



මෙම NGO නඩය මාංස පරිභෝජනයෙන් පිළිකා හැදෙන බව කියමින් පට්ටපල් කෙබර රසකර ඇදබාමින් සිටී. ඒ සඳහා චීනයේ බෞද්ධයා දුර්වල කිරීම සඳහා ඇමෙරිකානුවන් විසින් කරන ලද බොරු පර්යේෂණ වාර්තාවක් (The China Study) යොදා ගනිමින් සිටී. (මාංස පරිභෝජනයේ අත්‍යාවශ්‍යතාවය පිළිබඳව ඇමෙරිකානුවන් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු රජය මගින්ක රන ලද පර්යේෂණ පසුව උපුටා දක්වේ). දිගු කාලීනව චීනය දුර්වල කිරීමේ මහාචාර්ය කොලින් කැම්බෙල්ගේ භූමිකාව මීළඟ ලිපි වලින් දිගහරිමු.  

සත්ව අවිහිංසාව පිලිබඳ බුදුරජානන් වහන්සේ තරම් කරුණු දැක්වූ ශාස්තෘවරයෙකු මිහිපිට නැත. නමුත් උන්වහන්සේ සත්ව අවිහිංසාව මාංස පරිභෝජනයෙන් මනාව වෙනකොට දැක්වීය. ප්‍රාණඝාතය අකුසලය වීමට කරුණු 5 සම්පූර්ණ වියයුත් බව බුදුරජානන් වහන්සේ නිවැරදිව වදාළහ.


"පාණෝ හවේ පාන සංඥි
වධක චිත්ත මුපක්කමෝ 
තේන ජීවිත නාසෝච
අංගා පංච වදස්සිමේ" 



  1. පණ ඇති සතෙකු වීම
  2. පණ ඇති සතෙකු  බව දැනීම
  3. වද දී මරන සිත
  4. මරන්නට උපායක් සැකසීම
  5. එසේ මරණයට පත් කිරීම 
මාංස භක්ෂණය නුසුදුසු නම් මෙම පියවර හයක් ලෙස දක්වා "න මත්ස්‍ය මාංස පරිභුන්ජන්ති" යනුවෙන් තවත් 6 වෙනි කරුණක් එක් කිරීමට බුදුන්වහසේට හැකියාව තිබුණි. එසේ නොකළේ ලොව පහළවන ඕනෑම සත්වයෙකුගේ මරණය කර්මානුරූපීව සිදුවන බව උන්වහන්සේ පැහැදිලිව දක්නා නිසාවෙනි. 

මිනිසුන් මාංස පරිභෝජනය කරන නිසා සතුන් මැරෙනවායයි මතයක් සනාත කිරීමට මෙම NGO නඩය උත්සාහා කරයි. මෙය ඕනෑම කුඩා දරුවෙකුට වුවද වැටහෙන පුහු තර්කයකි. ඊට හේතුව ලොව ඉපදෙන ඕනෑම සතෙකු මරණයට පත්වේ. පෙර භවයක කරන ලද කර්මයට අනුව මරණයට හෝ හිංසනයට පත්වේ. සතෙකු කෙරෙහි කර්මය පලදීම කිසිවෙකුටත් නතරකල නොහැකිය. ඔබට කල හැක්කේ ප්‍රාණඝාතයට හෝ සත්ව හිංසනයට චේතනාවකින් හෝ සම්බන්ද නොවී සිටීමයි.    

වෙන අයෙකු මරණ ලද සතෙකුගේ මස් කැබැල්ලක් තුල සතෙකු දකින්නෙක් බෞද්ධයෙක් නොවේ. ඔහු පරමත්ත සත්‍යයෙන් බැහැරවුවෙකි.  මිත්‍යා දෘෂ්ටිකයෙකි. පරමත්ත සත්‍ය අනුව ප්‍රාණය නිරුද්ධ වූ විට එම මස් තුල ඇත්තේ 'ආපෝ' 'තේජෝ' 'වායෝ' 'පඨවි'(ඝන,ද්‍රව,වායු හා උෂ්ණත්වය) යන මූලධාතු පමණක් බව ඕනෑම අල්ප දහම් දැනුමක් ඇති බෞද්ධයෙකු උවද දනී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිලිබඳ විස්තර කිරීමේදී "අද්ධිට්ටන්" ලෙස දෘෂ්ටිය නිවැරදි කර ගත යුතු යැයි දේශනා කලේ මෙම ධර්ම කරුණයි. 

ප්‍රාණඝාතය කලේ තමා නොවේ නම් හා ඊට තමාගේ චේතනාව බල නොපවත්වුයේ නම් තමා සත්ව හිංසනයට සහභාගි වී නොමැත. 

නිර්මාන්සය වෘතයකි. වෘත සමාදන්වීම බුදුරජානන් වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කොට තිබේ.  

NGO නාඩයේ ඉන්නා ඊනියා වෛද්‍යවරයා මහාචාර්ය කොලින් කැම්ප්බෙල් ගේ Chaina Study නම් පර්යේෂණයක් උජාරුවට විස්තර කරයි. Chaina Study ග්‍රන්ථයේ එන කොලොස්ටරෝල් 0 ට වඩා වැඩිවන විට සෞඛ්‍යට අහිතරකර බව ( "eating foods that contain any cholesterol above 0 mg is unhealthy") ප්‍රකාශ කර ඇත. නමුත් ඇමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි වන www.health.gov හා www.fda.gov ආයතන පවසන්නේ දෛනික කොලොස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300කට අඩුවෙන් පවත්වාගතයුතු බවයි. විකි පීඩියාවේද මෙය පැහැදිලිව විස්තර කර ඇත. Chaina Study ග්‍රන්ථය චීන ජාතික බෞද්ධයන් විනාශ කිරීමට කරන ලද පට්ටපල් බොරු පර්යේෂණ ග්‍රන්ථයක් බව පැහැදිලි කිරීමට මෙම නිදර්ශනයම ප්‍රමාණවත්ය. ඇමෙරිකානුවන් මෙම China Study ව්‍යාජ පර්යේෂනය සඳහා මුදල් යොදවන්නේ ඔවුනට තර්ජනයක් වූ චීනය දිගු කාලීනව විනාශ කිරීමටය. 

පුරුෂයෙකුට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය මිලිග්‍රෑම් 8 කි. කාන්තාවකට මිලිග්‍රෑම් 16 කි. මෙම අවශ්‍ය යකඩ ප්‍රමාණය ගැනීමට මස් මාළු නොකන ශ්‍රී ලංකේය බෞද්ධයාට ක්‍රමයක් නැත. නිවිති කන්නේ නම් දිනකට නිවිති කිලෝවක් හරකෙකු මෙන් කෑ යුතුය. යකඩ නොමැති වූ විට හැදෙන ලේ පිළිකාව දක්වා වූ දහසක් රෝග අතුරින් අනීමියාව හෙවත් රක්ත හීනතාව නිසා හැදෙන Psoriatic Arthritis රෝගය ඇති භයානකය. මේ හිඟන NGO රැලට මේවට පිළිතුරු නැත. අද ලංකාවේ බහුල මෙම රෝගයේ භයානක කම පහත පින්තුර දැකීමෙන් පැහැදිලිවේ.





  


ශ්‍රී ලංකේය බෞද්ධයින් මේ උවදුර පැහැදිලිව වටහාගත යුතුය. බුදුරජානන් වහන්සේටත් වඩා බෞද්ධවූ අමන NGO රැලෙන් පරෙස්සම් විය යුතුය. 
  


   

Wednesday, February 17, 2016

නිර්මාංස වීම නිසා රෝගීව දුක්විඳින, ලිංගිකව බෙලහීන වීමෙන් දරුවන් නොහදන, හදන දරුවන් ද රෝගීන් කරවන හා අකාලයේ මියයන, විහින් වැනසෙන ශ්‍රී ලංකාවේ අසරණ බෞද්ධයෝ


“නිතර හැදෙන උන සෙම්ප්‍රතික්ශ්‍යාව හා අලස කමේ සිට දරුණු ලේ පිළිකාව දක්වා වූ රෝග රාශියකින් ශ්‍රී ලාංකේය බෞද්ධයා පීඩා විඳී. ඒ වැරදි ආහාර ගැනීමේ ක්‍රම වේදය නිසයි. නිර්මල බුදු දහම වැරදියට වටහා ගැනීම නිසයි. හින්දු කරණය වූ “බුද්ධ ආගම” ඇදහීම නිසයි. මස් මාංස නිවැරදි වර්ග වලින් හා නිවැරදි ප්‍රමාන වලින් අනුභව නොකිරීම නිසයි. මෙම ලිපිය ලියවෙන්නේ ත්‍රිපිටකය ඇසුරිනි. විද්‍යාත්මකව මාංස පරිභෝජනය කල යුතු ආකාරයත් එයින් සියලුම ලෙඩරෝග වලින් ගැලවීමේ මාර්ඝයත් මෙහි සරලව විස්තර කෙරේ. මෙම ලිපිය කියවන බෞද්ධයා තම ආහාර ප්‍රතිපත්තිය නිවැරදි ධර්මාවභෝදයෙන් යුතුව සකස්කර ගෙන නිරෝගී වනවා නියතයි” 
නිර්මාංස වීම වෘතයකි. බුදුරජානන් වහන්සේගෙන් දෙව්දත් වරෙක ඉල්ලා සිටියේ භික්ෂුන් වහන්සේ නිර්මාංස විය යුතු බවට නීතියකි. එය එකහෙලා බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලදී.බෞද්ධයාගේ මූලික අභිප්‍රාය පළමු නිර්වාණය ලැබීම හෙවත් සෝතාපන්න වීමයි. වෘත සමාදන්වීම සෝතාපන්න වීම කෙසේ වෙතත් සෝතාපන්න මාර්ගයට එළඹීමට පවා බදාවකි. එය සීලබ්බත පරාමාසයට අයත්වේ. ත්‍රිපිටකයේ කිසිඳු තැනක මාංස භක්ෂණය තහනම් කොට නැත. ඊට හේතුව නිරෝගී කම පිලිබඳවත් මස් මාංස ආහාර කොට නොගැනීමෙන් ඇතිවන ඵල විපාක පිළිබඳවත් උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් දැන සිටි නියාවෙනි. සංඝයා වහන්සේ වැළඳිය යුතු නවපනීත භෝජන අතරට දියමස් හා ගොඩ මස් ඇතුලත් කරණ ලද්දේ මිනිස් කය නිරෝගීව පවත්වා ගනීමට මස් මාංස අත්‍යාවශ්‍ය නිසාවෙනි. මාංස භක්ෂණය නුසුදුසු නම් සතුන් දස දෙනෙකුගේ මාංස පමණක් මස් පිණිස ආහාරයට නොගන්නා ලෙස නීතියක් බුදුරජානන් වහන්සේ විසින් පනවන්නේ නැත.  

Tuesday, February 16, 2016

මස් මාංස අනුභවය බුදුරජානන් වහන්සේ අනුමත කල බව දැක්වෙන සාක්ෂි


බුදුරජාණන් වහන්සේ මස් මාංස අනුභවය අනුමත කල අවස්තාවන් සුත්‍ර පිටකය විනය පිටකය අටුවා ටීකා හා චීන පොත්පත් වල නොයෙක් තැන් වල තොරතුරු සඳහන් වේ.
  1. අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය,
    "මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ" යනුවෙන් බුදුරදුන්ගේ ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ය  කරන වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනැවිත් පූජා කළේ ය. මේ ආහාර අතර ඩෙබර පල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි.
  2. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය
  3. සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය
  4. මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත
  5. පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය
  6. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය.
  7. සුමංගල විලාසිනි දීඝ නිකාය අටුවාව 
    1. “සුකර මද්දවන්ති නාත් තරුණස්ස නාති ජින්නස්ස ඒක ජෙට්ඨක සුකරස්ස පවත්ත මංසං, තං කිර මුදු ද්වේධ සිනිඬං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචා පෙත්වා'ති අත්ථො.” මෙසේ සුකර මද්දවය යනු ළාබාල නොවූ මහලු නොවූ ඌරකුගේ මස්
  8. උදාන අටුවාව 
  9. මහා වග්ගපාලි භේසජ්ජඛන්ධකය 
    ”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්ධායා උපට්‌ඨහන්තා නාසකංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.”

  10. එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’

    ‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” 

    අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
    මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. 

    ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
  11. මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධකය (සුප්පියා කථා වස්‌තුව)
    ‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.”
    එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය
  12. සංස්කෘත භාෂාවෙන් රචිත චීනයේ මූල සර්වාස්තිවාදීන්ගේ විනය ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත. "භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභොක්තව්‍යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්.’
  13.  

මාංස භෝජනය හා සතුන් මැරීම පටලවා ගත් බෞද්ධයා

මාංස භෝජනයත් ප්‍රාණ ඝාතයත් අද බෞද්ධයාට පැටලී තිබේ. වැඩි දෙනෙක් මත්ස්‍ය මාංස කොතරම් ගුණදායි වූවත් මාංස පරිභෝජනය ප්‍රාණ ඝාතයට හවුල් වීමක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කොටගෙන රෝග වලින් දුක් විඳි. නමුත් මේ මතයේ සිටින බොහෝ දෙනෙක් කරවල උම්බලකඩ මාළු හා කුකුල්මස් ආහාරට ගනී. ඔවුන්ගේ මෙම ප්‍රතිපදාවටද නිවැරදි පදනමක් නැත.   
අද බොහෝ බෞද්ධයින් මහා ප්‍රශ්නයක් කරගෙන රෝගීන් බවට පත්වී තිබෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමට පදනමක් සකස් කර දීම මෙම ලිපියේ අරමුනයි. 
මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු ලෙස දැක්වෙන්නේ එනිසා
  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රයන්හි පැහැදිලිව දැක්වේ. 

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.
කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ විය යුතුයි.
"පාණෝ හවේ පාන සංඥි
වධක චිත්ත මුපක්කමෝ 
තේන ජීවිත නාසෝච
අංගා පංච වදස්සිමේ" 


  1. පණ ඇති සතෙකු වීම
  2. පණ ඇති සතෙකු  බව දැනීම
  3. වද දී මරන සිත
  4. මරන්නට උපායක් සැකසීම
  5. එසේ මරණයට පත් කිරීම 

මෙම අංග පහ සම්පුර්ණ නොවුයේ නම් ප්‍රාණඝාත අකුසල කර්ම පථය සම්පූර්ණ නොවේ. මේ ගැන උදාහරණ ලෙස ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය දැක්විය හැක. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගනනට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. 

නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.

සූකර මද්දවය පිළිගැනීම බුදුන් වහන්සේ මස් මාංස වැළඳු බවට සාක්ෂියකි

චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?
“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” 
යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි 
මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

මස් මාංස කෙසේ වෙතත් දෛනික ආහාරයත් අකුසලයක් කරගන්න අපේ බෞද්ධයෝ

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයටයි.  මත්ස්‍ය මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 
මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.
එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 
මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවිආපෝතේජෝවයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."
ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්ගිහියන්ට උවත්  මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රසවිඳිය යුතුයිනමුත් ඒ රසයට ගිජු නොවීය යුතුයි. තවද ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීමලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.
මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කර බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.



බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා මස් මාංස අනුභව කරයි

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිසඅප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ මත්ස්‍ය මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබේ. මේ ඒ වැනි තවත් අවස්ථාවක්
එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කලසොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කොට එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරයි. 
"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවාඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්සමම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයිඑබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණකි.


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


බුදුන් වහන්සේ නොවදාළ සිල් වෘතයක් රකින මිත්‍යා දෘෂ්ටික Vegetarian බෞද්ධයා

ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය පිලිබඳ බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලයන් වන්නේ පංච ශීලය, උපෝසථ ශීලය, අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලයයි. මින් එකම සීලයකවත් මත්ස්‍ය මාංශ කෑමෙන් වැලකීමට නම් සිල් පදයක් දක්වා නැත. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා ඇත. 
බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දැකිය යුතුයි.
මේ ගැන කතා කිරීමේදී සලකා බැලිය යුතු දෙයක් වන්නේ නිඝන්ඨනාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා යයි කියූ කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් තිබුනේ නැත.
තවද මේ කරුණ ගැන සැලකීමේදී විමසා යුතු සුත්‍රයක් වන්නේ මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටින්නේ එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරන්නේ එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්යමෙක් එය එලෙස වෙයි සිතා එම වෘත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘතඅජ වෘතසුනඛ වෘත වැනිම තවත් වෘතයක් බවයි.





  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම, 
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.



සතුනට මෛත්‍රී කරනවායි සිතා ජීවය නැති මස් කැබැල්ලකට මෛත්‍රී කරන මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා


මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුපවේදනාසංඥාසංකාරවිඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝතේජෝවායෝපඨවිඅවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයිඑම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 
එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූසතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැතදෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූසුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවකි. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම සිත තුල මෛත්‍රිය වැඩිය යුත්තේද තම කය ඇසුරුකොට ගත් නැවත නැවත සසර ගමන සැදීමට දායකවන සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. සතර මහා ධාතු වලට නොවේ.  

මස් කැබැල්ලටකරවලඋම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල නොකරයි. අතේ වහන  මදුරුවා සතෙක් බව නොසිතා ඌ කිසිඳු අනුකම්පාවකින් තොරව මරා දමන බෞද්ධයා මස් කැබැල්ලකට මෛත්‍රී කරයි. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්කුබියෙක් හෝ මරණයට පත්කිරීමට නොහැකියි. එයයි කල යුතු. නැතිව ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලකට එනම් සතර මහා ධාතුවකට තම සිත තුල වැඩවිය යුතු මෛත්‍රිය පැතිරවීමට උත්සාහ දැරීම නොවේ. පැතිරවිය හැක්කේ කරුනාවයි, දයාවයි, ආදරයයි,  මුදිතාවයි.
------------------------------------------------------------------
මස් කැබැල්ලකට මෛත්‍රී කිරීමට තරම් අද ලාංකේය බෞද්ධයා බංකොලොත් වී හමාරය... ලොව ඉපදුන ඕනෑම සත්වයෙක් මරණයට පත්වේ. එය සිදුවන්නේ කර්මානුරූපීවයි. එක්කෝ ස්වාභාවිකව මරණයට පත්වේ. නැතිනම් පෙර කර්මයකට අනුව තෙවෙකෙක් විසින් මරනු ලබයි. කර්ම ඵල විශ්වාස කරන බෞද්ධයා එය දනී. පවත්ත මාන්සයේ සතෙකු නොදකී. කර්ම ඵල විශ්වාස නොකරන්නේ නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ඨියට වැටේ. කිසිඳු ආකාරයකින් නිවන් මගට නොපැමිණේ. බෞද්ධයා කිසිඳු විටෙක සතුන් නොමරයි. නමුත් සතෙකු මැරෙන්නේ කර්මානුරූපීව බව හොඳින් දනී."චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි - කර්මය නම් චේතනාවමයි" බුද්ධ වචනය නිරතරයෙන්ම සිත තුල රඳවා ගනී. තමාගේ චේතනාවකින් තොරව කවුරුන් හෝ විසින් මරණ ලද සතෙකුගේ පවත්ත මාංසය අනුභව කිරීමෙන් කිසිඳු පාපයක් නොවන බව දනී. ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලේ ඇත්තේ ආපෝ තේජෝ වායෝ, පඨවි එනම් ඝන, ද්‍රව, උෂ්ණ හා වායු ස්වාභාවයක් පමණක්ම බව දනී. අල ගෙඩියකත් ඇත්තේ එම මූල ධාතුම බව දනී.  තවද නිර්මල බෞද්ධයා පවින් මුළුමුනින්ම වැළකෙන අතර පිනෙහි අන්තගාමීව නොඇලේ. මේ දෙකම නිවනට බාදාවක් බව දනී. සිත යෝනිසෝමනසිකාරයේ පවත්වා ගනිමින් කුසල් වඩයි. එනම් සිතට එන සෑම සිතුවිල්ලක් දෙසම අවධානය යොමු කරමින්ම සිටී. අකුසල් සිත් බැහැර කරයි. කුසල් සිත් වඩයි. 
------------------------------------------------------------------
                


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.